IMG-LOGO

2025 මාර්තු මස 21 වන සිකුරාදා


“මෙරට ලොකුම දේශද්‍රෝහියා හිටපු ජනපතියි“

(මඩුකන්ද -- සිතුම් චතුරංග)

“මහින්ද රාජපක්‍ෂ පැවසූ කරුණු නිකුත් කළ වාර්තා උපයෝගී කර ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන කණ්ඩායම දේශද්‍රෝහීන් නම් මෙරට ලොකුම දේශද්‍රෝහියා හිටපු ජනාධිපතිවරයා විය යුතු යයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චිය සහ යාපනයේදී ප්‍රකාශ කළේය.

“ජනපති ඡන්ද ව්‍යාපාරය මඬේ ඔබාගෙන සිටින ගෝඨාභය රාජපක්‍ෂට ‘දේශද්‍රෝහීන්’ හැර වෙනත් කියන්න කිසිවක් දැන් ඉතිරිව නැතැයිද” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.

“සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත් කර ගැනීමෙන් පසුව නව ව්‍යවස්ථාවක් සකස් කර රටේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කර ගනිමින්, ඒකීය රාජ්‍යයක් යටතේ බලය බෙදා හරින බව ද” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
“ඒ තුළින් විධායක ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් එකඟත්වයෙන් රට පාලනය කරන ක්‍රමවේදයක් ඇති කර නව ඡන්ද ක්‍රමයක් ද හඳුන්වාදෙමින් ඒකීය රාජ්‍යය තුළ බලය බෙදාහැරීම තවදුරටත් ස්ථාපිත කරන්නැයිද” රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ කිලිනොච්චිය හා යාපනයේ පැවති ජන හමු කිහිපයකට එක්වෙමිනි.
කිලිනොච්චිය පොදු වෙළඳපොළ අසල, යාපනය-කයිට්ස් වේලානෙයි උද්‍යානයේ, චාවකච්චේරි බස්නැවතුම්පොළ අසල හා මනිපායි- සෙල්වමුත්තු ක්‍රීඩාංගනයේදී ජන හමු පැවැත්විණ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

“2015 වසරේදී ඔබ සැම හංසයා ඉදිරියේ කතිරය ගැසූ නිසා අද මේ ප්‍රදේශයේ නිදහසත්, ප්‍රජාතන්ත්‍රවාදයත් තිබෙනවා. අනෙක් පුරවැසියන් සේ එක සමාන අයිතිවාසිකම් ලබනවා. අද සුදු වෑන් එන්නෙ නැහැ. ඒත් ඇමතුමක් දුන්නොත් සුව සැරිය ගිලන් රථය නම් ඔබ අසලට පැමිණෙනවා.

අන්න ඒ ප්‍රජාතන්ත්‍රවාදය තියාගන්න අවශ්‍යයි. ඕනෑ වෙලාවක අපට කතා කරන්න පුළුවනි. බනින්න පුළුවනි. පෙළපාලි යන්න පුළුවනි. නිදහසේ ජීවත් වෙන්න පුළුවනි. මේ නිදහස දිගටම ආරක්‍ෂා කර ගත යුතුයි නේද?

ජනතාවගේ නිදහස ආරක්‍ෂා කරන්න රටේ ව්‍යවස්ථාව තුළම ස්වාධීන කොමිෂන් මා ඇති කළා. අධිකරණය ස්වාධීන කළා. ඒ වගේම මේ  අවස්ථාවේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයත්, හානි පූර්ණ කාර්යාලයත් මා විවෘත කළා.

අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නත් කටයුතු කළා. එහෙත් අපට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකෙහි බලයක් නැති නිසා වාර්තාවලින් එය නැවතුණා මේ අයිතිය තහවුරු කර ගන්නවාද? නැති කර ගන්නවාද. නොවැම්බර් 16 වැනිදා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවමින් මේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරගන්නැයි මහජනතාවට කියනවා.

පොහොට්ටුවට ඡන්දය දුන්නොත් සියල්ල නැති වී යනවා. සුදු වෑන් ආපසු එනවා. හංසයාට ඡන්දය දුන්නොත් ගෝඨා ඉල්ළෙයි, වයිට් වෑන් ඉල්ළෙයි. කොයි එකද තෝරන්නේ කියා ඔබට භාරයි.

අප උතුරේ ඉඩම් ගණනාවක් නිදහස් කළා. තවත් ඉඩම් නිදහස් කර ආපසු භාර දෙන්න තිබෙනවා. ඒ වගේම අතුරුදන් වූවන් පිළිබඳ සොයා ගෙන යනවා ඒවා ගැන තවත් කටයුතු කරනවා. ස්වාධීන කාර්යාල ආරම්භ කළ පසු, නඩු දාලා සිටින අය, දඬුවම් කර තිබෙන අය, දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතව සිටිනවා. ඒ අය පිළිබඳ සලකා බැලෙනවා.

