IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අධිවේගයට පස්කැපීමට එරෙහිව විරෝධය

 

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා මීරිගම පොලිස් වසමේ දංඕවිට නැව්ගල ප්‍රදේශයේ කලුකන්දට පහළින් පිහිටි ඉඩමක පස් කැපීමට එරෙහිව කලුකන්ද  ප්‍රදේශවාසීහු අද(03)  තෙවැනි වරටත් විරෝධතාවයක නිරතවූහ.
 
 
පස් කැපීම නිසා පවුල් 350 කට පමණ පානීය ජලය ලබා ගැනීමේ අවදානමක් උද්ගතවන බවද එහි නිසි බලපත්‍ර නොමැතිව පස්කපන බවද ප්‍රදේශවාසීහු පැවසූහ. පස් කපන ස්ථානයට ඉහළ කන්දේ පිහිටි ප්‍රජා ජල ව්‍යාපෘතියකින් ඔවුන් ජලය ලබා ගන්නා බවද  මේ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පැමිණිලි කළද සාධාරණයක් වී නැතැය ඔවුහු සඳහන් කළහ. 
 
 
මීරිගම ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ  මන්ත්‍රීවරුන් වන නිමල් තිලකරත්නෙ, සුමිත් මහින්ද ලාල් යන මහත්වරු  ඇතුළු පිරිසක් මෙයට එක්ව සිටියහ.  
 
උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ මහනුවර මහා මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ලවිය.


 



අදහස් (0)

අධිවේගයට පස්කැපීමට එරෙහිව විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site