IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උපාධිධාරීන්ට ගුරුපත්වීම් ඉල්ලා අල්ලස් දෙන බවට පැමිණිලි

(දයාරත්න ඇඹෝගම)
 
උතුරු මැද පාසල් සඳහා උපාධිධාරී ගුරු පත්වීම් ලබාදීමට පළාතේ දේශපාලනඥයන්ගේ සහාය ලබන තැරව්කරුවන් පිරිසක් විසින් මුදල් ලබාගන්නා බවට තම සංගමයට පැමිණිලි රැසක් ලැබී ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.
 
උතුරු මැද පළාතේ පාසල්වල  ප්‍රථාමික, විද්‍යා, ගණිත සහ තාක්ෂණ යන විෂයන් ඉගැන්වීම සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට  පසුගිය මැයි මාසයේ  තරග විභාගයක් පවත්වා තිබුණි.
 
මේ සදහා උතුරු මැද පළාතේ උපාධිධාරීන් 5,000කට ආසන්න පිරිසක් පෙනී සිට ඇත. ප්‍රථාමික, විද්‍යා, ගණිත සහ තාක්ෂණ යන විෂයන් ඉගැන්වීමට උපාධිධාරී ගුරුවරුන් 980 දෙනෙකු බඳවා ගැනීමට භාණ්ඩාගාරයේ අනුමැතියද මේවන විට ලැබී තිබේ.
 
ඒ අනුව අදාළ ගුරු පුරප්පාඩු පිරවීම සඳහා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සම්මුඛ පරීක්ෂණ වෙනුවෙන් මෙම තරග විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත් පිරිස කැඳවා ඇත.
 
ඒ අතර ජාවාරම්කරුවන් මෙම ගුරු පත්වීම් ලබාදීම සඳහා මුදල් ලබා ගැනීමේ ජාවාරමක නිරතව සිටින බවද ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද(19) මෙසේ පැවසීය.
 
“උතුරු මැද පළාතේ පාසල්වල පවතින ප්‍රාථමික ගුරු හිඟය පියවීම සඳහා මේ වතාවේ බඳවා ගන්නේ ගුරුවරුන් 125 යි. ඒ සඳහා විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත් උපාධිධාරීන් 250 සම්මුඛ පරීක්ෂණයට කැඳවලා තිබෙනවා.
 

මීට අමතරව විද්‍යා,ගණිත,තාක්ෂණ විෂයන් ඉගැන්වීමට උපාධිධාරීන් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. මෙම විෂයන්වල පුරප්පාඩු රැසක් තිබුනත් ඉල්ලුම්කරුවන් නැහැ.ඒ නිසා සුදුසුකම් සැපිරූ සියල්ලන්ටම පත්වීම් ලබා දෙනවා.
 
එසේ තිබියදී සමහර දේශපාලඥයන්ගේ තැරැව්කරුවෝ මේ අයට පත්වීම් ලබාදීමට එක් අයෙකුගෙන් රුපියල් පනස්දහසක්, හැට දහසක් ලබාගන්නා බවට විශාල පැමිණිලි සංඛ්‍යාවක් අපේ ගුරු සංගමයට ලැබිලා තිබෙනවා.
 
මේ සම්බන්ධයෙන් අපි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාටත් පැමිණිලි කොට තිබෙනවා. තරග විභාගයට ඉදිරිපත්වී වැඩි ලකුණු ලබාගත් අයට හැරෙන්ට අඩු ලකුණු ලාභීන්ට මෙම පත්වීම් ලබාදීමේ කිසිම නිති පදනමක් නැහැ. ඒ නිසා මෙම තැරව්කරුවන්ට මුදල් ලබා නොදෙන ලෙස අපි සියලුම උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා”
 
කිසියම් හේතුවකින් නොසුදුස්සන්ට මෙම උපාධිධාරී ගුරු පත්වීම් ලබාදුනහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
 



අදහස් (0)

උපාධිධාරීන්ට ගුරුපත්වීම් ඉල්ලා අල්ලස් දෙන බවට පැමිණිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site