(ක.ග.කරුණාරත්න )
කුඹුරට යන බව පවසා පෙරදින රාත‍්‍රියේ සිය නිවෙසින් පිටව ගිය 60 හැවිරිදි එක්දරු පියෙකුගේ මළසිරුර මැදිරිගිරිය,5ඇල ප‍්‍රදේශයේ වාරි ඇළක තිබී අද(10) හමුවූ බව මැදිරිගිරිය පොලීසිය කියයි.
එසේ මිය ගොස් ඇත්තේ මැදිරිගිරිය,චෛත්‍ය පාර,අංක 64/2 ලිපිනයේ පදිංචිව සිටි හේනකරාළලාගේ විජේරත්න(60) යන අයයි.
එම පුද්ගලයා ගමන් ගත් බව කියන යතුරු පැදිය ඔහුගේ මළසිරුර හමුවූ ස්ථානයට ආසන්නයේ තිබූ බවද පොලීසිය සඳහන් කලේය.
මේ මරණය සම්බන්‍ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය අද(10) පැවැත්වීමට නියමිත බව විමර්ශණ සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
මැදිරිගිරිය පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd