IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ටී.එන්.ඒ සාකච්ඡාවක් තීරණයකින් තොරව අවසන්

(එෆ්.අස්ලම්)

ඉදිරි මහ මැතිවරණයේ දී ආසන බෙදා වෙන්කර ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහ හවුල්කාර පක්ෂ අතර යාපනයේ දී පැවති සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වී තිබේ.

මේ සම්බන්ධයෙන් කිසිඳු එකඟත්වයක් හෝ තීරණයක් ගෙන නොමැති හෙයින් ලබන 03 වැනිදා කොළඹදී යළි රැස්වීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ලංකාදීපයට පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ ඉලංගයි තමිල් අරසු කච්චි,ප්ලොට් සහ ටෙලෝ යන පක්ෂ ත්‍රිත්වයේ නායකයින් වන මාවෙයි සේනාධිරාජා,ධර්මලිංගම් සිද්ධාර්ථන්,සෙල්වම් අඩෙයිකලනාදන් සහ එම්.ඒ.සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරි මහ මැතිවරණයේ ආසන බෙදීම සහ තවත් වැදගත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් (27) වැනිදා යාපනයේ පිහිටි ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී පක්ෂ ත්‍රිත්වය අතර  ආසන බෙදීම පිළිබඳ තීරණය තවදුරටත් සලකා බලමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පැමිණි විගස කොලඹ දී යළි රැස්වී තීරණය කිරීමට පක්ෂ ත්‍රිත්වයේම එකඟත්වය පලවී තිබිණි.

පෞද්ගලික කටයුත්තක් සඳහා සම්බන්ධන් මහතා ඉන්දියාවේ ගොස් සිටින හෙයින් (27) පැවති සාකච්ඡාවට ඔහු පැමිණ සිටියේ නැත.

එමෙන්ම උතුරු නැගෙනහිරට අමතරව එම පළාත්වල දෙමළ ජනතාව වෙසෙන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් තරග වැදීම පිළිබඳවද මෙහිදී යෝජනා වී ඇති අතර ඒ පිළිබඳවද  තවදුරටත්  සලකා බැලීමට මෙහිදී තීරණය වී ඇත.

එසේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වලින් දෙමළ ජාතික සන්ධානය තරග වදින්නේ නම් එම දිස්ත්‍රික්වලින් තරග කරන වෙනත් දමිළ සුළුපක්ෂ හා ඝට්ටන ඇති විය හැකි බවද මෙහිදි අදහස් වී තිබේ.

මේ අනුව තීරණයකින් තොරව අවසන් වූ දෙමළ ජාතික සන්ධාන පක්ෂ නායක සාකච්ඡාව ලබන 03 වැනිදා කොළඹදී යළි රැස්වීමට නියමිතය.

 



අදහස් (0)

ටී.එන්.ඒ සාකච්ඡාවක් තීරණයකින් තොරව අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 587 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 502 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 428 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site