IMG-LOGO

2023 මැයි මස 31 වන බදාදා


එකක් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා: අනෙක අධිකාරිවාදයට ආවඩනවා

(*** විනිතා එම්. ගමගේ)

අද වනවිට රට කඳවුරු දෙකකට බෙදී ඇති බවත් එකක් අධිකාරීවාදයට ආවඩන කඳවුර වන අතර අනෙක ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කඳවුර බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකිර් මාකර් මහතා ඊයේ ප්‍රකාශ කළේය.

බල තුලනය අහෝසි කර සියල්ල විධායකය යටතට ගන්නට දරන උත්සාහයක් විධායකය තුළින් පෙනී යන්නේ යැයි ද පරිණත අගමැතිවරයකු සිටිතත් අද අගමැති උපදෙස් ගණන් නොගෙන ජනාධිපතිවරයා තම අභිමත පරිදි කටයුතු කරමින් සිටින්නේ යැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

නීතියක් අවශ්‍ය නැහැ. චක්‍රලේඛ අවශ්‍ය නැහැ. මම කියන දේ තමයි නීතිය යැයි කියන රටක තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය රැකගත හැකි දැයි ඔහු ප්‍රශ්න කළේය.

ඉමිටියාස් බාකිර් මාකර් මහතා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය කාර්යාලයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහි දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා 19 වන සංශෝධනයෙන් පසු මැතිවරණවල ප්‍රචණ්ඩත්වය වාර්තා වූයේ නැතැයි ද ඉන් පෙර මැතිවරණවල ඉතාම නරක අන්දමින් ප්‍රචණ්ඩත්වය වාර්තා වූයේ යැයි ද සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුවේ එකම උවමනාව වී ඇත්තේ 20 වැනි සංශෝධනය කෙසේ හෝ සම්මත කර ගැනීම යැයි ද රටේ ප්‍රශ්න පිළිබඳව කිසිදු හැඟීමක් ඔවුන් තුළ නොමැති බව ද හෙතෙම කියා සිටියේය.

ජීවන වියදම් ඉහළ ගිහින්. ලක්ෂ ගණනක් රැකියා නැතිව සිටිනවා. විදේශගත වෙලා සිටින විශාල පිරිසක් මේ රටට එන්න බැරිව සිටින බවත් පැවැසූ බාකිර් මාකර් මහතා ලංකාවේ සිටියත් පිටරට සිටියත් අපේ ජනතාව රැකබලා ගැනීම රජයේ යුතුකම හා වගකීම යැයි ද කීය.
ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු නොමැතිවීම හා නිසි ලෙස ඒ ප්‍රශ්න ඇමතිය නොහැකි වීම තුළ මතුවිය හැකි තත්ත්වයන් ගණනාවක් වන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන උත්තරීතර ලියවිල්ලක් වන අතර එය ජනතා අයිතිවාසිකම් ගලා එන උල්පත වන්නේ යැයි ද ඔහු කියා සිටියේය.

එය වෙනස් කිරීමක දී ජනතා සංවාදයක් කතිකාවක් අවශ්‍ය වන අතර ප්‍රබුද්ධ අදහස් මෙන්ම සමාජයේ අදහස් හුවමාරුවක් සිදුවිය යුතු යැයි ද කියා සිටි ඔහු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරන්නට කමිටුවක් පත් කර ඇති මොහොතක එයට ඉඩ නොදී මේ සංශෝධන කඩිමුඩියේ සම්මත කරගන්නට යන්​නේ යැයි කී බාකීර් මහතා පාලක පක්ෂයේ දේශපාලනඥයින් පවා මේ සංශෝධන ගැන විවේචන ඉදිරිපත් කරන්නේ යැයි  ද කීය.

මේ නිසා අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කළ නමුත් ඒ කිසිවක් නොසලකා කිසිදු වෙනසකින් තොරව එම සංශෝධන ගෙන එන්නට රජය සූදානම්වන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.

සමහර පාලක පක්ෂයේ දේශපාලනඥයින් මේවා හදන්නට අපි දායක වූණේ නැතැයි කියමින් අත හෝදාගන්නට හදන බවත් මේ පිටුපස සිටිමින් මේවා හදන්නට පියවර ගත් අදෘෂ්‍යමාන හස්තය කුමක් දැයි තමන් විමසා සිටින බවත් ඔහු කියා සිටියේය.

මේ වැනි සිද්ධීන් වෙනත් කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුනොවී යැයි ද අසීමිත බලයක් කෙනෙකුට ලැබුණු විට ඔවුන් සිතන්නේ මට ලැබුණු බලය අසීමිතයි. මේ වගේ බලයක් වෙන කාටවත් ලැබුණේ නැහැයි යැයි සිතමින් අධිපතිවාදය පතුරන පාලකයන් ලොව පුරා නොයෙක් අවස්ථාවන් හිදී දැකිය හැකි වී යැයි ද පැවසූ බාකීර් මාකර් මහතා මෙවැනි දේ සිදුවන විට බලා සිටින්නට හැකියාවක් ඇත්දැයි ප්‍රශ්න කර සිටියේය.

ජනතා වරමකින් බලයට පත්වන ආණ්ඩුවක් වසරකින් පසු කැමති අවස්ථාවක බලයෙන් පහකිරීමට ජනාධිපතිවරයාට බලය දෙන සංශෝධනයෙන් සිදුවන්නේ පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයින්ට තර්ජනය කිරීමක් යැයි ද අගමැතිවරයා ද මෙයින් හෑල්ලු කර ඇති බව යැයි ද හෙතෙම කියා සිටියේය.

මොකක්ද මේ කරන්න හදන්නේ. මෙයින් පුරවැසි අයිතිවාසිකම් අහෝසි කරමින් එක පුද්ගලයෙක් හිතු මතේ වැඩ කරන්නට යාම යැයි ද ඔහු සඳහන් කළේය.

අපේ රටට ලී ක්වානු යූ කෙනෙක් ඕන කියන නමුත් අපට පෙනෙන්නේ කඳවුරු දෙකක් පමණකැයි ද පෙන්වා දුන් බාකිර් මාකර් මහතා මහජන මුදල් පරිහරණය කරන හැටි විගණනයට පවා ඉඩක් මේ රජයේ නැතැයි ද පෙන්වා දුන්නේය.

බැඳුම්කරය වැනි ප්‍රශ්න එළියට ආවේ විගණකාධිපතිවරයාගේ අභිමතය නිසා යැයි ද වත්මන් රජයේ පිළිවෙත් නිසා විගණකාධිපතිවරයාගේ බලය බිඳී ඇතැයි ද පෙන්වා දුන් මන්ත්‍රීවරයා විගණකාධිපති පත් කරද්දී සුදුසුකම් ගැන පවා වචනයක් වත් නැතැයි පෙන්වා දුන්නේය.
ජනතාව මේ සම්බන්ධව දැනුවත් විය යුතු යැයි ද අවදිවිය යුතුව ඇතැයි ද කී ඔහු සත්‍ය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් සියලු දෙනා තම වගකීම් අනාගතය වෙනුවෙන් ඉටු කළ යුතු යැයි ද කියා සිටියේය.

නැවත නැවතත් සිවිල් සංවිධානවලට ජනතා නියෝජිතයන්ට කියන්නට ඇත්තේ අපි මුණිවත රැක්කොත් සිදුවෙන්නේ පුරවැසි අයිතිවාසිකම් නැති හෑල්ලු කරපු සමාජයක් අනාගතයට ඉතිරි වෙන බව යැයි කි ඔහු අද ස්වාධීන කොමිසන් සභා අවසන් කර අභිමතයට අනුව සියල්ල කළ හැකි තැනට පත් කරගෙන ඇතැයි ද පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත් කරන්න පුළුවන්. අභියාචනාධිකරණ සභාපති විනිසුරු පත් කරන්න පුළුවන් එහි විනිසුරුවන් පත් කරන්න පුළුවන්. නීතිපති පත් කරන්න පුළුවන්. පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, මුදල් කොමිසම පත් කරන්නේ ජනාධිපතිවරයාගේ අභිමතයට අනුවයි.

