( එච්. චන්දන )
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් පුත්තලම නගර සභාවට තේරී පත්වූ ප්‍රථම මුස්ලිම් මන්ත්‍රීවරිය වන මොහොමඩ් ඉල්යාස් ජෙමිනා කමුර්දීන් මහත්මිය අද (25) දිවුරුම් දුන්නාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ඉල්යාස් මහතාගේ දියණිය වන ඇය හිටපු පළාත් සභා මන්ත්‍රී නිතිඥ මොහොමඩ් කමුර්දීන් මහතාගේ භාර්යාවද වේ.
කොළඹ බම්බලපිටිය මුස්ලිම් කාන්තා විද්‍යාලයේ අධ්‍යාපන හදාරා ඇති ඇය ගුරුවරියක් ලෙස කටයුතු කර ඇත.
දිවුරුම් දීමෙන් අනතුරුව පුත්තලම ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අතින් ඇය සිය පත්වීමේ ලිපිය භාරගත්තාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd