(අනීෂා මානගේ)
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු පහර දුන් බව කියමින් දෙදරු පියකු බෙලිඅත්ත දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව බෙලිඅත්ත පොලිසිය කියයි.
මෙලෙස රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ බෙලිඅත්ත දෙවැනි විස්කම්පුර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු බව පොලිසිය කියයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට තේරි පත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු යතුරුපැදි හිස්වැසුමකින් තමාට පහර දුන් බව රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයා පැවසීය.
පසුගිය මැතිවරණයේදී එම මන්ත්‍රීවරයා ඉදිරිපත් වූ පක්ෂයට ඡන්දය ලබා නොදීම හේතුවෙන් එයට බැන වැදී තමාට පහරදුන් බවද ඔහු කියයි.
සිද්ධියට අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමට බෙලිඅත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බෙලිඅත්ත ප්‍රා.සබේ මන්ත්‍රීවරයෙකු පහරදුන්නැයි අයෙක් රෝහලේ
vidya Saturday, 16 November 2019 07:55 PM
මේ වැනි මිනිසුන් පත්වෙන ප්‍රාදේශීය සභාව අයින් කල යුතුයි .