(සිතුම් චතුරංග)
ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත් පලෙයි රෝහලේ වෛද්‍යවරයා නිදහස් කරන ලෙසට ඉල්ලා පලෙයි ප්‍රදේශවාසීන් හා දේශපාලන නියෝජිතවරු පිරිසක් අද (23) පලෙයි හීදි විරෝධතා පාගමනක නිරතවූහ.
වෛද්‍යවරයාට නිදහස ඉල්ලා පලෙයි රෝහල අසල පැය කිහිපයක් විරෝධතාකරුවෝ උද්ඝෝෂණය කිරීමෙන් පසුව පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පාගමනක නිරතවූහ.
ප්‍රදේශවාසීන් පැවසූයේ පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා මේ වන තෙක් අධිකරණයකට ඉදිරිපත් නොකර ඇති බවයි.
මෙලෙස වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තේ අතුරුදන් කිරීමට උත්සහ කිරීමට ද යන්න සැකයක් මතුව ඇති බවත් ප්‍රදේශවාසීහු පැවසූහ.
වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් පලෙයි රෝහලේ කටයුතු හා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම් ද තාවකාලිකව ඇණහිට තිබේ.
වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව මීට ඉහතදී ද පලෙයි රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.
විරෝධතාකරුවන් විසින් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ලබාදීම සඳහා සකස් කළ සංදේශයක් පලෙයි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් වෙත බාරදෙනු ලැබීය.
පලෙයි ප්‍රදේශවාසීහු, පලෙයි ප්‍රාදේශීය සභා නියෝජිතවරු හා දෙමළ ජාතික සන්ධාන පක්ෂ ක්‍රියාකාරීහු ඇතුළු විශාල පිරිසක් විරෝධතාව සඳහා එක්ව සිටියහ.

2025 නොවැම්බර් මස 21
67
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
166
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1017
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පලෙයි වෛද්‍යවරයා නිදහස් කරන්නැයි ඉල්ලා පාගමනක්
Bamunuarachchi Friday, 23 August 2019 04:06 PM
සූ ගාලා සෙනග දොස්තර බේරගන්න .....
Mangala Saturday, 24 August 2019 10:30 AM
ජාතික ආරක්ෂාවට මෙහෙම අභියෝග කළ හැකිද? කාගේ බලයකින්ද මේවා කරන්නේ ?