IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ප්ලාස්ටික් ඇසුරුම් විනාශ කිරිමට හිමිකරුවන්ගෙන් බදු මුදලක් අය කිරිමට යයි

(  ලසන්ත නිරෝෂණ පෙරේරා )

සබරගමුවේ පලාත් පාලන ආයතන  මගින් ප්ලාස්ටික් ඇසුරුම්  විනාශ කිරීම සඳහා එම ප්ලාස්ටික් ඇසුරුම් හිමිකරුවන්ගෙන් බදු මුදලක් අයකරගැනීමට ක්‍රියාකල යුතු යැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (16) සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (16) රත්නපුර කරංගොඩ ගිනිහිරිය ශ්‍රී සිද්ධාර්ථෝදය පිරිවෙන් මහා විද්‍යාලයේදී පැවති ප්‍රාදේශීය  ඩෙංගු මර්දන කමිටුමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා පැවසූවේ, ජල බෝතල්, විවිධ බීම වර්ග, යෝගට්, කිරි හට්ටි ආඳිය සඳහා මෙලෙස ප්ලාස්ටික් ඇසුරුම් බහුල වශයෙන් භාවිතා කරන බවය.

එම ප්ලාස්ටික් ඇසුරුම් නිසා විශාල පරිසර හානියක් මෙන්ම ඩෙංගු වැනි වසංගත රෝග රැසක් රටපුරා ව්‍යාප්ත වන බවද පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසූවේ, මෙම ප්ලාස්ටික් ඇසුරුම් සබරගමුව පළාතට  ගෙන එන සමාගම් හෝ  ආයතන ඒවා යලි පළාතෙන් පිටතට රැගෙන යා යුතු බවය.

එලෙස කටයුතු කල නොහැකි,  නම් එම ප්ලාස්ටික් ඇසුරුම් ප්‍රතිචක්‍රීකරණය සඳහා යම් මුදලක් සබරගමුව පළාතේ පලාත් පාලන ආයතන වෙත ලබාදිය යුතු යැයි ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහිදී පැවසීය.

මෙම ප්ලාස්ටික් ඇසුරුම්  සබරගමුව පළාත පමණක් නොව සාගරයද දූෂණය කරන බැවින් ඊට පිළියම් සෙවීම සියළු දෙනාගේ වගකීමක් මෙන්ම යුතුකමක්ද වන බව හෙතෙම පැවසීය.

මෙම ප්ලාස්ටික් ඇසුරුම්  විනාශ කිරීමට අයකරන මුදල, අළුත් බද්දක් ලෙස වරදවා වටහාගෙන සබරගමුව පළාත් සභාවට අවි එසවීමට කටයුතු නොකරන මෙන්ද තමා  ඉල්ලා සිටින බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහිදී පැවසීය.

සබරගමුව පළාතේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල කේන්ද්‍ර කරගනිමින් ඩෙංගු මර්දන කමිටු ස්ථාපනය කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහිදී සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට නිවිතිගල ප්‍රාදේශීය සභාවේ සභාපති කුලතුංග ලියනගේ, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලිනි ලොකුපෝතාගම , ඇලපාත ප්‍රාදේශීය ලේකම්  එස්.එම්.දිල්රුක් සහ රත්නපුර දිස්ත්‍රික් සහකාර පලාත් පාලන කොමසාරිස් නිශාන්ත සමන් කුමාර යන මහත්ම මහත්මීහූ එක්ව සිටියහ.



අදහස් (2)

ප්ලාස්ටික් ඇසුරුම් විනාශ කිරිමට හිමිකරුවන්ගෙන් බදු මුදලක් අය කිරිමට යයි

චමින්ද Tuesday, 16 June 2020 01:30 PM

පළාත්පාලන ආයතන විසින් ප්ලාස්ටක් හිමිකරුවන්ගෙන් බදු මුදලක් අයකරනවා කියනවිට නිවෙස්වලින් එකතුකරන පොලිතින් හා ප්ලාස්ටක් සදහා මුදලක් ගනීද තියා සි‍තෙනවා. එහෙම වුනොත් දැනටමත් සමහර කාන්තාවන් කරනලෙසට පොලිතින් හා ප්ලාස්ටක් ගෙවතුවලම පුලුස්සාවි. එහෙම වුනොත් කොරෝනාවලටත් වඩා දරුණු ස්වසන රෝග අනාගතයේ ඇතිවෙන්න පුළුවන්. මෑතක සිට අපේ පළාත්පාලන ආයතනය නම් පොලිතින් හා ප්ලාස්ටික් ගෙනයන්නේ නැහැ ඒවාට විසදුමක් දෙන්න. මෙයට ක්‍රමවත් වැඩ සටහනක් සමග ගෙවතු ආශ්‍රයේ පොලිතින් හා ප්ලාස්ටික් පිලිස්සීමත් සම්පූර්ණයෙන් තහනම් නීති සකසන්න.

:       0       0

saman Wednesday, 17 June 2020 02:06 AM

ප්‍රමාද වෙලා හරි කල හොඳ යෝජනාවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site