රොමේෂ් මධුෂංඛ
මුලතිව් මුහුදේ තහනම් ධීවර කටයුතු නවත්වන ලෙස ඉල්ලා මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලයට කඩා වැදුණු ධීවරයින් එහි දේපල වලට දැඩි අලාභ හානි සිදු කළ මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත්තේ දේශපාලන බලාධිකාරිය නිසා දැයි ධීවර පරික්ෂක කාර්යාල නිලධරයෝ කියති.
මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූ ධීවරයින් අවසානයේ ධීවර පරික්ෂක කාර්යාලයට කඩා වැදී එම කාර්යාලයේ දේපල වලට ද දැඩි හානි සිදු කර තිබූ අතරම උද්ඝෝෂකයින් සමඟ දේශපාලඥයින් පිරිසක්ද සහභාගී වී සිටි පැවති උණුසම් තත්වය පාලනය කිරීම සඳහා මුලතිව් පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබිණි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ති ශ්‍රී ස්කන්දරාසා සහ ටී.රවිහරන් යන අය ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයේ නිරත වූ ධීවරයින් පොලිස් බාධා කිරීම් ද නොතකමින් ධීවර පරික්ෂක කාර්යාලයේ දොරටුව සහ වැට කඩා කාර්යාලයට ඇතුළු වී ගල් මුල් ප්‍රහාර එල්ල කළ අතරම කාර්යාලයේ දේපල වලට දැඩි හානි සිදු වුවද මෙතෙක් එම හානිය පිළිබඳව කිසිදු පියවරක් ගොන නොමැත.
කෙසේ වෙතත් ධීවර ගැටලුවට විසඳුමක් වශයෙන් ධීවර අමාත්‍යාංශයෙන් ගැටලුව පිළිබඳව සොයා විසඳුමක් ලබා දීම සඳහා 10 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇත.



2025 දෙසැම්බර් මස 04
194
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
376
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ධීවරයන්ගේ පහරදීම් වලින් ධීවර පරික්ෂක කාර්යාලයට හානි