IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉරණමඩු ජලාශයේ වාන් දොරටු දෙකක් යළි විවෘත කරයි

( රොමේෂ් මධුෂංඛ)
 
කිලිනොච්චිය දිස්ත්‍රික්කයට නැවතත් වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමට සිදු වූ බවට වාරිමාර්ග නිලධාරීහූ පැවසූහ.
 
කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට පසුගිය දින දෙක තුළද වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ ජල මට්ටම අඩි 35 අඟල් 10 ක් දක්වා වැඩි වීම හේතුවෙන් වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් විවෘත කිරීමට පියවර ගත් බවටද කිලිනොච්චිය වාරිමාර්ග නිලධාරී කාර්යාලය පවසයි.
 
 මේ මස 06 වනදා ඉරණමඩු ජලාශයේ වාන් දැමීම ආරම්භ වූ අතර එහිදී වාන් දොරටු 14ක් විවෘත කිරීමට සිදුවීමෙන් කිලිනොච්චියේ ජනතාව 20,000 කට අධික ප්‍රමාණයක් විපතට පත් වූ අතර නැවතත් වාන් දොරටු විවෘත වීම හේතුවෙන් පහත් බිම්හි සිටින ජනතාවට ප්‍රෙව්ශමෙන් සිටින ලෙසට කිලිනොච්චිය ආපදාකලමනාකරන කාර්යාලය විසින් දැනුම් දී ඇත.


 



අදහස් (0)

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු දෙකක් යළි විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site