IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මගේ කාලේ වෙඩි හඬ ඇහුනේ උතුරෙන් අද උතුරු දකුණු දෙපැත්තෙන්ම ඇහෙනවා

(තිලකරත්න දිසානායක)

රටේ ජනතාවට අද ජීවත්වීමට සිදුවී ඇත්තේ සෑහෙන පීඩනයකින් බවත්, බලාපොරොත්තු නොවුණ ආකාරයට රට ප‍්‍රපාතයට වැටෙමින් තිබෙන බවත් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා ගම්පහ ඔරුතොට දී පෙරේදා (8) පැවසීය.

තම ධුර කාලයේ උතුරේ සහ නැගෙනහිර වෙඩි හඬ නැවැත්තුව ද අද උතුරෙත් දකුණෙත් වෙඩි හඬ ඇසෙන්නේ යැයි ද හිටපු ජනාධිපතිවරයා කීවේය.

ගම්පහ, ඔරුතොට කෝට්ටෙගොඩ සිරිවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ ඉදිකරන ලද චෛත්‍යයෙහි කොත පැළඳවීම හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (8) පැවැති අතර, ඉන් අනතුරුව පැවැති උත්සවය අමතා මහින්ද රාජපක්ෂ මහතා එසේ කීය.

පිඹුරේ උදිත කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මා නාහිමි සහ ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරාධිපති යටවත්ත පුරාණ රාජමහා විහාරාධිපති පහළගම සෝමරතන, එක්සත් රාජධානියේ ප‍්‍රධාන සංඝනායක හිමියෝ මුලසුන හෙබවූ මෙම උත්සවයේදී රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

පන්සල් අභාවයට නොයා රැක ගන්න නම් අපේ දායක දායිකාවන් පන්සල කෙරෙහි මීට වඩා අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද, එහෙම නැත්නම් අපට විතරයි නියමයක් නැත්තේ පන්සල් යන්නට. අනෙක් හැම ආගමකම තිබෙනවා ඉරිදට පල්ලියට පැමිණිය යුතුයි කියලා. සිකුරාදට එන්න  ඕන පල්ලියට කියලා. මේවා නියමයන්. අපි පෝය දවසෙ නිවාඩු දුන්නා පන්සල් යන්නට. අඩුම ගානෙ පෝයදාට වත් පංසලට යන්නේ නැහැ.

එදාට ඉස්සෙල්ල දවසෙ ඇතැමුන්ගෙන් තැබෑරුමෙ පෝලිම වැඩි වෙනවා. ඒක තමයි අපේ සමාජයේ වසර 2500ක් බණ කියලා, හැමදාම උදේට සවසට සුරාපානය නොකරනවයි කියලා පොරොන්දු වෙලා අපිට ගිහින් තියෙන කල. අපිට රටක් ගොඩනගන්න නම් විනයක් තිබිය යුතු සේම විනය රැකීමේ වගකීම සමාජයට හා රජයට තිබෙනවා. ඒවාගේම භික්ෂුන් වහන්සේලා ඊට මගපෙන්වන්නට පියවර ගැනීමේ වගකීමකුත් තියෙනවා.

අද වගේ වෙහෙරක් විහාරයක් ගොඩනැගෙනවයි කිව්වම අපිට සතුටක් ඇති වෙනවා. මෙහි කොත පැළඳි මොහොතේ මට හිතුණේ අපි ඉදිකළ සඳහිරු සෑයෙ කොත පැළඳවීමට අපට තිබුණා නම් කොච්චර නම් හොඳ ද කියලයි.

එහි ඉදිකිරීම් දැන් සිදුවන්නේ බොහොම හිමින්. කවුරු හෝ වැඩක් කළෝතින් රජයක වගකීම තමයි ඒ වැඩය අවසන් වන තුරුම කරගෙන යෑම. අපි විශාල වැඩ කොටසක් කරගෙන ගියා. පසුගිය දිනක මම දුටුව අපි හදපු පාලම්, සමහර බෝක්කු හදන්න ගත්තුව අතරමග නැවතී තිබෙනවා. මේවා ජාතික අපරාධ.

