IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගලේවෙල දුරකතන අලෙවිසැලක් කොල්ලකාලා

(කාංචන කුමාර ආරියදාස)
 
ගලේවෙල නගරයේ පිහිටි දුරකතන අලෙවිසැලකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු එහි තිබූ වටිනා ජංගම දුරකථන සහ තවත් භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.                  

ජංගම දුරකථන සහ භාණ්ඩ සොරා ගන්නා ආකාරය වෙළඳසැල තුළ සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇතැයි ගලේවෙල පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.                                                 

මෙම පුද්ගලයන් දෙදෙනා වෙළඳසැලේ පිටුපස දොර කඩා ඇතුළු වී තිබේ.   
                    
මෙ දිනවල ගලේවෙල,දඹුල්ල ආදී ප්‍රදේශවල නිවෙස් සහ වෙළඳසැල්වල  භාණ්ඩ හා මුදල් සොරා ගැනීමේ සිදුවීම් වාර්තා වන බවද පොලිස් ස්ථානාධිපතිවරු පවසති.     
                              
මත් කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයන් මෙයාකාරයෙන් වෙළඳසැල්වලට ඇතුළු වන බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවත්  මත්කුඩු අලෙවිකරණ පිරිස මත්කුඩු මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම සොරකම් සිදුවන බව ද පොලිසිය කියයි.                           

මෙම ඡායාරූපවල දර්ශනය වන පුද්ගලයන් පිළිබඳව තොරතුරක් වෙතොත් ළගම ඇති පොලිසියට දැනුම් දෙන ලෙසද ගලේවෙල පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
 

 



අදහස් (0)

ගලේවෙල දුරකතන අලෙවිසැලක් කොල්ලකාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 165 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 151 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site