IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


මහින්ද ගේ ප්‍රජා අයිතිය අහෝසිකර ගෝඨාභය හිරේ යවන්න හදනවා

(සටහන : අනුරාධපුර දයාරත්න ඇඹෝගම)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීමේ රජයේ සැලසුමක් තිබෙන බව එකාබද්ධ විපක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අනුරාධපුරයේදී පැවසීය.

අනුරාධපුර නගරයේ පැවැති එකාබද්ධ විපක්ෂයේ අනුරාධපුර නැගෙනහිර ආසන බලමණ්ඩල සම්මේලනයේ ජන හමුව අමතමින් ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.

දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී මෙසේද පැවසීය.

මම පළමුවෙන්ම මතක් කරන්න ඕනෑ මේ අවුරුදු දෙකක අති දුෂ්කර කාලය විවාදාත්මක අභියෝගයෙන් පිරුණු කාලයක් බව නැගෙනහිර අනුරාධපුර ජනතාව අපේ ජාතියේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා අත්හැරියේ නැහැ. ජනවාරි අට වැනිදා ජනාධිපතිවරණයේදී උතුරු මැද පළාතේ කෙනකු තරග කරද්දී නැගෙනහිර අනුරාධපුරයේ තමුන්නාන්සේලා පළාතේ අපේක්ෂකයා වෙනුවට තෝරා ගත්තේ මහින්ද රාජපක්ෂ ජාතියේ ආදරණීය නායාකයා. ඔහු දිනෙව්වේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තමුන්නාන්සේලා. අගෝස්තු 18 වැනිදාත් එහෙමමයි. තමුන්නාන්සේලා මහින්ද සුළගත් එක්ක හමාගෙන ගියේ. අපේ ඒ ළෙන්ගතුකම එකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීන් විදියට තමුන්නාන්සේලාට පිරිනමනවා.

පළාත් පාලන මැතිවරණය මැතිවරණ සිතියමෙන් අකුලලා හරියටම අවුරුදු දෙකයි මාසයයි දවස් පහළොවයි. බටහිර තානාපති කාර්යාල සහතික නිකුත් කරනවා මේ ආණ්ඩුවේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය පිළිබදව. ආණ්ඩුව නිතර දෙවේලේ කියනවා ජනසම්මතවාදී ආණ්ඩුවක් කියලා. මැතිවරණ සිතියම අකුලලා අවුරුදු දෙකයි මාසයයි දවස් පහළොවයි. මේ වාගේ දෙයක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාළේ වුණානම් මොනවා කියයිද අපේ හාමුදුරුවනේ. එහෙම නම් ඇමෙරිකාව මෙලහකටත් සම්බාධක පනවලා.

මේ මොහොත වන විට විධායක ජනාධිපතිවරයා, අගමැතිවරයා, පළාත් පාලන ඇමැති මැතිවරණ කොමිසමවත් දන්නේ නැහැ කවදාද පළාත් පාලන මැතිවරණය තියෙන්නේ කියලා. ඒ වුණාට රටේ ජනාධිපතිගේ පටන් සාමාන්‍ය පුරවැසියා දක්වා හැම දෙනාම දන්නවා ඡන්දේ තියන්නේ නැත්තේ පරදිනවට බයේ කියලා.

පළාත් සභා මැතිවරණය මේ උතුරු මැද පළාත් සභාවට නීත්‍යානුකූලව අවසර තියෙන්නේ අද ඉඳලා දින හැත්තෑහතරයි ඉස්සරහට යන්න. පළාත් සභාවේ සභාපතිවරයා මහ ඇමැතිවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාව ආණ්ඩුකාරවරයාට  ඉදිරිපත් කළාම නෛතික බලයක් නැහැ කියලා ප්‍රතික්ෂේප කළා. හැබැයි ඒකම උතුරේ මහ ඇමතිවරයා ටීඑන්ඒ සංවිධානය ඒ විදියටම ආණ්ඩුකාරයාට දෝෂාභියෝගය ඉදිරිපත් කළාම ආණ්ඩුකාරවරයා  නීත්‍යානුකූලවම මම මේක බාර ගන්නවා කියලා භාරගත්තා. උතුරු මැද පළාතේ ව්‍යවස්ථාවේ නෛතික බලයක් නැහැ කියලා උතුරු මැද ආණ්ඩුකාරවරයා පෙත්සම බාරගැනීම ප්‍රතික්ෂේප කළා.