ඊටත් වඩා අපරාධයක් ලෙසින් තමයි මම දකින්නේ සඳහිරු සෑය ගොඩනැගීම ප‍්‍රමාද කිරීම. මෙය ඉක්මනින් ඉදිකළොත් එතුමාට එය ඇරඹිය හැකියි. අපිටත් සාධු කිව හැකියි. ඒක නිසා මේ කාර්ය භාරය කඩිනමින් ඉටු වේවායි අපි ප‍්‍රාර්ථනය කරනවා.

අද රටේ ජනතාව සෑහෙන පීඩනයකින් ජිවත් වෙනවා. අද ඉතාමත්ම අසීරු කාලයක් උදාවී තිබෙනවා. මේ කාලය තුළදී අපි බලාපොරොත්තු නොවුණ ආකාරයට රට ප‍්‍රපාතයට වැටෙමින් තිබෙනවා. අපරාධ වැඩිවෙමින් තිබෙනවා. මිනීමැරුම් වැඩි වෙමින් තිබෙනවා. අපි උතුරේ, නැගෙනහිර වෙඩි හඬ නැවැත්තුවට අද උතුරෙත් වෙඩි හඬ, දකුණෙත් වෙඩි හඬ.

අද එකවර තොග ගණන් මැරෙනවා. මේවා වැළැක්වීමේ කටයුතු කළ යුතුයි. කතා කර කර හිටියට මදි. යමක් වූවාට පසුව වරද වෙනත් අයට පැටවීමෙන් ඇති වැඩක් නැහැ. ඒවා සොයා බලා කටයුතු කිරීමේ වගකීමක් රජයකට තිබෙනවා.

අද සියලූම දේ එෆ්.සී.අයි.ඞීය සහ සිර ගෙවල්වල කරන්නට හදනවා. මේ උත්සවය සුදානම් කරන විටත් එෆ්.සී.අයි.ඩිය ඇවිත් ප‍්‍රශ්න කර තිබෙනවා. මෙය නීත්‍යානුකූල නොවන ආයතනයක්. ඒක අගමැතිවරයා යටතේ ක‍්‍රියාත්මක වන ආයතනයක්. ඒ ආයතනය ඇත්තේ දේශපාලනඥනයින්ගෙන් පළිගැනීමට හැර වෙනත් කිසි දේකට නොවෙයි.

දැන් විමල් වීරවංශ මහත්තයා හිරේ. එතුමා වරදක් කරලයි කියා මා දකින්නේ නැහැ. නමුත් කළයි කියන වරද එලෙසින්ම කරපු පාර්ලිමේන්තුවේ තිදෙනෙක් ඉන්නවා. ඒ අය නිදහස්. මොකක්ද මේ කරන්නේ කියා සමාජයට අවබෝධයක් තිබිය යුතුයි.

අපි අද ඉතාමත් සතුටට පත්වෙනවා මෙම විහාරස්ථානය දියුණුවට පත්කිරීම සඳහා කටයුතු කිරීම ගැන. මෙහි සංඝාවාසයක් ඉදිකර දීමට දායකයින්ටත් වගකීමක් තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන මහතා:-

මෙම විහාරස්ථානයේ චෛත්‍යයෙහි කොත නිරාවරණය කිරීමේ උත්සවය සංවිධානය කරන විට අපිට තර්ජන ගර්ජන ආවා. තොරණ ගහන්න එපාය කිව්වා. කොඩි දාන්න එපාය කිව්වා. නමුත් මහින්ද රාජපක්ෂ අපේ නායකයා වෙනුවෙන්  ඕනෑම තර්ජනයකට ගර්ජනයකට මුහුණ දෙන්නට අපි සූදානම්.

මෙම උත්සවය සංවිධානය කිරීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ප‍්‍රසන්න රණතුංග, සරණ ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් මට උපදෙස් ලැබුණා. මහින්ද රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් උපරිමයෙන් උත්සවය අපි සංවිධානය කළා.

මෙම ආගමික උත්සවයේදි පහළගම සෝමරතන නාහිමි, විහාරාධිකාරී වරාවැවේ සුධම්ම හිමි අනුශාසනාවක් පැවැත් වූ අතර, වෑගෙදර සරණතිස්ස හිමියෝ පිළිගැනීම සිදු කළහ.

