විධායක බලතල ඇති අගමැතිවරයකු සහ ජනාධිපතිවරයකු සිටිනවිට ඇමැති සංශෝධනයක් නොව කිසිවක් කර ගැනීමට නොහැකි තත්ත්වයට ගැටලූ ඇතිවීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
හලාවත - මාදම්පේ ප‍්‍රදේශයට පෞද්ගලික කටයුත්තක් සඳහා පෙරේදා 21 වැනිදා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
රටේ ජනතාවට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව අස්ථාවර එකක් කියලයි. තුනෙන් දෙකක බලයක් ලබාගෙන තිබෙන්නේ ඒ අයට හිතවත් පක්ෂවලට විවිධ දේවල් දීලයි. ඒත් රට තුළ අස්ථාවර ආණ්ඩුවක් තියෙන්නේ කියන එක පැහැදිලියි.

ඇමැති මණ්ඩලය සංශෝධනය කිරීම ජනාධිපතිවරයාට තියන අයිතියක්. ඒත් ජනාධිපතිවරයාට කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මොකද අගමැතිවරයා විරුද්ධවීම නිසා. විධායක බලය පාවිච්චි කරන අගමැතිවරයෙක් සහ විධායක බලය පාවිච්චි කරන ජනාධිපතිවරයකු සිටිනවිට කිසිම දෙයක් කරන්න බැහැ. මෙහෙම ගියොත් රට විනාශවෙලා යනවා. අපිට දුක ඒකයි.
පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත පෙරේරා, වයඹ පළාත් සභා මන්ත‍්‍රී පාලිත රෝහණ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
අඩුම ගාණෙ ඒ තනතුරු දෙක එක පවුලෙ දෙන්නෙක් වත් දැරුවනන් මොකක් හරි වෙන්න තිබ්බ නේද? දෙදෙනෙකු අතර බලය තියෙන්නේ තනි පුද්ගලයෙකුට බලය ඒකරාශී වී නිවරදිව කටයුතු කරන්නයි.
ඔය වැදි බණ කීවාට වැඩක් නැහැ. රටේ දැන් ඇතිවීගෙන යන තත්වයට වග කියන්න ඕනේ. අසීමිත බලය නිසි අයුරින් භාවිතා කරානම් ඔබතුමා පරදින්නේ නැහැ. එහෙම වුණානම් අද මෙවැනි තත්වයක් රටේ ඇතිවෙන්නේ නැහැ. එ.ජා.ප. යට බලය ලැබුණොත් මොකද වෙන්නේ කියා ඔබතුමා අපට වඩා හොඳින් දන්නවා. එහෙම දැනගෙනත් රට මේ තත්වයට පත් කිරීම ගැන චෝදනාවෙන් බේරෙන්න නම් බැහැ...
අනේ!!! කරපු ටික නම් රටම දන්නවා... ඕවා නිකන් වැදි බණ තමයි.
ශාන්,... කරපු ටික හරියට කරපු නිසා තමයි අද කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්නේ. මුල මතක නැත්තේ ඇයි?
ජපානේ පන්සල්වලට යන්නේ සල්ලි අරගන්න ද?
කාට කාටත් අවලාද නගන්න රටක් බාර දුන්න එක දැන් ගොඩ දෙනෙකුට අමතකයි. ඕක තමයි රටට වෙලා තියෙන කරුමේ....
ඒ කියන්නේ මෙයාගේ පෞද්ගලික කටයුතු වලටත් මාධ්‍යවේදීන් නැතුවම බැරි උපාංගයක්ද ?
පව් කල අය කර්මයට කවදා හරි මුහුණ දෙනවා. සමහරු එක මොහොතකින් සැප විඳගන්න තිබුණ කාලයද තණ්හාව නිසාම අඩුවී උන්මත්තකයෝ මෙන් ප්‍රසිද්ධව හැසිරෙනවා.