
(ක.ග කරුණාරත්න)
මාලදිවයිනේ සිට මෙරටට පැමිණ පොලොන්නරුව , අරලගංවිල , දම්මින්න ප්‍රදේශයේ පිහිටුවා තිබෙන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අනවසරයෙන් පිටතට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී එම පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඩබ්ලිව් කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා අද (24) පැවැසීය.
ඒ අනුව එම පුද්ගලයා වැලිකන්ද කොවිඩ් - 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඔහුගේ සීමීපතමයන් සිය නිවෙස්වල ස්වයං නිරෝධායන සඳහා යොමුකර කර ඇතැයිද ඒ මහතා කීය.
මෙම පුද්ගලයා අවස්ථා දෙකකදී මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටතට පැමිණ ඇති බවත් එසේ පැමිණ ත්‍රීරෝද රථයෙකින් ගොස් මත්පැන් අලෙවි සැලකට පැමිණ මත්පැන් පානය කර තිබෙන බවත් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
එම ස්ථානයේ සේවකයන් තිදෙනෙකු , ත්‍රීරෝද රථයේ රියැදුරුගේ පවුලේ සාමාජිකයන් 04 දෙනෙකු සහ මොහු ආ ගිය තැන් ලෙස හඳුනාගත් වෙළඳසැල් දෙකක පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළුව 09 දෙනෙකු මෙලෙස නිරෝධායනයට යොමු කර ඇති බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඩබ්ලිව් කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා පැවසීය.
මීට අමතරව එම පුද්ගලයා සමීපව ඇසුරු කළ තවත් පුද්ගලයන් තවත් සිටීද යන්න සොයා පොලීසිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව මගින් විමර්ශන සිදුකරන බව ද වෛද්‍ය කුමාරවංශ මහතා ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
896
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නිරෝධායනය මධ්‍යස්ථානයකින් පලා ගිය අයෙකු අල්ලාගනී