IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගව සොරකමේ ගිය 6 ක් අත්අඩංගුවට

(කේ. බුද්ධික කුමාරසිරි)

පාදුක්ක පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක ඉඩම්වල ගැට ගසා සිටි ගවයින් සොරකම් කර මසට විකුණා තිබූ බව කියන පුද්ගලයින් සයදෙනෙකු සහ එම සොරකම් සඳහා යොදා ගත් බව කියන වාහන තුනක් අද (8) අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.

පාදුක්ක පොලිසියට ලැබී තිබූ පැමිණිලි කිහිපයක් පිළිබඳව පරීක්ෂණ කරමින් සිටි අතරතුර මාදුලාව ප්‍රදේශයේ ගවයන් අහිමි වූ ගව හිමියකුට ලැබුණු තොරතුරක් මත කළ පරීක්ෂණයේදී තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

මෙම ගව සොරකම් සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු හදුනාගෙන ඇති බවත් එම සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් පාදුක්ක පොලිසියේ උසස් නිලධාරියෙක් කීය.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ වාහන හෝමාගම සහ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

ගව සොරකමේ ගිය 6 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site