මම මෙතෙන්ට එන්නේ අභයාරාමයේ ඉඳලා. අභයාරාමයේ දේශපාලන කටයුතු තහනම් කළා. අධිකරණයට මම දොස් කියන්නේ නැහැ. මේක පොලිසියේ ඉල්ලීම. අස්ගිරි විහාරය එක්ක මේ පැත්තෙන් පැටලිලා.

මොකක්ද මේ ආණ්ඩුවට හැදිච්ච පිස්සුව. ස්පාඤ්ඤයේ තියෙනවා මිත්‍රවරුනි ගොන් පොර. ගොනා කුලප්පු කරන්න මොනවාද කරන්නේ ලේ පාට රතු රෙද්දක් පෙන්නනවා. අපේ රටේ දේශපාලනඥයන් කුලප්පු වෙන්නේ කහපාට පෙනුණාම. දැන් ඒ ගවයෝ කුලප්පු වෙලා. ගැටඹේ පන්සලේ අපි පාසල් ශිෂ්‍යයන් කාලයේ ගැටඹේ පාන්සල වෙන්කරලා ජේ.ආර්. එදා කටුකම්බි ගැහුවා. ඒක යූ.එන්.පී. දැක්ම. අද මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී පීල්ලෙන් පැනලා තියෙන්නේ. ආණ්ඩුව වෙනම ගමනක් තෝරා ගෙන තියෙන්නේ.

මේ වන විට ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශව දෙකට එකට ඉඳගෙන එක පීල්ලක ගමන් කරන්න බැහැ. ථෙරවාදී පනතේ ඉඳන් සයිටම් අර්බුදය දක්වා ව්‍යවස්ථාව වෙන්න පුලුවන් වැට් ප්‍රශ්නය වෙන්න පුළුවන් හම්බන්තොට ත්‍රිකුණාමලය වාරය වෙන්න පුළුවන් බැඳුම්කරය වෙන්න පුළුවන් ආණ්ඩුවේ දෙගොල්ලන්ට එකට ඉඳන් තීන්දුවක් ගන්න බැහැ. ඩෙංගු වෙන්න පුළුවන් මැතිවරණයත් එහෙමයි. දෙගොල්ලට එකට තීරණයක් ගන්න බැරි ආණ්ඩුවක් මේක.

ඒත් කියනවා සම්මුති ආණ්ඩුවක් කියලා මේක. කොහේද මෙහෙම සම්මුති ආණ්ඩු තියෙන්නේ.
මේ ආණ්ඩුවට අනිත් එවාට සම්මුතියක් නැතත් එක දෙයක් සම්මුතියක් තියෙනවා. මොකක්ද ඒක. මහින්ද රාජපක්ෂ විරෝධී සම්මුතිය. ප්‍රධාන පක්‍ෂ ධාරාවන් දෙක එකතු වුණාම ඇති වෙන්නේ සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියලා. මේක සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදයද? මහා බි්‍රතාන්‍යයේවත් මෙහෙම තීන්දුවක් ගත්තේ නෑ.

අද මේ ආණ්ඩුවටත් එකට එකතු වෙලා තීන්දුවක් ගන්න බැරි වෙලා තියෙන්නේ මේ නිසයි. පාර්ලිමේන්තුවේ ආයු කාලය දින 1023 යි. මම නැවත කියන්නේ මේ ආණ්ඩුවට කිසිම තීන්දුවක් ගන්න බැරි ආණ්ඩුවක් කියලයි. ක්‍රීඩා ඇමති ක්‍රීඩකයොත් එක්ක හැප්පෙනවා. ක්‍රිකට් අනාථයි. සෞඛ්‍ය ඇමැති දොස්තරලා එක්ක හැප්පෙනවා. ජීවිත අනතුරේ. මෙහේ ඉන්න කුකුල් ඇමැති කිකිළියෝ එක්ක හැප්පෙනවා. බිත්තර කර්මාන්තය අනතුරේ.

