හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රෝවන් පෙරේරා
පුත්තලම ප්‍රාදේශීය සභාවේ සැසිවාරයට සහභාගී වීම සඳහා ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා අද බන්ධනාගාර නිළධාරින්ගේ ආරක්ෂාව මැද රැගෙන ආවේය.
2010 වසරේ ජනවාරි 16 දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මදුරන්කුලියේ පැවති රැළියකට සහභාගිවෙමින් සිටි ආධාරකරුවන් පිරිසකට කළ වෙඩි තැබීමකින් එක් අයකු මරණයට පත්වීමේ නඩුවේ ප්‍රධාන සැකකරු අංජන සඳරුවන් මහතාය.
නඩුවේ ඇප කොන්දෙසි උල්ලංඝණය කරමින් පසුගිය 10 දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඉන්දුනිසියාවේ පැවති විශේෂ සමුළුවකට සහභාගිවීමට පිටත්ව යද්දි ගුවන් තොටුපොළ පොලිසිය සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුනී. ඒ අනුව නඩුව අවසන්වන තුරු සැකකරු රිමාන්ඩ් බාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.
එසේ බන්ධනාගාරව සිටින සභාපතිවරයා අද බන්ධනාගාරයේ සිට බන්ධනාගාර නිළධාරින්ගේ ආරක්ෂාව යටතේ සභා සැසියට රැගෙන ආවේ බන්ධනාගාර බස්රියෙනි.
සැසි වාරය සවස හයට පමන අවසන් වූ පසු සභාපතිවරයා යළි බන්ධනාගාරයට රැගෙන යද්දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඔහු වැළඳගෙන කණගාටුව ප්‍රකාශ කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයටත් තනතුරු වල ඉන්න පුළුවන් නීති හදන අයටත් , මෙයාලට ඡන්දේ දෙන මෝඩයන්ටත් කවද මොලේ පෑදෙයිද දන්නේ නෑ.......