(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර කහංගම කොස්ගලවත්ත ප්‍රදේශයේදී දිනක් වයසැති බිලිඳියක් වළදැමූ 18 හැවිරිදි කාන්තාවක් අද (8) අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය පැවසීය.
ප්‍රදේශවාසීන් බිලිඳිය ගොඩගෙන පොලිසියට දැනුම්දීමෙන් පසු සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
අනියම් සම්බන්ධයක් හේතුවෙන් ගැබ්ගෙන මෙම දරුප්‍රසූතිය සිදුවූ බව එම කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බව පොලිස් කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක් පැවසුවාය.
මේ වනවිට මෙම බිළිඳිය රත්නපුර ශික්‍ෂණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd