IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ඇඹිලිපිටිය - රත්නපුර බස් වර්ජනයක්

(අජිත්ලාල් ශාන්තඋදය සහ අරුණ එස් හේරත්)
 
ඇඹිලිපිටිය - රත්නපුර මාර්ගයේ පෞද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරු අද (16) අලුයම සිට වැඩවර්ජනයක නිරතවීම හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.

කහවත්ත රත්නපුර බස් සේවකයෝද වර්ජනයට එක්ව සිටියහ.

බස් රථ නොමැතිවීම හේතුවෙන් අතරමග නැවතුම්පොළවල මගීන් විශාල වශයෙන් රැඳී සිටිනු දැක ගත හැකිවිය.

මෙම බස් සේවක වර්ජනය කලින් දැනුම්දීමකින් තොරව කළ එකක් බව සබරගමු මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී දමිත් ප‍්‍රියන්ත බටවල මහතාගෙන් කළ විමසුමකදී පැවසීය.
 
ඇඹිලිපිටිය රත්නපුර පෞද්ගලික බස් රථවලින් රත්නපුර සිට කහවත්ත දක්වා ඇති නැවතුම්පොළවල මගීන්ද නංවා ගැනීම හේතුවෙන්, රත්නපුර කහවත්ත බස් රථවලට මගීන් නොමැතිවීමෙන් වර්ජනයට හේතුව බව සබරගමු මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
 
මේ හේතුවෙන් කහවත්ත රත්නපුර බස් සේවක පිරිස් ඇඹිලිපිටිය, රත්නපුර බස්  සේවකයන්ට පහරදී ගැටුම් කිහිපයක් ඇති කරගෙන තිබූ බව  ද පසුව පොලීසිය ද ගැටුමට සම්බන්‍ධ පාර්ශවයන්ද ගෙන්වා බස්නැවතුම්පළ බාර නිලධාරීන් ද එක්ව සිද්ධිය සමථයකට පත් කළ බවද ඔහු කීවේය.
 
එහෙත් කිසිදු පූර්ව දැනුම්දීමක් නොකර පෙරදින සේවා අවසන් බස් රථ ඒවායේ අයිතිකරුවන්ට බාරදුන් කොන්දොස්තරවරු සහ රියදුරන් අද (16) පාන්දර සේවයට නොපැමිණ ඇතිබව බස් හිමියන් දැන්වූ බවද සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේය.

මේ නිසා රත්නපුර, ඇඹිලිපිටිය සහ ගොඩකවෙල ලංගම ඩිපෝවලට දන්වා අමතර බස් රථ එම මාර්ගයේ ධවානයට යොදවන ලෙස ඉල්ලා සිටි බවද වර්ජනයට සම්බන්‍ධ නැති බස් රථ ධාවනයේ යොදවා ඇති අතර ඔවුන්ට පොලිස් ආරක්‍ෂාව ලබාදී ඇති බවද කීවේය.
 
මෙම ගැටලූවට හේතුව ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වන අන්තර් දිස්ත‍්‍රික් බස්රථ රියදුරු කොන්දොස්තරවරුන්ගේ ක‍්‍රියාකලාපය බව ද හෙතෙමෙ කීය.

“මේ ගැටලුවට විසඳුමක් ලෙස  ඇඹිලිපිටිය කොළඹ බස්වලට මගීන් ගතහැකි සීමිත නැවතුම් බස් පොළවල් නාමපුවරු ප‍්‍රදර්ශනය කරන්න කියලා. ජාතික ගමනාගමන කොමිසමට ඉල්ලීමක් කළා. එහි සභාපති ජනක මල්ලිමාරච්චි මහා ඊට එකඟවුණා. ඉදිරියේ දි එය කළ පසු මේ ගැටලූව විසදේවි” බටවල මහතා කීවේය.

කෙසේ නමුත් අද (16) ආරම්භ කළ බස් සේවක වැජවර්ජනයට බස් හිමියන් ද සහාය නොදෙන බවත් එය කඩිනමින් විසඳන බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (1)

ඇඹිලිපිටිය - රත්නපුර බස් වර්ජනයක්

ගමගේ Friday, 18 October 2019 12:18 PM

මෙම මාර්ගයේ තියෙන්නේ දැඩිම ඒකාධිකාරියක්. කිසිම දිනෙක ටිකට්පත් දෙන්නේත් නැහැ. දුර ගමන් බස්වලට මගීන්ට යාමත් අවහිර කරනවා. සමහර දුර ගමන් බස්වලට නගරයේ නවත්වන්න දෙන්නේත් නැහැ. ඒ අතර කියන්න කැමතියි මගීන් කොට කොටා යන බස්වලට අකමැති බවත්. මෙම මාර්ගය උසස් මට්ටමෙන් තිබුනත් මෙයට වසර 40 කට පමණ පෙර රත්නපුර සිට ඇඹිළිපිටියට යාමට ගත් කාලයම දැනුත් ගමනට ගතවෙනවා. මේ අය දන්නේ නැහැ කාලය රන් හා සමානයි කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 143 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 989 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site