විනීතා එම් ගමගේ
මේ ආණ්ඩුව ඉවත් කර හදන ආණ්ඩුව භාරකාර ද, තිරසාර ද, නොඑසේ නම් කවර අන්දමේ ආණ්ඩුවක් ද යන්න තීරණය කරන්නේ ඒ වෙලාවට බවත්, අවශ්‍ය වන්නේ ජනතාව විඳින පීඩාව නතර කිරීම බවත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.
ආණ්ඩුවක් පිහිටුවීමට නම් මේ ආණ්ඩුව වැටිය යුතු යැයි කී අබේවර්ධන මහතා මේ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය බල කරන්නේ ජනාධිපතිවරයාට යැයි ද කීය.
කවර අන්දමින් හෝ වේවා රට අරාජික වීමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැතැයි ද රට රකින්නට ගත යුතු හොඳම පියවර ගන්නට ඒකාබද්ධ විපක්ෂය සුදානමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.
මේ වනවිට රටේ පවතින තත්ත්වය ජනතාවට දරන්නට බැරියැයි පැවසූ මන්ත‍්‍රීවරයා මේ ක‍්‍රියාකලාපය වෙනස් කිරීමට මුල් විය යුතු ජනාධිපතිවරයා යැයි ද පැවසුවේය.
මහින්ද යාපා අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ බොරැල්ල එන් එම් පෙරේරා කේන්ද්‍රයේ අද (10) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු නැඟූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත, අනිවාර්යයෙන් ජනතාවගේ ඉතුරු ලේ ටිකත් උරා බොන ආණ්ඩුවක්....
ආණ්ඩු හදන්න ඉස්සෙල්ලා තමන් හැදිලා හිටියනම් හොඳයි නේද.?