මෙම අවස්ථාවට පිඹුරේ උදිත නාහිමි සහ අමන්දොළුවේ ධම්මරතන නාහිමි ද වැඩමවා සිටි අතර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග, පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් ගුණවර්ධන, ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ජයන්ත මුදන්නායක යන මහත්වරු ද පැමිණ සිටියහ.



අදහස් (12)

මගේ කාලේ වෙඩි හඬ ඇහුනේ උතුරෙන් අද උතුරු දකුණු දෙපැත්තෙන්ම ඇහෙනවා

waruna Friday, 10 March 2017 09:17 AM

ඇයි සර් රතුපස්වල කටුනායක හලාවත වැලිකඩ බන්ධනාගාරේ වෙඩි සද්ද සර්ට අහුනෙම නැද්ද?

:       268       326

kalpa Saturday, 11 March 2017 01:30 AM

ඔබතුමා විපක්ෂයේ හිටපු හැමදාම එහෙම නේද.?

:       2       10

Chanak Los Angeles Saturday, 11 March 2017 01:46 AM

බීමට ජලය ඉල්ලපු ජනතාවට වෙඩි තියපු හඬ අසුනේ උතුරෙන්ද ? ලසන්තට තියපු වෙඩි හඬ අසුනේ උතුරෙන්ද ? රොෂේන් චානකට වෙඩි තියපු හඬ ඇසුණේ උතුරෙන්ද ? තවත් ඕනෙද ? ඔව් ඉතින් ඔක්කොම මගේ, මගේ පව්ලේ කියල හිතාගෙන නේන්නම් මුළු රටේම සම්පත් අවභාවිත කලේ ..

:       148       209

Chanak Los Angeles Saturday, 11 March 2017 02:04 AM

ඇල්සයිමර් රෝගයේ ලක්ෂණ තමයි තමන් අතීතයේ කී කල දේවල් අමතකව යමින් ළදරුවෙක් වගේ අනාගතේ හෙසිරෙන්න පටන් ගෙනීම .. මෙයා ඔය දෙන් දෙසා බාන වදන් සත්‍ය කියා පිළිගන්නේ ඇල්සයිමර් රෝගයෙන් පෙලෙන පුද්ගලයන්ම පමණයි

:       209       32

nishan Saturday, 11 March 2017 05:19 AM

ඔබතුමාගේ කලේ නේද හිර ගෙදර රොත්තක්ම මරුනේ. ජනාධිපති උපදේශකලත් මහා පාරේ ඝාතනය ඕනේ ඔබතුමාගේ කාලේ නේද. ඔබතුමා මැරිලා ඉපදුනාට අපි මැරිලා ඉපදුනේ නෑ.

:       138       0

namal Saturday, 11 March 2017 06:07 AM

හා ඇයි ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි තියනකොට කන්වල පොරෝප්ප ගහලද හිටියේ? ආ මට අමතක උනා. ඒ කලේ තිබුනේ සෙල්ලම් පිස්තෝල නේ.

:       114       0

Naushi Saturday, 11 March 2017 03:36 PM

ඔබ තුමා කටින් අරින බෝම්බ හැමදාම ඇහෙනවා.

:       125       1

akshin. Saturday, 11 March 2017 04:55 PM

හලාවත අත්තිඩිය වැලිවේරිය වැලිකඩ පත්තු උනේ චීන පටස්ද.

:       111       1

w.p.s weerawardana Monday, 13 March 2017 06:46 AM

අනේ ඔව්. ඒ කාලේ රට හරිම සාමකාමියි. අනේ නිකන් යන්න. අපි මැරිලා ඉපදිල කියල හිතුවද.

:       0       0

sriya Monday, 13 March 2017 07:26 AM

රතු පස්වල පැත්තෙනුත් ඇහුණා වගේ මතකයි තව බන්ධනාගරේ පැත්තෙනුත්

:       47       0

chandana Monday, 13 March 2017 07:31 AM

නිකන් බොරු කියන්න එපා

:       113       0

nihal Thursday, 16 March 2017 01:58 PM

හාමුදුරුවන්ට වෙඩි තියපු කිරිදරුවන් මරාදාපු මිනීමරුවෝ මහත්තුරු කලා මේ මුළු රට බේරපු ත්‍රස්තවාදය නැතිකරපු රණවිරුවෝ හිරකාරයෝ කලා ..මේවා කලේ කවුද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31441 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13719 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11042 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1056 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 292 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site