IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘රටේ වර්තමාන තත්ත්වය ගැන ගෝඨාභය බොරු කියනවා‘

(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ වත්මන් තත්වය පිළිබද අසත්‍ය ප‍්‍රකාශ සිදුකරන බවත් පිටරටින් ලංකාවට තේ ගෙන එන බවට සිදුකළ ප‍්‍රකාශයත් එවැනිම අසත්‍ය එකක් බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැවැසීය.
 
තේ, පොල්, රබර් ඇතුලූ වැවිලි කර්මාණ්ත නගා සිටුවීමට වත්මන් රජය විශාල පියවරක් ගෙන තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව  නොමග යවමින් අසතය ප‍්‍රචාර සිදුකිරිම ගැන කණගාටු වන බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.
 
පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ කඩා වැටීම පිළිබඳ කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කොළඹදී අද(29)  ප‍්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව පැවැසීය.
 
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නවින් දිසානායක මහතා මෙසේද කිය.
 
      ‘‘ගෝඨාභය රාජපක්ෂ මහතා  ළඟදී තේ කර්මාන්තය ගැන කතා කරමින් පිටරටින් ලංකාවට තේ ගේනවා කියලා ප‍්‍රකාශ කළා. යම් කිසි විශේෂ අවස්ථා වල පමනක් පිටරටින් තේ ගේන්න අපනයනකරුවන්ට අවස්ථාව ලබා දෙනවා. ඒ හැරෙන්නට තේ මණ්ඩලයේ පනත අනූව කිසිසේත්ම පිටරටින් තේ ගේන්න අපි ඉඩ දෙන්නේ නෑ. ඒක වැවිලි කර්මාන්ත ඇමති හැටියට මම වගකීමෙන් කියනවා.
 
තේ මණ්ඩලය ඉතාමත් දැඩි ලෙස ඒ රෙගුලාසි ක‍්‍රියාත්මක කරනවා. එම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව නොමග යවමින් අසත්‍ය ප‍්‍රකාශයක් සිදුකර තිබෙනවා.
 
අපි තේ මණ්ඩලය හරහා සමහර අවස්ථා වල අපේ රටේ නිෂ්පාදනය නොකරන තේ වර්ග ලංකාවට ගේන්න ඉඩ දෙනවා. එය සිදුකරන්නේ විධිමත්ව රෙගුලාසි අනුවයි.  එහෙම ඉඩ දෙන්නෙත් විශේෂිත වූ වෙළඳපළවල් වලට තේ මිශ‍්‍ර කිරීමට අවශ්‍ය නිසයි. 
 
මේක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි.  මේක 1980 ගණන් වල ඉඳලා දිගටම සිද්ධ කරලා තියෙනවා. 2015 සංඛ්‍යා  ලේඛන අනුව අපගේ සම්පූර්ණ තේ නිෂ්පාදනය තේ කිලෝ ග‍්‍රෑම් මිලියන 328යි. එම 328 න් මිලියන 4.9 ක් ඒ කියන්නේ 14%ක් අපි පිටරටින් ගෙනත් තියෙනවා.
 

 ශ්‍රී ලංකාවට ගේන මේ හැම තේ වර්ගයක්ම නැවතත් මිශ‍්‍රකරණය කර  ප‍්‍රතිඅපනයනය කරන්න අවශ්‍යයි. එම තේ ලංකාවේ වෙළඳපළට කිසිසේත්ම දාන්න බෑ. එම නිසා ඒ නීතිය අපි දැඩි ලෙස ක‍්‍රියාත්මක කරනවා.
 



අදහස් (0)

‘රටේ වර්තමාන තත්ත්වය ගැන ගෝඨාභය බොරු කියනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site