ඒ වගේම මේ අලුත් ව්‍යවස්ථා ගෙන එන්නත්, බලය බෙදාහැරීම ඉදිරියට ගෙන යන්නත් ක්‍රියා කරනවා. ඒ සඳහා ප්‍රේමදාස ජනාධිපතිවරයා, කුමාරතුංග ජනාධිපතිවරිය යටතේ හා රාජපක්‍ෂ ජනාධිපතිවරයා යටතේ ද පැමිණි වාර්තා සියල්ල සලකා බලා යෝජනා සම්මත කර ගන්නවා.

ව්‍යවස්ථාව අලුතෙන් ඉදිරිපත් කරන්න පියවර දෙකක් ගන්න තිබෙනවා. එකක් හංසයා ලකුණ ඉදිරියෙන් කතිරය ගසා සජිත් ප්‍රේමදාස ජනාධිපති කිරීමයි. දෙවැනි පියවර ව්‍යවස්ථා සංශෝධනයට කැමති පක්‍ෂවලට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් දීමයි. මන්ත්‍රීවරුන් 125 අපට ලබා දෙන්න. නිදහස් සමාජය අවශ්‍යද නැතිද කියා ඔබම තීරණය කරන්න.

අපේ ජනාධිපතිවරයා ප්‍රථමයෙන් පත් කරගෙන අලුත් ව්‍යවස්ථාව සම්මත කර ගන්න කැමති පක්‍ෂවලින් තුනෙන් දෙකක මන්ත්‍රීවරුන් තෝරාදෙන්න, ඒ සඳහා පළමුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කළ යුතුයි. අලුත් ව්‍යවස්ථාව සකස් කිරීම තුළින් රටේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කරනවා. විධායක ජනාධිපති, අගමැති එකඟත්වයෙන් ක්‍රියාකරන ක්‍රමය ඇති කරනවා. අලුත් ඡන්ද ක්‍රමය ඇතිකර ඒකීය රාජ්‍ය යටතේ බලය බෙදා හැරීම තවත් ස්ථාපනය කරනවා.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන බව ප්‍රකාශ කළා. මා අනෙක් පක්‍ෂවලිනුත් සහාය ඉල්ලා සිටිනවා. එසේම ඒ පක්‍ෂයට මා ස්තුති කරනවා.

වෙන එකක් නැති නිසා රහස් ගිවිසුම් තිබුණා කියා. ඇතැම් මාධ්‍ය ප්‍රචාරය කරාවි. ඒක ඔප්පු කරන්න බැරි නිසා රට පාවලා දෙනවා කියාවි. දේශද්‍රෝහීන් යයි කියයි.

අප මහින්ද රාජපක්‍ෂගේ යෝජනා අනුව ක්‍රියාකරනවා නම් ලොකුම ද්‍රෝහියා මහින්ද රාජපක්‍ෂයි.

දැන් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය මහින්දගේ යෝජනා ද එකතු කර ගෙන සිටී. ඉතුරු වී තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂගේ යෝජනාවලට මහින්ද රාජපක්‍ෂ එකඟ කරවා ගැනීම පමණයි.

මහින්ද රාජපක්‍ෂට මෙතනදී පැන යන්න බැරි වෙනවා. ඔහු පැවසූ වචනවලින් හා ඔහු දුන්න වාර්තාවලින් තමයි, අප නව ව්‍යවස්ථාව සකස් කරන්නේ.

ගෝඨාභය රාජපක්‍ෂගේ ඡන්ද ව්‍යාපාරය මඬේ එරී තිබෙන නිසා අප දේශද්‍රෝහි කියා විශාල ව්‍යාපාරය ගෙන යන්න බලනවා. මහින්ද රාජපක්‍ෂගේ යෝජනා අනුව ක්‍රියාකරන අප දේශද්‍රෝහි නම් මහින්ද රාජපක්‍ෂ පොහොට්ටුවෙන් අයින් කරන්න කියා මා අභියෝග කරනවා. මේ ප්‍රශ්න විසඳිය යුතුයි. මේවා තවත් ඉදිරියට ඇදගෙන යන්න බැහැ.

ජනතාවට විසඳුම් දෙන්න දේශපාලනිකයින් ඉඩ දෙන්නේ නැතැයි ඔබ කියනවා. ගෝඨාභය රාජපක්‍ෂට මෙය ඉදිරිපත් කරන්න නොහැකි වූවාට අපට දොස් කියන්න එපා. අප ඉන්නේ රට නවීකරණය කරන්නයි.

