IMG-LOGO

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා


‘දේශපාලනයේ පිළිල ඉවත් කර ගරුත්වය ආරක්ෂා කිරීම දැන් කළ යුතුයි‘

(ඩයනා උදයංගනී)

 හොඳ ගස්වල පිළිල ඇතිවූ විට ඒවා ඉවත් කර ගස ආරක්‍ෂා කරගන්නා මෙන් රටේ දේශපාලනයේ පවතින පිළිල ඉවත් කර දේශපාලනයේ ගරුත්වය ආරක්‍ෂා කරගැනීමට දැන් කාලය එළඹ ඇතැයි මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

 

ඉදිරි ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය වන විට යුක්තිය ඉටුවන, විද්‍යාත්මක ආණ්ඩු ක‍්‍රමයකට අවශ්‍ය පෙළඹවීම රට තුළ ඇති කළ යුතු බව කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් ජනතාව පෙළගස්වන වැඩපිළිවෙලක් ඉදිරියේදී ආරම්භ කරන බව ද සඳහන් කළේය.


පසුගිය මැතිවරණයේදී ජනතාව ලබාදුන්නා කනේ පහර තේරුම් ගෙන කටයුතු කිරීම කාගේත් දේශපාලන සෞඛ්‍යයට හොඳ බව කී අමාත්‍යවරයා මේ වන විට පනවා ඇති බදු හේතුවෙන් නිලධාරීන්ට වාහන භාවිතය සම්බන්ධව පවා ගැටලූ ඇති වී තිබෙන බව ද කීවේය.


අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (11) පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
 
 



අදහස් (13)

‘දේශපාලනයේ පිළිල ඉවත් කර ගරුත්වය ආරක්ෂා කිරීම දැන් කළ යුතුයි‘

Keppetipola Monday, 11 June 2018 12:26 PM

මිනුස්සුන්ව රවට්ටලා ආණ්ඩු හදනවා ඊට පස්සේ ඒ ආණ්ඩුවට බැනලා තව අලුත් ආණ්ඩු හදනවා මිසක් කිසිම දැක්මක් නැති කෙනෙක්.

:       421       701

chathuri Monday, 11 June 2018 12:44 PM

ගස්වලට එහෙම කෙරුවට දේශ පාලකයින්ට පිළිල තියෙනකොට ඉල්ලුම වැඩියි වැඩිම මනාප ගන්නෙත් වැඩිපුර. පිළිල තියෙන කෙනා හැමදේටම බෙහෙත් තියෙනවා. මිනිසාගේ මේ ලෙඩේට විතරයි බෙහෙත් නැත්තේ.

:       212       152

Raveendra Monday, 11 June 2018 01:31 PM

මගේ අම්මෝ.... මේ හාදයගේ තියෙන පිරිසිදුකම... මේ ගොයියත් නරකාදි පිළිලයක් බව රටවැසියන් හොඳින් දන්නවා නොවැ. අනිත් කරුණ නම් "225 ම" මව්බිම වනසන, නැත්තටම නැතිකරන කාලකන්නි පිළිල තමයි. ඔහෙත් ඒ පිලිලවල උඩින්ම ඉන්න සයනයිඩ් පිළිලයක් හරියැ.

:       514       390

prakaash Monday, 11 June 2018 11:37 PM

ඒ කියන ලෙස ඔබව ඉවත් කල යුතුමයි.

:       205       301

udaya Tuesday, 12 June 2018 03:34 AM

එහෙනම් ඉතින් මුලින්ම අයින් කරන්න ඕනේ ඔහෙයි රාජිතයි තමා.

:       22       202

Senarath Tuesday, 12 June 2018 04:18 AM

කෝ මගේ මහකොළඹ සැලැස්ම ? දැනට ඖරුධු 2 කට විතර කලින් කිඋව, මහකොළඹ සැලසුම හදල ඉවරඊ එයට රුපියල් බිලියන 50,000 ක් යනවා කියල. ඒ උනාට තවම ගෝටා කරපු වැඩ ටිකවත් හරියකට නඩත්තුකරගෙන යන්න පුළුවන් උනේ නැහැ. කෝ කසල ප්‍රතිචක්ක්රියකරණය ? කතාව නම් මෙයාගේ දෝලාවට වැඩියෙන් ඒ වුනාට ගමන ඉබිගමනටවත් නැහැ. ඒ වුනාට් යුද්දේ කාලෙත් මෙයාල කියලයි 2015 චන්දෙදි කිවුවේ. මෙයත් ඉවත්කලයුතුම පිළිලයක් තමා.

:       205       402

jayatissa Tuesday, 12 June 2018 07:14 AM

කයිය විතරයි මට නම් පෙන්නේ .පිළිල කියන්නේ කගේ හරි ඇගේ එල්ලිලා ජීවත් වෙන අයටනේ "කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙහ" කියන්නේ ඕකටනේ.

:       170       320

Bamunuarachchi Wednesday, 13 June 2018 12:58 AM

කියන හාදයගෙන් වැඩක් නැත, කියන දේ ගැනයි හිතන්න ඕනේ. හින්දු ආගමික කටයුතු සඳහා මුස්ලිම් භක්තිකයෙක් පත් කරන යහපාලකයෝ අංක 1 බොරුකාරයෝ නොවේද. මෙමගින් පත්කර ඇති අනික් ඇමතිවරු සියල්ලෝම ගැන අපිට සිතා ගන්නට පුළුවන. මේ ගසේ ඇත්තේ පිළිලයක් නොව බෙනයකි. එමනිසා නොසිතු වෙලාවක කඩාවැටී ආර්ථිකය විනාශ කරන්නට නොදී දැන්මම මේගස කපාදමා මුලද උදුරාදමමු.

:       4       12

udayaSaturday, 16 June 2018 01:57 PM

බමුණු කියන කෙනාගෙන් වැඩක් නැති නම් ඔය පිස්සන් කොටුවේ ඉන්න අය ඔයිට වඩා හරබර කතා කියනවා. මොකක් හරි වැදගත් පණිවිඩයක් දෙන කෙනා ඉතාමත් වැදගත්. ඇයි සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන්න කලින් පස් මහබැලුම් බැලුවේ?

:       0       0

rocky Wednesday, 13 June 2018 11:16 AM

පිළිල විතරයි. ගස් නැහැ ඉතින් මොකෝ කොරන්නේ?

:       0       48

gunadasa Friday, 15 June 2018 06:15 AM

සුදු හකුරු සැදුවා වගේ.

:       0       3

hewawitharana Friday, 15 June 2018 08:07 PM

ගහේ මුදුන් මුල කපලා දැම්ම නම් ඔය එක පිලිලයක්වත් එන්නේ නැහැ. දෙවනුව ගසක එල්ලී ගසකට තුඩු දෙන වැල කපලා දැම්මා නම් එ්ත් හොඳයි.

:       0       1

Lapaya Sunday, 01 July 2018 12:17 PM

මේ තමයි ඔරිජිනල් පිළිල.. ලබන ඡන්දෙදි අපි මුලින්ම කපලා අයින් කරන්නම්..!!!

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘
2025 ජනවාරි මස 19 2843 21

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට


දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා
2025 ජනවාරි මස 13 2882 18

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග


‘එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංයක්‘
2025 ජනවාරි මස 13 596 7

එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් ක



සෞඛ්‍ය දියුණුවට පංචවිධ වැඩපිළිවෙලක්
2025 ජනවාරි මස 09 956 5

ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ජීවත්වන ජනතාවට අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වසර තුන තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍


ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක්
2025 ජනවාරි මස 02 2909 21

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 410 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 617 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 336 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site