IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘කැබිනට් මණ්ඩලය මෙල්ල කරන්න ජනාධිපතිට හැකියාවක් නැති වෙලා ‘

 (නිමල කොඩිතුවක්කු)


රටේ වත්මන් කැබිනට් මණ්ඩලය මෙල්ල කිරීමට විධායක ජනාධිපතිවරයාට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා කොළඹදී අද (31) පැවැසීය.
 
විධායක ජනාධිපතිවරයාගේ නිර්දේශ නොතකා හරිමින් වත්මන් කැබිනට් මණ්ඩළය කටයුතු කරන බවත් එය විපක්ෂය ලෙස තම කන්ඩායම දැඩිව හෙළා දකින් බවත්  මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ බන්ධුල ගුණවර්ධණ මහතා මෙසේද කීය.
    ‘‘රජයට ප‍්‍රධාන ආදායම් උපයාදෙන ආයතනයක් වන රේගු දෙපාර්තාමේන්තු නිළධාරීන් මුලූමනින්ම සේවයෙන් ඉවත්වුනා. එයට හේතු වී තිබුනේ රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා නාවික හමුදාවේ විශ‍්‍රාමික නිළධාරියෙකු පත්කිරීමට  මංගල සමරවිර මහතා කටයුතු කිරීමයි.
 
ශ්‍රී ලංකා  පරිපාලන සේවයේ නිලයක් ඉතාම අත්තනෝමතිකව සහ අඳුරදර්ශි  ලෙසත් නරක පූර්වාදර්ශයක් දෙමින් මංගල සමරවිර මහතා විසින් උරගෙන තියෙනවා. මෙය ඉතාම නරක පූර්වාදර්ශයක්  බැවින් එසේ නොකළ යුතු බවට මෙම කැබිනට් පත‍්‍රිකාවට මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතා පැහැදිලිවම නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා.
මෙයින් පැහැදිළි වන්නේ රාජ්‍ය ප‍්‍රධානියා වන  ජනාධිපතිවරයාගේ නිර්දේශ නොතකා  හරිමින් මුදල් අමාතයාංශය සහ එක්සත් ජාතික පක්ෂය  ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයටත් අභියෝග  කරමින් කටයුතු කරන බවයි. අත්තනෝමතික ලෙස රාජ්‍ය ආයතන තමන්ගේ  අනසකට බලහත්කාරයෙන් යටපත් කිරීමට  ඔවුන් දරන උත්සාහයක් විදියට අපි මෙම ක‍්‍රියාවලිය හෙළා දකිනවා.
 
රජයට මූළික ආදායම් ලබා දෙන ප‍්‍රධාන දෙපාර්තමේන්තු  තුනක් තියෙනවා. රේගු  දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාරතමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම දෙපාර්තමේන්තු තුනයි. මෙවැනි ආයතනවල තත්වයන් වෙනස් කිරිමට ඇතැම්විට දේශපාලන මැදිහත් වීම් වෙන්න පුලූවන්.
 
මේ වර්ජනය අතරතුර  ගුවන්තොටුපලෙන් හා වරායෙන්  මත්දු‍්‍රව්‍ය තොග ආවොත්, රත්තරන් හොරෙන්  ගෙනාවොත්, පුපුරන දු‍්‍රව්‍ය ගෙනාවොත් කවුරුත් පරීක්සා කරන්නේ නැහැ. රටක් වශයෙන් මේක මොන තරම් භයානක තත්වය්ද. රට අරාජික විමක් මෙතන සිද්ද වෙනවා.
 
මේ වර්ජනය හේතුවෙන් ආනයන අපනයන ක‍්‍රියාවලියට විශාල බාධාවක් සිද්ද වුනා. මේක ඉතාම නරක තත්වයක්. එහි වගකිම රජය බාර ගත යුතුයි.
 
මේ ආණ්ඩුවට සර්ව ආර්ථික කළමනාකරනයක් කරන්න බැහැ. එහෙම කරන්න වුවමනාවකුත් නැහැ. ඒ නිසා  තමයි මේ අවුල් ජාලය මතුවෙලා තියෙන්නේ’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදි වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

‘කැබිනට් මණ්ඩලය මෙල්ල කරන්න ජනාධිපතිට හැකියාවක් නැති වෙලා ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site