IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බීමතින් රිය පැදවු රියදුරුට දෙවසරකට බලපත්‍රය අත්හිටුවයි


 
 
ඉන්දිකා රාමනායක
 
බීමතින් අපරික්ෂාකාරී ලෙස මගී බස් රථයක් පැදවීම  සම්බන්ධයෙන් ගල්කිස්ස  මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත් මාර්ග අංක 141 පෞද්ගලික බස් රථ රියදුරයකුට ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත්   සුලෝචනා අබේවික‍්‍රම  මහත්මිය මාස 2 සිරදඬුවමක්  සහ රුපියල් 12,500 ක දඩයක්  නියම කළාය.


මෙම දඬුවමට අමතරව සැකකාර රියදුරුගේ රියදුරු බලපත‍්‍රය වසරක කාලයකට අත්හිටුවීමට ද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළාය.


මෙලෙස දඬුවම් නියම වුයේ නාරාහේන්පිට මාර්ග අංක 141  වැල්ලවත්ත- නාරාහේන්පිට පෞද්ගලික බස් රථය රියදුරකු වු පුනාගල පදිංචි පැටි‍්‍රක් බෙනඩික්  නැමැත්තාටය.


මොහු ඊයේ (30)  පාමංකඩ හංදියේ සිට  මායා වටරවුම මාර්ගයේ ද්විත්ව සුදු ඉර කපාගෙන අපරික්ෂාකාරි ලෙස බස් රථය ධාවනය කරමින් සිටියි  වැල්ලවත්ත පොලිසියේ රථවාහන අංශයේ පොලිස්  කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරු අත්අඩංගුවට ගෙන ස්වසන පරීක්ෂණයට ලක් කිරීමේ දී ඔහු අධික බීමතින්  සිටි බවට අනාවරණය කරගැනීමෙන් පසු බීමතින්  මගී බස් රථයක් පැදවීම,  අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය යන චෝදනා යටතේ වැල්ලවත්ත පොලිසිය සැකකරු ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.



අදහස් (0)

බීමතින් රිය පැදවු රියදුරුට දෙවසරකට බලපත්‍රය අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 28 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site