IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දාපනේ මාර්ගයක නවීකරණ කටයුතු ප්‍රමිතියෙන් කරන්නැයි ඉල්ලති


අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
 
රජයේ මුදල් කොන්ත්‍රාත්කරුවන්ට ගසා කන්නට ඉඩ නොදී දාපනේ දොරපනේ මාර්ගයේ නවීකරණ කටයුතු ප්‍රමිතියකින් යුතුව සිදුකරන්නැයි ගම්වාසීහු ඉල්ලා සිටිති.


සබරගමුව පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ රුපියල් හැටතුන් ලක්‍ෂ තිස් හතර දහසක පමණ ප්‍රතිපාදන මත මාර්ගයේ කිලෝමීරටක දුරක් ප්‍රතිසංස්කරණය සඳහා වෙන් කළ මුදල කිසිදු ප්‍රමිතියකින් තොරව සහ රජයේ නිලධාරීන්ගේ අධීක්‍ෂණයකින් තොරව සිදු කෙරෙන බව ඔවුහු පවසති.


දොරපනේ හරහා ඇඹිලිපිටිය ඌරුබොක්ක පාරත්, කොලොන්න ඌරුබොක්ක පාරත් යාකරන මෙම මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝමීටර දෙකක් පමණ වේ. 


මෙම මාර්ගය දාපනේ, දොරපනේ, දඩයම්කන්ද, බටහෙන්කන්ද වැනි ගම්මාන රැසක දහස් ගණනක් ජනයා දිනපතා භාවිත කරන්නකි. 


මෙතරම් විශාල මුදලක් වැය කළද මෙම මාර්ගයෙන් වැඩිදියුණු කරන්නේ කිලෝ මීටරයක දුරක් පමණි. 


සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ නිර්දේශ මත මෙම මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරන ලද්දේ සැප්තැම්බර් 5 වැනි දාය. 


නිසි ප්‍රමිතියකින් තොරව පැරණි තාර තට්ටුව උඩ ගල් එළා මහ වැස්සේ තාර වත්කරමින් සිදුකරන අලුත්වැඩියා කටයුතු සඳහා ජනතා විරෝධය එල්ලවීම නිසා  ඊයේ (23) බලධාරීන් පැමිණෙන තුරු ඒවා නතර කිරීමට කොන්ත්‍රාත්කාර සමාගමේ සේවකයන්ට සිදුවිය.


කොළොන්න ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉඳුනිල් රාජපක්‍ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) මෙසේ කීය.


“අද මේ මහ වැස්සේ තාර දානවා. තියන තාරපාර උඩ මඩත් එක්ක ගල්දාලා ගල් රෝලෙන් තලලා ඒ උඩින් තාර වක්කරනවා. එහෙම දාපු තාර තට්ටුව අතින් ගලවන්න පුලුවන්. මේ වැඩේ අධීක්‍ෂණය කරන්න කිසිම රාජ්‍ය නිලධාරියෙක් නෑ. මේ විදියට මහජන මුදල් ගසා කන්න ඉඩ දෙන්න එපා කියලා මම බලධාරීන්ගෙන් ඉල්ලනවා”



අදහස් (1)

දාපනේ මාර්ගයක නවීකරණ කටයුතු ප්‍රමිතියෙන් කරන්නැයි ඉල්ලති

kalpa Monday, 05 November 2018 12:06 PM

අපේ අත්දැකීමට අනුව නම් මෙහෙම වෙන්නේ ව්‍යාපෘති සඳහා මුදල් ලැබෙන්නේ ඔක්තෝබර් හා නොවැම්බර් මාස වල නිසා එම කාලය මේ ප්‍රදේශයට වැස්ස පවතිනවා. ( අයං වස්සාන කාලෝ) වැස්ස තිබුනත් වසර අවසානයට පෙර අවසන් කිරීමට කඩිනමින් වැඩකිරීම මෙයට හේතුවක්. මෙම මුදල් වර්ෂයේ මැදදී දෙනවනම් මෙහෙම වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site