අනීෂා මානගේ
වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම හා පුද්ගල ඝාතනයකට අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් දෙදෙනෙකු තංගල්ල කොට්ඨාස අපරාධ අංශය හා තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (02) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට පත්වූයේ තංගල්ල පට්ටිපොල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙක් හා රන්න වීගමුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකි.
තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේදී ඉකුත්දා (23) වාහන සේදුම් ස්ථානයකදී එම සේවා ස්ථානයේ හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd