IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


චන්ද්‍රිකා වගේ අමාත්‍යංශ පවරාගන්න මේ ජනාධිපතිතුමා සූදානම් නෑ

ඇමැති මනෝ ගනේෂන් මෙවර මුහුණට මුහුණ හා සෘජු සංවාදයට එළැඹෙයි. 

 

  මාර කෙරුම්කාරයෝ ටිකක් ඉන්නවා කියලා පම්පෝරි ගැහුවට ආණ්ඩුව හැම ප්‍රශ්නෙදිම හත්පොළේ ගා ගන්නවා වගේනේ?
ආණ්ඩුව අසමත් නෑ. ආණ්ඩුව අසමත් කියලා මිනිස්සු කියනවා නම් ඒ කියන්න වෙලා තියෙන්නේ ආණ්ඩුවට විශාල අභියෝග රාශියකට මුහුණ දෙන්න වෙලා තියෙන නිසා. මේ ආණ්ඩුවට ආපු අභියෝග ටික කොහෙන්ද ආවෙ. ඒවා උඩින් වැටුණෙ නෑනේ. ආර්ථික අභියෝගය පළමුවෙනි එක. රිම් එකෙන් යන ආර්ථිකයක් තමයි රාජපක්ෂ මහත්තයලාගෙන් අපිට දෑවැද්ද විදියට හම්බවුණේ. ඒක රාජපක්ෂලගෙ පිට දාලා අපිට ඇඟබේරාගන්න බෑ. අපි ආණ්ඩුව ගත්ත නම් මේ​ ප්‍රශ්නවලට මුහුණ දෙන්නත් ඕන. ඒකෙදි ටිකක් දුෂ්කරතාවයක් අපි හැමෝටම එනවා. අනෙක් පැත්තෙන් රටේ ජාතික ප්‍රශ්නය. මේකෙත් විශාල අභියෝග තියෙනවා. ඒකට විසඳුමක් විදියට අපි තෝර ගත්තේ අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම. ඒ වැඩපිළිවෙළ ලංකා ඉතිහාසයේ කිසිමදාක වුණේ නැති විදියෙ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් සිද්ධ වෙමින් පවතිනවා. සිරිමාවෝ මැතිනියත්, ජේ.ආර්. ජයවර්ධන මහත්තයත් ව්‍යවස්ථාව වෙනස් කළේ තමන් ළඟ ඉඳපු සමීප කීප දෙනෙක් එකතු කරගෙන. අද එහෙම නෑ. මේ සඳහා රටේම අදහස් විමසනවා. කමිටු කීපයක් පත් කරලා මේ ගැන හොයනවා.  


 අපි මේ තරම් ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රශ්නවලට විසඳුම් හොයන නිසා තමයි ආණ්ඩුව අසමත් කියලා සමහරු කියන්නේ. ​අද ප්‍රජාතන්ත්‍රවාදය වැඩි නිසාම තමයි අපි අමාරුවෙ වැටිලා තියෙන්නේ.  

 


  ඔච්චර ප්‍රජාතන්ත්‍රවාදීව ඕවා කෙරෙනවා නම් මහනායක හාමුදුරුවන්ගෙන් එහෙම මේවට අප්‍රසාදයක් එන්නේ මොකෝ?  
ඒක මම කියන්නම්. ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙ ඉන්​ෙන් ආණ්ඩුවේ අය විතරක් නොවෙයි. ජේ.වී.පී. වගේ අය, ඒකාබද්ධ විපක්ෂෙ අය, ටී.එන්.ඒ. ඒකේ අය, ඊ.පී.ඩී.පී. එකේ අයත් එක්ක තමයි ආණ්ඩු පක්ෂෙ නියෝජිතයෝ මේකෙ ඉන්නේ. සමහරු මේ සාකච්ඡාවලදී සිද්ධවෙන තොරතුරු අරගෙන ගිහින් මහානායක හාමුදුරුවන්ට වැරදි චිත්‍රයක් මවනවා. මේවා එළිපිට ට්‍රාන්ස්පේරන්සි කෙරෙන නිසා තමයි ඒ ව​ෙග දේවල් වුණත් කරන්න පුළුවෙන් වෙලා තියෙන්නේ. හාමුදුරුවොත් එක් එක් අයගෙ කතාවලින් මේ ගැන වැරදි අදහසක් ගන්න බැරි නෑ. ආණ්ඩුව අමාරුවෙ දාන්න උත්සාහ කරන අය තමයි මේ වැඩ කරන්නේ. මේ බොරු තොරතුරු උඩ තමයි මහානායක හාමුදුරුවෝ කලබල වෙන්නේ. දැන් අපි ඇත්ත තත්ත්වය මහනායක හාමුදුරුවන්ට පැහැදිලි කරලා දුන්නා. උන්වහන්සේලා ඒක පිළිගත්තා. ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළාට පස්සේ ඒක මහානායක හාමුදුරුවන්ට පෙන්නලා ඒ ගැන සාකච්ජා කරන්නත් ජනාධිපතිතුමා පොරොන්දු වුණා. දැන් ඒ ප්‍රශ්නය නිල වශයෙන්ම අවසානයි.  

