පැතුම් දර්ශන
හොරොව්පොතාන අලපත්වැව ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක තිබූ ළිඳකට වැටීමෙන් අලි පැටවුන් දෙදෙනකු මියගොස් තිබේ.
සතියකට පමණ ඉහතදී මෙම ළිඳට වැටී ඇති බව කියන අලි පැටවුන් දෙදෙනා ගොඩ ඒමට නොහැකිව මියගොස් සිරුරු නරක් වී හමාගිය දුර්ගන්ධය හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන පොලිසියට සහ වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබේ.
මෙම පුරාවිද්‍යා භූමිය ආසන්නයේ පිහිටා ඇති වැවකට ජලය බීමට පැමිණ ඇති අලි රංචුවක සිට ඇති මෙම අලි පැටවුන් දෙදෙනා සෙල්ලම් කිරීමට ගොස් මෙම ළිඳට වැටී ඇති බවට වනජීවී නිලධාරීන් සැක කරනු ලබයි.
අඩි හයක් පමණ විශ්කම්භයකින් යුත් අඩි හයක් පමණ ගැඹුරු මෙම ළිඳට වැටීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු එකත් එකහමාරත් පමණ වයසැති පැටවුන් දෙදෙනෙකුය.
අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය කාර්යාලයෙ පශු වෛද්‍යවරයා ඇතුළු නිලධාරීන් විසින් හෙට(01) මිය ගිය අලි පැටවුන් දෙදෙනාගෙ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.


2025 දෙසැම්බර් මස 04
617
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
523
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුරාවිද්‍යා ළිඳකට වැටීමෙන් අලි පැටවුන් දෙදෙනකු මරුට
kumarage Thursday, 30 April 2020 10:50 AM
වනජීවී එකේ අයට පඩි දෙනවා නේද? ඇයි සතියක් ගිහිල්ලත් මේ ගැන හොයාගන්න බැරි උනේ? දවසින් දවස විනාශ වෙන අපේ අලි සම්පත.