පෙර පාසල් පිළිබඳව මෙහි සඳහන් වුණා. සජිත් ප්‍රේමදාස මහතා පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන නිදහස් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරනවා කිව්වා. ඉතින්, කාන්තාවන්ට ඉදිරියට යන්න අවස්ථාව උදාවනවා. ඒ වගේම කිලිනොච්චිය සංවර්ධනය කරනවා. දැනට කිලිනොච්චිවල යාපනය විශ්වවිද්‍යාලයේ එක මණ්ඩපයක් ආරම්භ කරලා.

ඉංජිනේරු විෂය සියල්ලම තිබෙන්නේ ඒ මණ්ඩපයේයි. ජර්මන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයද ආරම්භ කළා.

ත්‍රිකුණාමලය විශේෂයෙන් දියුණු කරන වැඩසටහන තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගෙන කර්මාන්ත ඇති කර එහෙනුත් රැකියා ලබා ගන්නට පුළුවනි.

සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුනරින්හි සංචාරක ස්ථාන සොයා ගෙන තිබෙනවා. පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළ කළ නිසා එතැන් සිට සංචාරකයින් මෙහි පැමිණෙනවා. කිලිනොච්චියද සංචාරක මධ්‍යස්ථානයක් බවට මෙහි පත් කළ යුතුයි.

පුනරින් නගරයට ළඟ නව නගරය ඇති කරන්න උසස් අධ්‍යාපන විශේෂයෙන් අයි.ටී. ආයතන එතැනට ගෙන යන්න අවශ්‍යයි. පරිගණක සේවා මධ්‍යස්ථාන තවත් ඇති කර පුනරින් සේවා මධ්‍යස්ථානය බවට පත් කළ යුතුයි.

කෘෂිකර්ම හා ධීවර කටයුතු අමාත්‍ය පී. හැරිසන්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවි කරුණානායක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහත්වරුද කතා කළහ.



අදහස් (4)

“මෙරට ලොකුම දේශද්‍රෝහියා හිටපු ජනපතියි“

nimal Tuesday, 05 November 2019 08:39 AM

හිටපු ජනපති නෙවෙයි. එයා රට නිසිමගකට අරගෙන අවා. හරියටනම් ඒ කියන කට්ටිය ඔබතුමා ඔබගේ රැලේ සහ ඉන්න ජනපති . රට කොල්ල කෑවා බෝම්බ පුපුරා ගත්තා රටේ දේවල් විකුණනවා. හොර ගිවිසුම් ගහනවා. ජන්ද පොරොන්දු මතකත් නැහැ. ජන්ද තියන්නේ නැහැ. කළමණාකරණයක් නැහැ. රටම කුණුවලින් පිරුනා. තව ලියන්න පුළුවන් ඔන්නනම්. අපි ඔහෙලට ජන්දේ දෙන්නේ ඇයි? අවුරුදු පහට සරල දෙයක් වත් කලානම් හිතන්න තිබුනා. පටු දේශපාලන වාසි බස් දොඩවන්න එපා . මිනිස්සු රැවටෙන් නැහැ.

:       40       561

Raveendra Tuesday, 05 November 2019 09:14 AM

දැන් නම් පිස්සු හොදටම වැඩිවෙලා වගේ. ඇත්තෙන්ම මෙවන් අයද අපේ රට මෙතෙක් කල් පාලනය කරේ කියලා හිතන්නත් අපහසුයි. අප කිසිදු පක්ෂයකට ගැති නොවී මධ්‍යස්ථව මේ අදහස් දෙස බැලීමේදී ඇතිවන්නේ මහත් වූ පිළිකුලකි. මොනවද මේ කියවන්නේ?

:       1       126

Raveendra Tuesday, 05 November 2019 09:24 AM

මේ ගිවිසුම් අත්සන් කළේ කවුද? අලුත්ම ගිවිසුම අත්සන් කරන්න යන්නේ කවුද? එක ගිවිසුමක්වත් ප්‍රසිද්ධියේ අත්සන් නොකළේ ඇයිද?

:       1       154

Bandara Wednesday, 06 November 2019 12:35 AM

ඔන්න නින්දෙන් ඇහැරලා කියවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 569 0

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1198 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1116 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


ඔන්ලයින් පනත අහෝසි නොකරන්නේ ඇයි?
2025 මාර්තු මස 06 839 3

සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


දොස්තරලා 5000ක් රට යෑමේ සූදානමක
2025 මාර්තු මස 06 2717 46

වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්


විපක්ෂ නායක ආණ්ඩුවට දොස් නඟයි
2025 මාර්තු මස 02 1786 17

ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 467 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1052 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 356 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site