 


 ඔබ කර ගහලා තියෙන්නේ සංවේදී අමාත්‍යාංශයකට. මේ තාක් කරපු වැඩවල ප්‍රගතිය කොහොමද?  
ඇත්තටම සැලකිය යුතු ප්‍රගතියක් තියෙනවා. දැනට රට තුළ සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ විශාල සංවාදයක් ඇතිවෙලා තියෙනවා. අද ඒක රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා. ඒකම ලොකු ජයග්‍රහණයක්. පහුගිය කාලේ මේක රටේ කතා බහට ලක්වුණේම නැති මාතෘකාවක්. යම් යම් ජයග්‍රහණ ලබාගෙන ඉදිරියට යන නිසා තමයි මේක අද රටේ මාතෘකාවක් වෙලා තියෙන්නේ. ඇත්තටම මේ සංවාදය මඟඇරලා ඉන්න බෑ රටේ කාටවත්. මේක රටේ පැවැත්මට අත්‍යවශ්‍යම සංවාදයක්.  

 


 සංහිඳියාව පිළිබඳව පහුගිය දවස්වල සංදර්ශන විලාසයෙන් වැඩසටහන් කීපයක් පැවැත්වුණා. අපි දැක්කා. සංදර්ශනවලින් එහාට ගිය ඇත්ත ජයග්‍රහණ හෝ වාසියක් සංහිඳියාව යදින මිනිස්සුන්ට ලැබුණද?  
සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ විවිධ ආයතන රටේ තියෙනවා. මගේ යටතේ ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය තියෙනවා. ජනාධිපතිතුමා යටතේ ජාතික ඒකාබද්ධතා සහ සංහිඳියා අමාත්‍යාංශය. ඒ යටතේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කාර්යාලයත් තියෙනවා. ඒ කාර්යාලය හරහා කෙරෙන වැඩවලට මට වගකියන්න බෑ. අමතක කරන්න එපා ඒක කාර්යාලයක්. මම කරන්නේ අමාත්‍යාංශයක්. මගේ අමාත්‍යාංශය යටතේ ආයතන කීපයක් තියෙනවා.  

 


 ඔබේ අමාත්‍යාංශය සහ සහජීවනය පිළිබඳ අනෙකුත් කාර්යාල හා ආයතනවලින් කෙරෙන වැඩ එකිනෙකට පැටලීමක් නැද්ද?  
නෑ, කිසිම පැටලීමක් වෙන්​ෙන් නෑ. ඒ අය කරන දේ ඒ අය කරගෙන ගියාවේ. මම වැඩිපුරම අවධානය යොමු කරන්නේ ජාතික සහජීවනය ගැන. සංහිඳියාව කියන වචනෙට වඩා සහජීවනය කියන වචනෙ ප්‍රබලයි. ඒක ඇතුළෙ පුළුල් අර්ථයක් තියෙනවා.    
 ජාතික ආණ්ඩු දීගය හෙට අනිද්දා කෙළවර වෙනවා කියලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂෙ අය කියනවා.  


ඕක සමහරුන්ගේ සිහිනය. නැත්නම් ඕනකම. ආණ්ඩුවක් හැටියට අපි කාටවත් එහෙම ඕනකමක් නෑ. මේක 2020 වෙනකම් යනවා. ගිවිසුම්ගත කාලය ඉවර වුණාම අවශ්‍යතාව අනුව ගිවිසුම දීර්ඝ කරනවා. 2020 පස්සේ තමයි අපි තීන්දුවක් ගන්නේ.  

 


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ සමහරු කියන්නේ හෙට අනිද්දා ආණ්ඩුවෙන් එළියට බහින්නෙ නිකං නෙවෙයි යූ.එන්.පී. යෙත් පදාස පිටින් ගලෝගෙන කියලා...?  
 ඕන කෙනෙකුට ඔය ව​ෙග් කතන්දර කියන්න පුළුවන්. ඒත් ඔය කතා කියන කවුරුත් එළියට බහින්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් එළියට බහිනවද නැද්ද කියලා කියනවා නම් කියන්න ඕන මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා. එයානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ නායකයා. එතුමා ළඟට පස්සේ පස්සෙ ආපු අයනෙ ඔය කතා කියන්නේ. ඒවා ගණන් ගන්න ඕන නෑ. මේවා ඒ අයගේ දේශපාලන බංකොළොත්කම වහගන්න කියන ඒවා. ඔය කියන අය පුළුවන් නම් වෙන වෙන පක්ෂවල කොටස් ගලවලා පෙන්නන්නකෝ.  

 


 දූෂණ විමර්ශන කමිටු කාර්යාලය වහලා දැම්​ෙම් දැන් දූෂණ හොයලා ඉවරද?  
නෑ..... නෑ...... මේක වැරදියට තේරුම් ගන්න එපා. දූෂණ හොයා බලන්න තිබුණු එකම කාර්යාලය මේක නෙවෙයිනේ. සී.අයි.ඩී. එක, එෆ්.ඩී.අයි.ඩී. එක, අල්ලස් කොමිසම, ජනාධිපති කොමිසම, පොලිසිය වගේ ඒවාත් තියෙනවනේ. මේවා ඔක්කොම කෝඩිනේට් කරන්න තමයි දූෂණ කමිටු කාර්යාලය දැම්මෙ. ඒක කෙටි කාලයකට විවෘත කළේ. ඒක වහලා දැම්මේ නෑ. ඒකෙ කාලය ඉවර වුණා. නැවත කාලය දිගු කළේ නෑ. ඒකෙන් කෙරෙන්න ඕන කාර්ය භාරය කළා. පහුගිය ආණ්ඩුවෙ අය​ගෙ පැමිණිලිත් මේ ආණ්ඩුවෙ අයගෙ පැමිණිලිත් මේ හරහා එකතු කර ගත්තා. දැන් ඒවා අදාළ ආයතනවලට බාර දෙනවා.   

 


 මේ ගැන ජනාධිපතිතුමයි අගමැතිතුමයි එක අදහසක නෑ නේද?  
 නෑ, එහෙම එකක් නෑ. දෙන්නම එකඟතාවෙන් තමයි මේ තීන්දුව අරගෙන තියෙන්නේ.  

 


 පහුගිය කැබිනට් රැස්වීමේදී මේ ගැන කතා කරද්දී ජනාධිපතිතුමා පරළ වුණා කියන්නේ ඇයි?  
නෑ. එහෙම කේන්ති යෑමක් වුණේ නෑ. නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ තියෙන එෆ්.සී.අයි.ඩී. එකත්, අධිකරණ අමාත්‍යාංශය යටතේ තියෙන නීතිපති දෙපාර්තමේන්තුවත් තවදුරටත් කාර්යක්ෂම වෙන්න ඕන කියලා තමයි එතුමා කිව්වේ. ඒක තමයි ඒවා ඔහු යටතට දෙන්න කියලා ඉල්ලුවෙ. මාස තුනකින් ප්‍රතිඵල පෙන්නයි කියලත් කිව්වා.   

 


 ජනාධිපතිතුමාට අවුරුදු දෙකක් ගියාද මේ ආයතන අකාර්යක්ෂමයි කියලා තේරෙන්න?  
මේ ආයතන තමන්ගේ රාජකාරිය කරනවා. ඒවා අකාර්යක්ෂම නෑ. තවදුරටත් ඒක සීඝ්‍ර වෙන්න ඕන කියලත් එතුමා කිව්වේ. ඕනම දේක හොඳ-නරක පේන්න ටිකක් කාලයක් ඕන වෙනවනේ.  

 


 මනෝ ගනේෂනුත් කිව්වේ මේ ආයතන ජනාධිපතිතුමා අතටම දෙන්න කියලා?  
 ඔව්. ජනාධිපතිතුමාගෙ මේ කතාවෙන් පස්සේ මමත් කිව්වා එතුමා කියපු විදියටම මේවා එතුමා යටතට දෙන්න කියලා. එතුමාටම ඕන නම් පුළුවන් ඔහොම කිය කියා ඉන්නේ නැතුව ඒවා පවරාගන්නත්. චන්ද්‍රිකා ජනාධිපතිනිය මතකනේ යූ.ඇන්.පී. එකේ අමාත්‍යාංශ පවරා ගත්ත හැටි. මේ යහපාලන ආණ්ඩුවේදී එහෙම කටයුතු කරන්න මෛත්‍රිපාල ජනාධිපතිතුමා සූදානම් නෑ.  

 


 මේ ආණ්ඩුව ගෙනෙද්දි ඔබලගේ ලොකුම සටන් පාඨය වුණේ රාජපක්ෂලා හොරු කියන එක. හැබැයි අද රාජපක්ෂලා රකිනවා වගේ?  
රාජපක්ෂලා අමුතුවෙන් රකින්නෙ නෑ. මේ පරික්ෂණවලට යම් කාලයක් අවශ්‍යයි. බලෙන් ඇදගෙන ගිහින් හිරේ දාන වැඩ යහපාලන ආණ්ඩුවෙන් කෙරෙන්න බෑනේ. නීතිය ක්‍රියාත්මක වෙන්න කාලයක් ගත වෙනවා. හරියටම පරික්ෂණ සිද්ධවෙලා තීන්දු තීරණ ලැබෙන්න ඕන. මේ විමර්ශන කිසිම එකක් මඟ නතරවෙලා නෑ. ඒවා දිගටම කෙරෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවෙ කාර්ය භාරය තමයි දැන් සිදුවෙමින් පවතින්නේ.  


 මාධ්‍ය නිදහස ගැන කතා කරමින් ආපු මේ ආණ්ඩුවෙ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා අපි දැකපු කෙනෙක්නේ මනෝ ගනේෂන්. දැන් ​මේ ආණ්ඩුව ගේන්න යන මාධ්‍ය නියාමනය ගැන ඔබ දන්න දේ කියන්නකෝ?  
මම නම් ඒ ගැන මොකුත් දන්නේ නැ. අපේ ඇමැති මණ්ඩලේ අයත් ඔය වගේ දෙයක් ගැන දන්නෙ නෑ මං හිතන්නේ. එක එක පුද්ගලයින්ගේ ඔළුවෙ තියෙන ඒවා තමයි එළියට දාන්නේ ඔය වගේ. මාධ්‍ය නිදහසට අත තියන්නෙ නෑ මේ ආණ්ඩුව. අපි ඒක කරන්න ඉඩ තියෙන්නෙත් නෑ. මාධ්‍ය මේ ආණ්ඩුවට කොච්චර පහර දුන්නත් අපි මාධ්‍යයට වැට බඳින්නේ නෑ.  

 


 රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය තියෙන්නේ ඔබ යටතේ. ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට විවිධ චෝදනා එල්ල වෙනවා. ඔබ මේවා ගැන හොයලා බලනවද?  
ඔව්, ඒකේ වගකීම තියෙන්නේ මගේ යටතේ. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මොකක් හරි චෝදනාවක් තියෙනවා නම් ඒ සම්බන්ධව පැහැදිලි සාක්ෂි එක්ක ඕනම කෙනෙකුට පුළුවන් පැමිණිලි කරන්න. දැනටත් ප්‍රදේශ දෙකක තියෙන රාජ්‍ය නොවන සංවිධාන දෙකක් ගැන ආපු පැමිණිලි අපි සලකා බලනවා. රාජ්‍ය නොවන සංවිධාන අහිතකර දෙයක් නෙවෙයි. ඒ වගේම ඒ මුවාවෙන් රටට අහිතකර දේවල් කරන්න දෙන්නත් බෑ. ලංකාවේ මොකක් හරි එන්.ජී.ඕ. එකක් ගැන කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කෙළින්ම මට ඒක කියන්න. මම ඒක හොයා බලන්නම්.  