පුද්ගලයින්ට විරුද්ධව නොව අධිපතිවාදයට විරුද්ධව තමන් කතා කරන බවත් අනාගත පරපුර වෙනුවෙන් රකින්නට රටක් මේ තත්ත්වයේ දී ඉතිරි නොවෙන බවත් කී මන්ත්‍රීවරයා මෙවන් හැසිරීමකට කිසිවෙකුත් උදව් කළ යුතු නැතැයි ද පැවසීය.

විගණන නිලධාරින්ගේ සංගමය මේවාට විරුද්ධව අදහස් දක්වා ඇතැයි ද අනෙක් පිරිස් ද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිය යුතු යැයි ද මහජන නියෝජිතයින් ද ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු යැයි ද ඔහු තව දුරටත් සඳහන් කළේය.

 



අදහස් (1)

එකක් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා: අනෙක අධිකාරිවාදයට ආවඩනවා

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 01 October 2020 08:27 AM

ඉමිතියාස් බාකීර් මාකර් කියන්නේ බොහෝ කලක සිට මා හොඳින් දන්නා හඳුනන උගත්, බුද්ධිමත් දේශපාලනඥයෙක්... එතුමා මේ ලිපියෙන් දක්වා ඇත්තේ බොහෝමත්ම වැදගත් විග්‍රහයක් බව බුද්ධිමත් කොයිකාටත් පෙනීයනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ලැබුණු බලයට සාධාරණය ඉටුකළ නොහැකි වුණා
2023 මැයි මස 01 2076 28

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත් බලය වෙනුවෙන් අවශ්‍ය සාධාරණය ඉටුකිරීමට නොහැකි වූ බවත් එයට සමහර වැරදි තීන්දුත් හේතු වූයේ යැයි පිළිගන්නා මෙන්ම වැරදුණු


‘‘පළාත් පාලන මැතිවරණය අප ඉහළින් ජයගන්නවා‘‘
2023 මාර්තු මස 06 1134 3

අපි පාර්ලිමේන්තුවෙදි මැතිවරණයක් ඉල්ලනකොට කට වහගන්න වාඩි වෙන්න කියල වර්තමාන ජනාධිපතිවරයා අපට කියනවා. නමුත් ඔබ වාඩිවෙලා කට වහගන කරුණාකරල මැතිවරණය පවත


‘‘බුද්ධි අංශ වාර්තා දැකලා රනිල් බය වුණා‘‘
2023 මාර්තු මස 06 2641 6

රනිල් වික්‍රමසිංහ රටේම බුද්ධි අංශ වාර්තා කැඳෙව්ව. බුද්ධි අංශ වාර්තා පහක් කැදවා තිබුණ. ඒ සියල්ලෙම පැහැදිලිවම සදහන් කරල තිබුනෙ ලංකාවෙ හතර දිග් භාගයකම වා


සටනේ කෙළවර ජයග්‍රහණයයි
2023 මාර්තු මස 03 852 0

අරගලයක ප්‍රතිඵලයක් විදිහට ගිය වසරේදී ගෝඨාභය ජනාධිපති, අගමැති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ඇමති මණ්ඩලය ඔවුන්ගේ තනතුරුවල ඉන්න බැරිව පැනලා ගියා. ඒ අරගල ගැන කත


‘‘බදුබරට, විදුලි බිලට සහන දෙනවා‘‘
2023 මාර්තු මස 02 304 0

රාජපක්ෂ සෙවනැලි රජය ජනතාව වලපල්ලට ඇද දමා සුරසැප විඳිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.බදුබර, විදුලි බිල වැඩි කර පීඩාවට පත්ව


මම දකින නායකයා සජිත් ප්‍රේමදාස
2023 පෙබරවාරි මස 26 690 1

තමන් දකින එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් මාලිමාව බිල්ලෙක් මවා පැමිණ සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසුවේය. තමන්ගේ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 76 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 794 0
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 492 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site