(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
රුපියල් 3,60,000ක් පමණ වටිනා විදේශීය මුදල් සහිත පසුම්බියක් ත්‍රිරෝද රථයේ තිබී අයිතිකාර විදේශිකයා රැඳී සිටින හෝටලයටම ගොස් විදේශිකයාට ලබාදුන් ආදර්ශමත් ත්‍රිරෝද රථ රියැදුරකු ඊයේ (02) රාත්‍රියේ දඹුල්ල නගරයේදී අපට හමුවිණි. ඔහු නමින් සුනිල් ශාන්ත මහතාය.
ඉතාලි ජාතිකයෙකු ක්ලුකස් නැමැති සංචාරකයකු ඊයේ (02) පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයට පැමිණ සීගිරි - දඹුලු සංචාරය කොට දඹුල්ල නගරයේ ත්‍රිරෝද රථයකට නැග ලැගුම්හලට හා රාත්‍රී ආහාර ගැනීමට ගමන්කර තිබේ.
ඒ දඹුල්ල නගර මධ්‍යයේ ත්‍රිරෝද රථ රියදුරෙකු වූ සුනිල් ශාන්ත මහතාගේ ත්‍රිරෝද රථයෙන් මෙම විදේශිකයා ගමන් අවශ්‍යතා සපුරා දී සුනිල් මහතා සිය නිවසට ගොස් පැයක පමණ කාලයක් ගත කිරීමෙන් පසු නැවතත් රාත්‍රියේ දඹුල්ල නගරයට පැමිණ ඇත්තේ සිය නිවසට අවැසි බඩුමුට්ටු ලබාගැනීම සඳහාය.
පසුව ඔහු ඉන්ධන පිරවුම් හලකට යන අවස්ථාවේදී සිය ත්‍රීරෝද රථයේ ඇතුළත බිම මෙම මුදල් පසුම්බිය වැටී තිබෙනු දැක ඇත.
මෙම මුදල් පසුම්බිය අතට ගෙන විවෘත කර බැලූ ඔහු දැක ඇත්තේ විදේශීය මුදල් නෝට්ටු රැසකි. එහි යූරෝ මුදල් නෝට්ටු විය. වටිනාකම රුපියල් 3,60,000 කට ආසන්න මුදලක් බව ත්‍රීරෝද රථ රියදුරු කීවේය.
පසුව මෙම මුදල් පසුම්බිය තමා සමග පස්වරුවේ ගමන් කළ විදේශිකයාගේ විය යුතු යැයි සැක සිතූ ඔහු විදේශිකයා රැඳී සිටි ලැගුම්හලට ගියේය.
එවිට ලැගුම්හලේද ගේට්ටු වසා දමාතබිණි. සංචාරක ලැගුම්හලේ අයිතිකරුට කතාකොට විදේශිකයා ලැගුම් ගෙන සිටින කාමරයට ගොස් ඔහුට කතා කොට මුදල් පසුම්බිය සුනිල් ශාන්ත මහතා පෙන්වීය.
එ වනවිටද තම මුදල් පසුම්බිය නොමැති බව ඔහු නොදැන සිටීයේය. දැඩි විමතියට පත්වූ ඔහු ඉතාලි ජාතිකයා ත්‍රිරෝද රථ රියදුරු සුනිල් ශාන්ත මහතාට සිය ස්තුතිය, කෘතඥතාවය පළකළේය.
ලුකස් නම් වූ මෙම ඉතාලි ජාතිකයා කීවේ තමා සතුව තිබූ සම්පූර්ණ මුදල තිබුණු බව පරික්ෂා කිරීමෙන් සහතික කළේය. තමා මෙදින කොළඹට පැමිණ මුදලක් ලංකා මුදල් කරගෙන එම මුදල වියදම් කළද තමන් එමරටින් රැගෙන ආ මුදල් මාරු නොකොට ළඟ තබාගෙන සිටි බව කිවේය. මෙම මුදල් අහිමි වූයේ නම් තමාගේ නිවාඩුව සිහිනයක් වන බව හෙතෙම සුනිල් ශාන්ත මහතා වැළඳගනිමින් කීවේය.
මෙම සංචාරක නිවාඩු නිකේතන හිමිකරු ද කියා සිටියේ ත්‍රිරෝද රථ රියදුරෙකු සිදුකළ මේ ක්‍රියාව අගය කළයුතු බවයි.

2025 දෙසැම්බර් මස 04
619
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
525
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නැතිවූ මුදල් පසුම්බිය විදේශිකයා අතටම බාරදෙයි
wimal Saturday, 03 August 2019 05:38 AM
ලංකාවේ සියලුම ත්‍රීවිල් රියදුරුලා මෙහෙම තමයි. දුප්පත් උනාට හිත පිරිසිදුයි. මේක අපේ රටටම උපහාරයක්.