 


 ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුවේ යම් යම් දේ විවේචනය කරන්න ගිහිල්ලා ජනාධිපතිගෙන් හරි අගමැතිගෙන් හරි බැණුම් අහන්න එහෙම වුණේ නැද්ද?  
එහෙම නම් කිසිම බලපෑමක් මට ඇති වුණේ නෑ මේ වනතෙක්. ඒක ඒ අයට ගෞරවයක් විදියට කියන්න ඕන. පහුගිය ආණ්ඩු නායකයෝ නම් ඇමැතිවරු ඇතුළු අය අරලියගහ මන්දිරේට ගෙන්නලා හොඳින් කතා කරලා කාමරේට එක්ක ගිහින් කරපු දේවල් මිනිස්සු දන්නවා. දැන් එහෙම ඒවා වෙන්නේ නෑ.

 

සාකච්ඡා කළේ
ප්‍රියන්ත කොඩිප්පිලි  



අදහස් (0)

චන්ද්‍රිකා වගේ අමාත්‍යංශ පවරාගන්න මේ ජනාධිපතිතුමා සූදානම් නෑ

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

ආණ්ඩුවේ ජන රැල්ල නඩත්තු කිරීමේ අභියෝගය
2025 ජනවාරි මස 15 86 0

වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ ප්‍රධාන වශයෙන්ම ‘ෆේස්බුක්’ මෙහෙයුමකිනි. මුහුණු පොත එපා වන තරමටම ජාතික ජනබලවේගයට පක්ෂපාතී එම බලවේගයේ මැතිවරණ ප්‍රචාරණය ර


තුන් වතාවක් නම වෙනස් වී වමටත් දකුණටත් ගිය ආසනය
2025 ජනවාරි මස 07 291 0

1947 ප්‍රථම මහා මැතිවරණයේ සිට ඡන්ද කොට්ඨාස මට්ටමෙන් පැවැත්වූ අවසාන මැතිවරණය වූ (1977) දක්වා “තට්ටු මාරු ක්‍රමයට” වමටත්, දකුණටත් ජයග්‍රහණය ලබා දුන් අවස්ථා තු


ලෙනින්ගේ සයිබීරියානු පිටුවහල් ජීවිතය
2025 ජනවාරි මස 07 310 0

1897 පෙබරවාරි 13 වැනි දින ලෙනින්ට නැගෙනහිර සයිබීරියාවට අවුරුදු 3ක් පිටුවහල් කරහැරීමේ දණ්ඩනයක් පනවන ලදී.


ධූරයෙන් ඉවත් කළ මැති ඇමතිවරු
2025 ජනවාරි මස 06 405 0

ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමෙහිලා සහ ඉටු කිරීමෙහිලා තමාට සහය දීම පිණිස තම මතය අනුව අවශ්‍ය වන ලේකම්වරයන් පත් කිරීමට ද, අමාත


මැති ඇමති ඉල්ලා අස්වීම් පුරාණයෙන්
2025 ජනවාරි මස 06 77 0

මැති ඇමති මන්ත්‍රීන් ඉල්ලා අස්වීම යනු ලෝක දේශපාලනයේ නවමු පුවතක් නොව නිතර ඇසෙන පුවතකි. යම් වරදක් අඩුපාඩු සිදුවූ විට එහි වගකීම බාරගනිමින් තමන් දැරූ ධූරය


සියල්ල සුද්ද කරන්න ක්ලීන් ශ්‍රී ලංකා
2025 ජනවාරි මස 06 67 0

“ලස්සන ලංකාවක්”‍ හදන්නට අප මතක ඇති කාලයේ පටන් සිහින දකිමින් සිටින්නෙමු. කලින් පරපුරත් එලෙස සිහින දකින්නට ඇත. පසු පරපුරත් සිහින දකිමින් සිටියි. ජාතික ජ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 337 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site