මුදිතා දයානන්ද
භාරකාර ආණ්ඩුවක් හැදීම මේ අවස්ථාවේ රට වෙනුවෙන් ගන්න තිබෙන යහපත්ම ක‍්‍රියාමාර්ගය යැයි පැපිලියාන සුනේත‍්‍රාදේවී පරිවේණාධිපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද (10) පැවසූහ.
අභයතිස්ස හිමියෝ මේ බව සඳහන් කළේ ජාතික විද්වත් භික්ෂු සංසදය පැපිලියාන සුනේත‍්‍රාදේවි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
භාරකාර හෝ පරිවාස හෝ කුමන නමක් හැදුවද ඒ හදන ආණ්ඩුව තාවකාලික ආණ්ඩුවක් විය යුතු යැයිද ඒ තුළින් කිසිදු ව්‍යාවස්ථා වෙනසක් නොකළ යුතු යැයිද උන්වහන්සේ පැවසූහ.
2015 මහ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කළේ නම් එවිටද සිදුවීමට නියමිතව තිබුණේ ජනපති මෛත‍්‍රීපාල මහතා යටතේ වන ආණ්ඩුවක අගමැතිකම මහින්ද රාජපක්ෂ මහතා දැරීම බවද මේ වන විට අගමැතිට වැඩි බලයක් ද පැවරී ඇති නිසා භාරකාර ආණ්ඩුවේ අගමැතිකම ඔහු භාර ගැනිමේ ගැටලූවක් නැති බවද උන්වහන්සේ පැවසූහ.
දැන් කළ යුතු වන්නේ පරණ කෝන්තර අමතක කර දමා රට ගැන හිතා මේ ආණ්ඩුව ගෙදර යැවීමට කටයුතු කර වහා මැතිවරණයකට ගොස් ජනවරමක් සහිත ආණ්ඩුවක් පිහිටුවීම යැයි ද අභයතිස්ස හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
COMMENTS
එකොලොස්වන සිහිනය, කොසොල් රජතුමා : "ස්වාමිනි මාගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක්... මං දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මෝරු කළයකට හුවමාරු කරනවා. ස්වාමිනී, ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ." බුදුරජානන්වහන්සේ : " රජතුමනි අනාගතයේදී මගේ ශාසනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා. පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෘන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාවාදීම මෙම හීනයේ තේරුමයි."
දේශපාලනය බදාගත්ත සඟ හොරුන් උපැවිදි කරවන්න ඕනේ රටේ බුද්ධ දර්ශනය නැවත නගා සිටුවිය යුතුයි.
මුන්වහන්සේලා කරන්නේ ජීවිතය දුකයි කියමින් ධර්මය දේශනා කරන ගමන් බෙන්ස් කාර් වෙනුවෙන් හොරුන්ට කඩේ යන එකයි පිරිත් නූල් ගැට ගහන එකයි...!
මොන ආණ්ඩුද හාමුදුරුවනේ? පුලුවන් නම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මහජන මුදල් කාබසිනියා කරන රොත්ත දෙකෙන් පංගුවට බස්සලා රට රස්සාවලට යවන්න පුහුණු තාක්ෂණිකයින් ටිකකට පුහුණුව දෙනවා, නැතිනම් අපනයන ව්‍යාපාරිකයින්ට මොනවා හරි උනන්දුකරවන දෙයක් කරනවා මිසක් ඔය එකී නොකී සේරම දෙනා මෙරට මේ දක්වා පාලනය කලානේ? එව්වහේ ප්‍රතිපල නිසානේ අපි හිඟන්නෝ වෙලා ඉන්නේ.
වර්ණපාල නියාය වගේ කියලත් හිතෙනවා.
ලංකාවේ සංඝයා වහන්සේලා රජයට අනුසාසන දුන්නේ වසර 2500 සිටය. කලාපයේ බලගතු රාජ්‍යන් තම සංස්කෘතීන් පාවාදී ,යටත් වුවත් අඛන්ඩ ඉතිහාසයක් වසර 2500 පවත්වා ගත්තේ සඟ පරපුර මැදිහත්වීමෙනි. පෙර පන්සල සහ ජනතාව සම්බන්ධ වූ මනා ජාලයක් පැවතින. රටේ පැවැත්මට මෙය උපකාරී විය. මෙය විනාශ කලේ යටත් විජිත්වාදින්ය. තවමත් අපේ ඉතිහාසය නොදන්නා අය සිටීම කණගාටුවට කරුණකි.
ඔළු ගෙඩි මාරැ කරලා ආණ්ඩු හදන ක්‍රමයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයකින් බලයකට පත්වු රජයක් නැවත ජන බලයකින් ම පරදා මිස පුද්ගලික හේතු මත ආණ්ඩු මාර කල නොහැක.
පුදුමයට කරුණ නම් මේ රටේ නීතියක් තියෙද්දී ධර්මය ප්‍රචාරය කරන බුද්ධ පුත්‍රයන් හොදක් නරකක් නැතුව ගිහියන් වගේ හැසිරීමයි . මෙය හුදෙක් ලාබ ප්‍රයෝජන තකා කියලනම් පැහැදිලියි . රට වෙනුවෙන් නම් නොවේ . ධර්මයේ මෙවැනි දේවල් සදහන් වෙලා තියෙනවාද ? අනාගත පරපුර යහමගට යන්නේ කෙසේද ? හොද බවුද්ධයන් වන්නේ කෙසේද ?
මේ මේ ඔයාට වැරදි පෙනෙන්නේ එක පැත්තක විතරයි අපටනම් ඔක්කොම එකයි එක නිසා ඔයාට සැප ගන්න ඔය එක බද්දවෙලා රට කාපු මැරයෝ හොරුන්ට දීල රටට ඇතිවෙන සෙතක් නැහැ
මුන්වහන්සේලා කරන්නේ ජීවිතය දුකයි කියමින් ධර්මය දේශනා කරන ගමන් බෙන්ස් කාර් වෙනුවෙන් හොරුන්ට කඩේ යන එකයි, පිරිත් නූල් ගැට ගහන එකයි...!