(දිලීප් ජයසේකර)
මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ නියම අයිතිකරුවන් වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පාක්ෂිකයින් බවත් ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෙනෙහිළිකම් කිරීමට ඉඩ නොතබන බවත් ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය වරයා මේ බව පැවසුවේ අද (12) තංගල්ල රන්න නගරයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.
‘‘2015 පැවති ජනාධිපති වරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා කරගෙන එතුමට ශක්තිය දුන්නේ මේ එක්සත් ජාතික පාක්ෂිකයිනුයි. අද යහපාලනේට ජැක් ගහගෙන ඉන්න ඇතැම් අය ජනාධිපතිවරණයේදි හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයගේ සාටකේ එල්ලිලයි. යහපාලනයක් හදන්න කැපවුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ට විවිධ පිරිස් කෙනෙහිළිකම් කරන්න නම් සුදානම වෙන්න එපා. එහෙම කරන්නත් අපි ඉඩ තියන්නේ නෑ. ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ මේ දවස්වල ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසනවා. අපි ඒකට විරුද්ධ නෑ. ඉන්න පුළුවන් උපරිම කාලයක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට අපේ සහායත් අපි දෙනවා. අද ඔය කෑගහන අය එදා 2015 ජනාධිපත වරණයේදි හිටියේ නෑ.මෛත්‍රිපාල සිරිසේන මහතා දිනුවා කියලා දැනගත්තම තමයි ගොඩක් අය මේ යහපාලනයට ආවේ. යූ එන් පී ජන්දවලින් තමයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මේ රටේ ජනාධිපති වුණේ.‘‘ යැයි ද ඔහු කීය.
COMMENTS
දිලිප් මහත්තයෝ! මෛත්‍රීපාල සිරිසේන කියන්නේ අඛණ්ඩව දශක ගණනාවක් තිස්සේ ඇමැති තනතුරක හිටපු අයෙක්. ඔහු ජනාධිපති කරන්න එජාපයත් ඡන්දේ දුන්නා කියා එතුමාගේ ආණ්ඩුවේ බලවත්ම හා හොඳම අමාත්‍යාංශ මෙන්ම අගමැති තනතුරත් අරගෙන මොකක්ද කළේ? අර්ජුන් ඇලෝෂියස්ගෙන් කප්පම් අරන් තියෙන ඇමතිවරු සියලුදෙනා එජාපයේ ඇමැති වරු. ඔවුන් මුදල් හා දේපල තෑගි ලෙස අරගෙන නිහඬ වුනේ, අර්ජුන් මහේන්ද්‍රන් නම් මාමා හරහා ඇලෝෂියස් බෑනාට ඕනෑ තරම් ජනතා මුදල් ගසා කන්න ඉඩ දෙන්නයි. පසුගිය වසර 3 තුළ නීතියේ ආධිපත්‍යය රැක දීමට ජනාධිතුමා ගත් උත්සාහයන් අඩපණ කර වක්‍ර මාර්ගයෙන් ජනප්‍රියතාවයක් පරාජිත ජනාධිපතිට අරන් දෙන්න වැඩ කරපු ඔබේ පක්ෂයට මෛත්‍රීපාල මහතා අයිතියි කීමෙන් ඒ මහතාට ඉතුරුව තිබෙන ජනප්‍රසාදයත් විනාශ කර දමන්නයි ඔබලා උත්සාහ කරන්නේ.
සජිත්ගේ පිහිටෙන් ඔබ පාර්ලිමේන්තුවට ආවේ. මහින්ද අමරවීර ඇමතිතුමා සමග ඔබට හැරෙන්නවත් බැරිබව හිතට ගන්න.