මෙහෙම ඉන්න හරකුන් බාර ඇමති වැස්සියන් සමග හැප්පෙනවා. කිරි කාර්මාන්තය අනතුරේ. ඇමැති නියෝජ්‍ය ඇමති එකම කාමරයට හැප්පෙනවා. රජය අනතුරේ. ජනපතියි අගමැතියි හැප්පෙනවා. ආණ්ඩුවම අනතුරේ. කැබිනට් එකම උළාකන්න ගවයෝ ටිකක් විතරයි අඩු වෙලා තියෙන්නේ.

අද රටට නායකත්වය දෙන්න ආර්ථිකය වෙනුවෙන් පෙනී ඉන්න නායකයෙක් නෑ. අද ගම්මිරිස් ගොවියෝ පාරට බැහැලා. හැමදාම හැම තැනම උද්ඝෝෂණ. ජනමාධ්‍ය පනතක් ගේන්න යනවා. සැප් 02 වැනිදා බුලත් කොළයෙන් පාර්ලිමේන්තුවට ගිය සියලුම මන්ත්‍රීවරුන්ට මේ ආණ්ඩුවෙන් එළියට එන්න කියලා ඔබේ  පළාතේ මන්ත්‍රීවරුන්ට කියන්න ඕනෑ. මේ ගිවිසුම තියෙන්නේ සැප්තැම්බර් පළමු වැනිදා දක්වා පමණයි. රටට ආදරේ නම් යූ.ඇන්.පී. ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑ නම් දැන් වේලාව හරි බහින්න කියමු එළියට.

ඒකාබද්ධ විපක්ෂය විදියට අපි සහතිකයක් දෙනවා මේ ආණ්ඩුව සුදානම් වෙන්නේ මේ ජාතියේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිර අඩස්සියට ගන්න. මේක තමයි ආණ්ඩුවේ සැලැස්ම.

අද මෙම රැස්වීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 15 දෙනෙක් එක්වී ඉන්නවා. අපේ කණ්ඩායම් රැස්වීමකටවත් මෙතරම් විශාල මන්ත්‍රීවරුන් පිරිසක් කැඳවා ගන්න බැහැ. ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී අනෙකුත් මන්ත්‍රීවරුන් සමග සහයෝගයෙන් කටයුතු කරන නිසා මෙතරම් මන්ත්‍රීවරු පිරිසක් අද මෙම රුස්වීමට සහභාගිවී සිටින බවද ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ මහින්දානන්ද අලුත්ගමගේ එස්.එම්. චන්ද්‍රසේන උතුරු මැද පළාත් සභා මන්ත්‍රී එච්.බී. සේමසිංහ යන මහත්වරුද මෙම ජන හමුව ඇමතූහ.

මෙම අවස්ථාව සදහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂෙහාන් සේමසිංහ, එස්.සී. මුතුකුමාරණ, විමලවීර දිසානායක, දිලුම් අමුණුගම, කාංචන විජේසේකර, කනක හේරත්, සනත් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ, තේනුක විදානගමගේ ඩී.වී. ජානක යන මහත්වරුන් සමඟ පළාත් සභා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (1)

මහින්ද ගේ ප්‍රජා අයිතිය අහෝසිකර ගෝඨාභය හිරේ යවන්න හදනවා

shan saudi Monday, 17 July 2017 08:11 AM

ඇයි තමනුත් ඒ ගොඩේ තමයි. දැන් ඉතින් ලෑස්තිවෙලා හිටියොත් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ
2025 මැයි මස 11 1545 0

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 3608 31

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 1102 12

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 2255 11

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 988 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1264 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1531 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site