IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බේරුවල නල ජලයට කරදිය මුසුවෙලා

(තුසිත කුමාර ද සිල්වා)
 
ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් පාරිභෝගිකයන්ට බෙදාහරින නල ජලයට කරදිය මුසුවීමෙන් බේරුවල නල ජල භාවිත කරන ලක්ෂ ගණනක ජනතාව පීඩාවට පත්ව සිටින බව ජනතාව පවසති.
 
පවතින වියළි කාලගුණික තත්වය හමුවේ වසරකට වරක් දෙවරක් මෙම ගැටලුව මතුවන බව ග්‍රාම නිලධාරීහු කියාසිටිති.
 
බේරුවල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි වසම් 84 ක ලක්ෂ ගණනක ජනතාව, පාසල්, රජයේ හා පෞද්ගලික ආයතන, ආගමික සිද්ධස්ථාන ඇතුළු නල ජල භාවිත කරන සියලුම ආයතනවලට මෙම ගැටලුව බලපාන බව ද ඔවුහු පෙන්වා දෙති.
 
ජාතික ජල සම්පාදන මණ්ඩලය කළුතර කෙත්හේන ජල පොම්පාගාරයේ සිට පානදුර, කළුතර, දොඩංගොඩ, බේරුවල සහ මතුගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල බල ප‍්‍රදේශවලට නල ජලය බෙදා හරියි. එම ජලයට ලවණ මුසුවීමෙන් ගැටලු රැසක් මතුවන බව එම ආයතනවල නිලධාරීහු ද කියති.
 
අද (30) වන විටද නල ජලයට ලවණ මුසුව පැමිණෙන බැවින් ඒ ඒ ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව පානීය ජලය සොයා ග‍්‍රාමීය පෙදෙස්වල ඇති ළිං වෙත යන බවද, එම ළිංවල ජල මට්ටම පහත වැටී ඇති බවද පැවසේ. මෙයට කඩිනම් ලෙස විසඳුම් ලබා දෙන ලෙස ජනතාව වගකිව යුතු අංශවලින් ඉල්ලා සිටිති.
 
බේරුවල ප‍්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා සඳහන් කළේ, රජය මැදිහත් වී ජනතාවට අවශ්‍ය පානීය ජලය බවුසර් මගින් බෙදාහැරීමට සැලසුම් කරමින් සිටින බවයි.
 
කළුතර කෙත්හේන ජල සම්පත් මණ්ඩලය මගින් ජල පාරිභෝගිකයින්ට බෙදා හරිනු ලබන ජලයට මුහුදු වතුර මිශ‍්‍ර වීම මෙයට හේතුව බව කළුතර දිස්ත‍්‍රික් ලේකම් යූ. ඩී. සී. ජයලාල් මහතා පැවසීය.
 
ජාතික ජල සම්පත් මණ්ඩලය, කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය, කළුතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ලවණ මිශ‍්‍ර ජලය තිබෙන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු යන ආයතන ඒකාබද්ධව ඒ ඒ ප‍්‍රදේශවල ජල ටැංකි ස්ථාපිත කර ජලය ලබා දීමට කටයුතු කරන්නැයි අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවද ඔහු කීය.
 



අදහස් (0)

බේරුවල නල ජලයට කරදිය මුසුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site