(ලලිත් නවරත්න)
හලාවත - පුත්තලම මාර්ගයේ, ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව සහ සත්ව හිංසනය වන අයුරින් එළුවන් 30දෙනෙකු ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(10) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කල්පිටියේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.
කල්පිටියේ සිට කොළඹ දක්වා, නියමිත ප්‍රමාණයට වඩා එළුවන් සංඛ්‍යාවක් ලොරියේ පටවා තිබූ බව පොලිසිය කියයි.
ලොරිය සහ එළුවන් පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනිච්චං! එළුවන්ට තියන හිංසනය වැළැක්වීමේ අයිතිය පුද්ගලික බස් රථ වල ගමන් කරන මගීන්ටත් බලපාන ලෙස ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවා !
සත්ව හිංසනය, සියලුම සත්වයන්ට එකම නීතියක් විය යුතුයි. ගිරවා, පරවියා යනාදි සත්වයන් ගෙවල් වල ඇති කිරීම් තහනම් කල යුතුයි. මා ලඟකදී දුටුවා ගිරා කූඩුවක්. එදා වැසි දවසක් කූඩුවෙ ඇතුලෙ 50% තෙමෙනවා කෑමත් හරියට නෑ. ගිරවා සීතලට වෙව්ල වෙව්ල සිටියා.
අනේ මේවගේ පව්කාර ජාතියකනේ අපි ඉපදිලා ඉන්නේ. මේ සත්තු ජීවත්වෙන්න ආස නැද්ද ? නැත්නම් මිනිසා මෙතරම් කුරිරුයිද ?