රංජිත් රාජපක්ෂ
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව සමග වටවල දියගල ප්‍රදේශයේ නිවසක් මතට විශාල ගලක් පෙරැලිමෙන් නිවසට දැඩි අලාභ හානි සිදු වි ඇති බව වටවල පොලිසිය පැවසිය.
අද(16) දින අලුයම 2 ට පමණ නිවසට ඉහලින් පිහිටි විශාල ගලක් ගැලවි නිවසේ නිදන කාමරයක් මතට වැටි එම කාමරයට දැඩි අලාභ හානි සිදු වි ඇත.
ගල පෙරලෙන අවස්ථාවේ නිවසේ පදිංචිකරුවන් එම නිවසේම වෙනත් නිදන කාමරයක නිදා සිටි නිසා ඔහුන්ට අනතුරක් සිදු වි නොමැත.
පවතින අවදානම මත එම නිවසේ පදිංචිකරුවන් තාවකාලිකව ඔහුන්ගේ ඥාති නිවාස වල පදිංචිකල බව වටවල පොලිසිය පැවසිය.
මේ අතර වටවල ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මහවැලි ගගට ජලය ගලා බසිනා හැටන් ඔයේ ජල මට්ටම ඉහල යාමත් සමග වටවල දොතුළුඇල්ලේ ජල පහර වැඩි වි ඇත.
පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග හැටන් නුවරඑලිය , හැටන් කොළඹ ප්‍රධාන මාර්ග වලට සහ අතුරු ප්‍රධාන මාර්ගවලට පස් කදු කඩා වැටිමේ අවදානමක් පවතින නිසා මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුන්ගෙන් ඉල්ලා සිටියි.



2025 දෙසැම්බර් මස 18
653
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවසකට ගලක් පෙරැලෙයි : පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථානයකට