(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මතුගම අධිකරණයෙන් වරෙන්තු තුනක් නිකුත් කර තිබූ සැකකරුවකු වන ‘පිඹුරේ ලකී’ නමැත්තා සහ තවත් පුද්ගලයකු අගලවත්ත පුංචි කැලේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි.
පිස්තෝලයක්, බෝර 12 වර්ගයේ ගිනි අවි දෙකක්, ඩබල් බැරල් ගිනි අවියක් සහ පිස්තෝල ගිනි අවියක මැගිසිනයක් ද ඔවුන් සතුව තිබී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
කලුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය ලද තොරතුරකට අනුව දින ගණනාවක් එම ප්‍රදේශයේ පරීක්ෂණ පවත්වමින් කළ සෝදිසියේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
පුද්ගලයන් කිහිපදෙනෙකුට පහරදීම හා නීතිවිරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් පිඹුරේ ලකී නමැත්තාට එරෙහිව මතුගම අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd