IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හෙට අනිද්දට මේ ආණ්ඩුව කඩාගෙන වැටෙනවා

දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසන්නේ තව වෙසක් පෝය දෙකකටත් පෙරම වර්තමාන ආණ්ඩු බිඳවැටීමට ඉඩ ඇති බවයි. මේ ඔහු ඉරිදා ලංකාදීපය සමඟ පළ කළ අදහස්ය.

 

● මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා කියන විදියට තව වෙසක් පෝය දෙකකින් කට්ටිය අලුත් ආණ්ඩුවක් හදනවලු නේද?
මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වට වෙසක් පෝය දෙකක් කියලා මේ යන විදියට තව පසළොස්වක පෝය දෙකකින් වුණත් මේ ආණ්ඩුව පෙරළන්න පුළුවන්. දැන් අපිද යූ.එන්.පී. එකේ රෙදි ගලවනවා කියල කියන්නේ? දැන් එහෙම කියන්නේ පාරම්පරික යූ.එන්.පී. කාරයො වෙන අලුවිහාරෙලා. පාලිත රංග බණ්ඩාර කියන්නේ අපරාදෙ මේ ආණ්ඩුව හදන්න මහන්සි වුණේ කියලා. පාලිත තෙවරප්පෙරුම කියන්නේ බස්නාහිර ඉන්න මිනිහට වයඹ සංවර්ධන ඇමැතිකම තියාගෙන මොනවා කරන්නද කියලා. දැන් ආණ්ඩුවෙ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අයත් කියන්නේ මේ යන විදියට ආණ්ඩුවට තවදුරටත් යන්න බෑ කියලා.


ඒ අය කියන විදියට ලබන සැප්තැම්බර්වලදී හවුල් ආණ්ඩු දීගය අවසන් වෙනවා. ආණ්ඩුව ඇතුළෙ පිටිපස්සෙන් කැරැල්ලක් මතුවේගෙනත් එනවා. ඒක සමනය කරන්න තමයි ඊයෙ පෙරෙයිදා කට්ටියකට අධීක්ෂණ මන්ත්‍රීකම් දුන්නේ. ජනාධිපතිවරයයි අගමැතිවරයයි අතරෙත් හොඳ අවබෝධයක් සහ එකඟතාවයක් පේන්න නෑ. චීන වරායේ ප්‍රශ්නෙ ගැන දෙගොල්ලො කියන්නේ කතා දෙකක්. මේ අය අතරෙ එකඟතාවයක් නෑ. මේ දෙගොල්ලන්ට රට සංවර්ධනය කරනවට වඩා තියෙන්නේ 2020 දී බලය ගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. දෙගොල්ලොම ඒකටයි පොරකන්නේ.


අනිත් පැත්තෙන් ඩිලාන් පෙරේරා කියනවා අපි එනකං නල්ලතන්නියෙ බලාගෙන ඉන්නවා කියලා. මිනිහා නල්ලතන්නියෙද වෙන කොහේ හරි අම්බලමක ඉන්නවද කියල නම් අපි දන්නෙ නෑ. එයාලා අපි එනකම් නල්ලතන්නියේ බලන් ඉන්නේ යූ.එන්.පී. එකත් එක්ක තවත් යන්න බැරි නිසානේ. ඕක තමයි තත්ත්වය. මේ තියෙන තත්ත්වය උඩ අපිට කරන්න දෙයක් නෑ. ආණ්ඩුව නිකන්ම කඩාගෙන වැටෙනවා.


ඒක නිසා අපිට පෝය ගණන් කර කර ඉන්න දෙයක් නෑ. හෙට අනිද්දා ආණ්ඩුව වැටෙන හැටි බලාගෙන ඉන්නයි තියෙන්නේ. ආණ්ඩුව කඩාගෙන වැටෙන්නේ නිකන්ම නෙවෙයි. මරහඬ දීගෙනයි මේ ආණ්ඩුව හෙට අනිද්දා කඩාගෙන වැටෙන්නේ.

 


● ආණ්ඩුවෙ පිරිස් කියන්නේ 2020 වෙනකම් මේ ආණ්ඩුව හොල්ලනවා බොරු කියලා. ඔබලත් යන්නේ එළුවගේ මොකක්ද එක වැටෙනකම් පස්සෙන් ගිය නරියගෙ ගමන වගේ එකක් කියලයි ඒ අය නම් කියන්නේ.
ඔය වගේ කතා කියන්න පුළුවන්. ඒත් ටිකක් ආණ්ඩුවෙ අභ්‍යන්තරයට එබිලා බැලුවමනේ ඇත්ත පේන්නේ.


● මීට මාස ගාණනකට කලින් නුගේගොඩදී මහින්ද සමඟ නැගිටින්න පටන්ගත්තු දවසෙ ඉඳලා ඔබලා කිව්වෙ ආණ්ඩුව හෙට වට්ටනවා වගේ කතානේ. කෝ කයිවාරු විතරනේ?
විරුද්ධ පක්ෂයක ඉන්නකොට කවුරුත් කියන්නේ ඔහොම තමයි. විපක්ෂෙ ඉන්න කොට ආණ්ඩු දිහා බලාගෙන නරඹන්නො විදියට ඉන්න බෑ. මොන මොනවා හරි කරන්න වෙනවා. අපි ආණ්ඩුවට පහර දෙන්න ඕනෑ. අපි ආණ්ඩුව වට්ටන්න පටන් අරගෙන තියෙන්නේ. ඒක ටිකෙන් ටික සිද්ධවෙනවා. ආණ්ඩුවෙන් එකපාරට එළියට එන්නෙ කවුද කියලා ජනාධිපතිතුමාටවත් අගමැතිතුමාටවත් හිතාගන්න බැරිවෙයි. බලාගෙන ඉන්නකො. විශේෂයෙන් යූ.එන්.පී. එකේ සමහර අය ආණ්ඩුවෙ හිටියත් නෑ වගේ තමයි. කලකිරීමෙන් ඉන්නේ ඒ අය.

 


● ආණ්ඩුව වට්ටනවා කිය කිය රැස්වීම් කීයක් නම් තිබ්බද? ඒකාබද්ධ විපක්ෂෙ අය මැයි දිනෙටත් ඔය තැටියමද ගහන්නේ?
මැයි දිනේ අපි කොච්චර ශක්තිමත්ද කියලා කාට කාටත් බලාගන්න පුළුවන්. අපිට මැයි දිනේ තියන්න ගෝල්ෆේස් පිටිය දීලා තියෙන්නෙ අභියෝගයක් විදියටනේ. බලන්නකෝ අපි ඒ අභියෝගය ජයගන්න හැටි. අපි ලක්ෂ ගාණක් සෙනඟ ගෙනල්ලා ගෝල්ෆේස් එක පුරවලා පෙන්නන්නම්. මහින්ද රාජපක්ෂ මහත්තයට ඡන්දෙ දීපු ලක්ෂ ගණනක ජනතාවගෙන් භාගයක් ගෙනාවත් ගෝල්ෆේස් එක පුරෝගන්න පුළුවන්නේ. ඕක මහලොකු අමාරු වැඩක් නෙවෙයි.

 


● හැමදාම ගණිත සූත්‍ර හදලා කියන බන්දුල ගුණවර්ධන ආර්ථික විද්‍යා ගුරුතුමා නම් කියන්නේ ලක්ෂ විස්සක් ගෝල්ෆේස් එකට ගේනවා කියලා.
එතුමා කිව්වෙ දේශපාලන කතාවක්නේ. ලක්ෂ විස්සක් හරි ගෙනල්ලා පුරවනවා කියලනේ කිව්වෙ. හරියටම ගණන් මිණුම් අපිට කියන්න බෑ. දැන් සමහරු ගෝල්ෆේස් එකට දාන්න පුළුවන් කොච්චරද කියල ගණන් හදලා කියනවා. සමහරු වර්ගඵලයත් විග්‍රහ කරනවානේ. අපි කියන්නේ අපි ගෝල්ෆේස් එක පුරවනවා එච්චරයි.

 


● වර්ග අඩියට ගණන් මිණුම් කැල්කියුලේට් කරලා ගෝල්ෆේස් එකේ දාන්න පුළුවන් ප්‍රමාණය කිව්වෙ වෙන කවුරුවත් නෙවෙයි. මහින්ද රාජපක්ෂගෙම මල්ලි බැසිල් රාජපක්ෂනේ ඉතිං. 
ඔව් එයත් කිව්වා. හැමදාම අපි රැස්වීමක් තියනකොට රැස්වීමට එන මිනිස්සු ප්‍රමාණය ගැන අමාරුව හැදෙන්නෙ වෙන අයටනේ. වර්ග අඩියට දාන මිනිස්සු ගාණ මම දන්නෙ නෑ. ඒ කොහොම වුණත් අපි ගෝල්ෆේස් එක මැයි පළවෙනිදා පුරවලා පෙන්නන්නම්. එතකොට බලාගන්න ආණ්ඩු විරෝධයේ තරම කොච්චරද කියලා.

 


● මේ මැයි රැලිය “ලීඞ්” කරන්නේ කවුද? මහින්ද රාජපක්ෂද බැසිල් රාජපක්ෂද එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ද?
ඉතාම පැහැදිලිව අපේ නායකයා මහින්ද රාජපක්ෂ. එතුමාගෙ නායකත්වයෙන් තමයි මැයි රැලිය පවත්වන්නේ. එතුමා තමයි අපට උපදෙස් දෙන්නේ. ඒකෙ ප්‍රධාන කාර්යභාරයක් බැසිල් රාජපක්ෂ මැතිතුමත් ඉටු කරනවා. ඉතිහාසයේ කළා වගේම.

 


● බැසිල් රාජපක්ෂගෙ ඉතිහාස කාර්යභාරය ගැන නම් පහුගිය ආණ්ඩුවෙ ඉඳපු මැති ඇමැතිවරුම සුද්ද සිංහලෙන් කියනවා. මැයි රැලියෙ කාර්යභාරයත් ඒ වගේ වෙයිද?
එතුමාගේ ඉතිහාස කාර්යභාරය ගැන විවිධ නිර්වචන තියෙනවා. ඒත් මම පහුගිය ආණ්ඩුවෙ ඉඳපු කොටස්කාරයෙක් විදියට කියන්නේ බැසිල් රාජපක්ෂ දැවැන්ත සේවයක් පහුගිය ආණ්ඩුව කාලේ කළා.


එතුමා කරපු කැප කිරීම බොහෝ දෙනෙක් කළේ නෑ. ඒක අපි අගය කරන්න ඕනෑ. එතුමා ආර්ථික සංවර්ධන ඇමැති විදියට සුවිශේෂී වැඩ කොටසක් කළේ. හරියට කෞටිල්‍ය කෙනෙක් කියලා කිව්වොත් නිවැරදියි. විවිධ ආර්ථික උපාය මාර්ගවලින් රටේ ආර්ථිකය ගොඩදාන්න ඔහු උත්සාහ ගත්තා.

 


● හැබැයි ඔය කෞටිල්‍ය ගැන පහුගිය ආණ්ඩුවෙ ඉඳපු ඇමැතිවරුම කියන්නේ ඒ අයටත් වැඩක් කරන්න බැරි විදියට භාණ්ඩාගාරෙ මුදල් ටික තමන්ගෙ අමාත්‍යංශයට පොල්කටු හැන්දෙන්ම බෙදාගත්තා කියලා.
බලය නැතිවුණාම ඕනෑ කෙනෙක් ගැන ඕනැ ඕනෑ හැටියට විවේචන කරන්න පුළුවන්. බලය නැතුව විපක්ෂෙ අවුරුදු ගාණක් ඉන්නකොට රනිල් වික්‍රමසිංහ නායකකමෙන් එළවන්න හතුරුකම් කරපු අය බලය ලැබුණට පස්සේ “යර්ස් සර්” කියාගෙන එයා පස්සෙන්ම ඉන්නෙ අද ඔය. එහෙම තමයි මහින්ද රාජපක්ෂටත් බලය නැතිවුණාම අද විවිධ විවේචන එල්ල කරනවා. අද බැසිල් රාජපක්ෂට ඔය කතා කියන්නේ බලය තියෙනකොට එයා ළඟ දැවටි දැවටි ඉඳපු මිනිස්සු. ඒ කොහොම වුණත් බැසිල් රාජපක්ෂගෙ යම් යම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. මටත් විවේචන තියෙන්න පුළුවන් ඔහු ගැන. ඒත් ඔහු රට ගොඩනැගීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කලා කියන එක අමතක කරන්න බෑ.

 


● ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ වාසුදේව නානායක්කාර එහෙම දැන් පිටපොට ගහන්නේ මෛත්‍රීපාල සිරිසේනගෙ කරට නගින්න කියලා කාටුන් එහෙම ඇඳෙනවා මේ දවස්වල.
මාධ්‍ය පුවත් මවනවනේ. වචනයක් එහෙ මෙහෙ වෙන්න බෑ මාධ්‍ය ඒකේ එල්ලෙනවා. ඒවට විවිධ අර්ථකථන දෙනවා. වාසුදේව කියන්නේ දේශපාලන කතාවක්. එයා කියන්නේ හවුල් ආණ්ඩුවෙන් අයින් වෙනවනම් අපි මෛත්‍රී සමඟ හිටගන්නවා කියලා. ඒක දේශපාලන උපාය මාර්ගයක්. ආණ්ඩුවෙ පාර්ශ්ව දෙකෙන් එකක් අයින් වුණාම ආණ්ඩුව දුර්වල වෙනවනේ. ඉතිං අපි බලන්න ඕනෑ ආණ්ඩුව දුර්වල කරන විදියක්නේ. ඒකටයි වාසුදේව එහෙම කියන්න ඇත්තේ.

 


● ඔබලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් පිට පැනීම තුළ සුගතියක් තියෙනවා කියලද හිතන්නේ?
මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අවුරුදු තිස් ගණනක සාමාජිකයෙක්. මම මේ පක්ෂය ගොඩනගන්න දහදුක් විඳපු මිනිහෙක්. ඉස්සර අපි කිව්වෙ කැපුවත් නිල් කියලා. අවාසනාව කියන්නේ දැන් එහෙම කියන මිනිහෙක් නෑ. ඒක වුණේ පහුගිය අවුරුදු දෙක තුළ. ගම්වල ශ්‍රීලනිපයට ප්‍රසාදයක් නෑ. මිනිස්සුන්ගෙ සහයෝගයක් නැති පක්ෂයක ඉඳගෙන අපි ඡන්දෙ ඉල්ලලා ගොඩ එන්නෙ කොහොමද?

 


● හැබැයි මේ ශ්‍රීලනිප අර්බුදයේ සැලකිය යුතු පංගුවකට වගකියන්න ඕනෑ ඔබලා අද කරේ තියාගෙන යන රාජපක්ෂලා කියලා සමහරු කියන්නේ.
ඒක පිළිගන්න පුළුවන් කතාවක් නෙවෙයි. ශ්‍රීලනිපය ඉහළම ජයග්‍රහණ ලැබුවෙ රාජපක්ෂ යුගයේදී. ඒකයි ඇත්ත. ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කරලා බැලුවොත් ඒක වැටහේවි කාට කාටත්. ගමේ ගොඬේ නිතර ඇවිදින මිනිහෙක් විදියට මට කවදාවත් දැනිලා නෑ රාජපක්ෂවරු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදයට ගියා කියලා.

 


● විමලවීර දිසානායකගේ අතිජාත මිත්‍ර විමල් වීරවංශගේ කිරි බීමෙන් කෙළවර වුණු උපවාසය ගැන මොකද හිතෙන්නේ? සමහරු මේකට ‘විමල්ගේ උපවාස නාඩගම’ කියලත් කිව්වා.
පහුගිය ටිකේ විමල් වීරවංශ උසාවි ගේනකොටත් හිරේට යනකොටත් හැම තැනටම මම ගියා. විමල් මගේ හොඳ දේශපාලන මිත්‍රයෙක්. මම එයා වෙනුවෙන් පෙනී ඉන්නවා. විමල්ගෙ උපවාසය නාඩගමක් විදියට කෙනෙකුට පේන්න පුළුවන්. ඒත් ඒක යට තියෙන කතාව වෙනස්. විමල් අත්අඩංගුවට ගත්තු ක්‍රමය ගැන අපිට විවේචනයක් තියෙනවා. වාහන අවභාවිතයක් සම්බන්ධයෙන්නේ විමල්ට මේ චෝදනා තියෙන්නේ. ඒත් එවකට මේවට සම්බන්ධ වුණා කියලා නම කියවෙන දැන් යූ.එන්.පී. එකට එකතුවෙලා ඉන්න ආශු මාරසිංහලා මේ ආණ්ඩුවෙ ඇමැතිකම් ගත්තු ලසන්ත අලගියවන්නලා ගැන කිසිම කතාවක් නෑ. ඇයි විමල් පස්සෙ විතරක් පන්නන්නේ? නීතිය අසමාන වෙලා අද. නීතියේ ස්වාධීනත්වය ගැන වැදි බණ කියන ආණ්ඩුවක්නෙ මේක. මීට කලින් ඇප ඉල්ලපු සියලු ඇමැතිවරුන්ට ඇප දෙද්දී විමල්ට විතරක් ඇයි ඇප නොදෙන්නේ? මේක දේශපාලන දඩයමක්. දේශපාලන පළිගැනීමක්. කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් ඒ අයට දඬුවම් දීම ගැන කිසිම විවාදයක් නෑ. ඒත් දේශපාලන පළිගැනීමට අපි විරුද්ධයි. මේ ආණ්ඩුවෙ ලොකුම හොරකම වෙච්ච මහ බැංකු කොල්ලය ගැන කෝ පරීක්ෂණ? අගමැතිතුමා ඒ ගැන මොකද කියන්නේ? තමන්ගෙ ගජ මිතුරන්ට මහ බැංකුව කොල්ල කන්න ඉඩදීලා දැන් කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. සැබෑ විපක්ෂය මර්දනය කිරීමේ දඩයමක් තමයි මේ පටන් අරගෙන තියෙන්නේ. විමල් ඒකේ ප්‍රධාන චරිතයක්.

 


● කල් ගිහින් හරි විමල්ට රනිල් වික්‍රමසිංහගෙ අනුකම්පාව යටතේ ඇප හම්බවුණා කියල රට්ටු කියන්නේ.
ඕකට නම් මට හිනා යනවා. ඔය කතාව ඇත්ත නම් රනිල් වික්‍රමසිංහට පුළුවන් වෙනවා කෙනෙකුට ඇප දෙන්න හිරෙන් එළියට ගන්න. එහෙම නම් කෙනෙක් හිරේ දාන්නත් එයාට පුළුවන් ඇතිනේ. ඒකද නීතියේ ආධිපත්‍යය? එයාට ඕනෑ හැටියට මිනිස්සු ඇතුළට දාන්නයි එළියට ගන්නයි පුළුවන්නම් නීතියක් අධිකරණයක් ඕනැ නෑනේ. විමල් වීරවංශට කාගෙවත් අනුකම්පාව නිසා ඇප ලැබුණෙ නෑ. ඒක අධිකරණ ක්‍රියාවලියක්. එයාට ඇප ලැබෙන්න තිබුණෙ මීට කලින්. ඒක ලැබුණෙ නැත්තේ කවුරු හරි මේවට ඇඟිලි ගහන නිසා.

 


 ● මීට අවුරුදු දෙකකට කලින් ගෙදර යවපු මහින්ද රාජපක්ෂ ඇතුළු කට්ටියට තව වෙසක් පෝය දෙකක් යන්න කලින් බලය දෙන්න රටේ මිනිස්සු කැමති වෙයි කියලද කියන්නේ?
මහා ලොකු පම්පෝරි ගහගෙන ආපු යහපාලන ආණ්ඩුවට අද මොකද වෙලා තියෙන්නේ? අපි කියන්න ඕනැ නෑ ඒ අයට ඡන්දෙ දීපු අයගෙන්ම අද අහලා බලන්නකො. අද මේ ආණ්ඩුව ඉතාම වේගයෙන් රට ඇතුළෙ අප්‍රසාදයට පත්වෙමින් යනවා. ලබන මැයි පළවෙනිදට ඒ ආණ්ඩු විරෝධය ගැන එක සාක්ෂියක් රටටම බලාගන්න පුළුවන්.

 


● හබරාදුවෙ පොඩි පිට්ටනියවත් පුරවගන්න බැරිවුණු ඔබලා ගෝල්ෆේස් එක පුරවන්න කතා කරන එක දැන් රටට ජෝක් එකක් වෙලා කියලා හිතෙන්නේ නැද්ද?
හබරාදුවෙ පිට්ටනිය පොඩියි කියන කතාව බොරු. මමත් හිටියනේ ඒ රැස්වීමේ. පිට්ටනියට එන්න බැරුව පාරවල්වලත් දහස් ගණන් මිනිස්සු එදා හිටියා. ඒ ගාල්ලෙ මිනිස්සු විතරක් ඇවිත්. ඉතිං ගෝල්ෆේස් එකට රට වටෙන්ම එනවා. එතකොට ජෝක් වෙන්නෙ අපිද නැත්නම් අපිට දැන් හිනාවෙන අයද කියල බලමු.

 


● හබරාදුවෙ වැඬේ “ෆේල්” කියලා කියන්නේ ගමේම මිනිහා චන්දිම වීරක්කොඩි ඇමැතිතුමා.
එයාට ඇමැතිකමක් හම්බවුණානේ. ඒක බේරගන්න ඉතිං එයා මොනවා හරි කරන්න එපායැ. මොනවා හරි කියන්න එපායැ. එයාට ඇත්තට දුක හිතෙන්න ඇති එයා ආණ්ඩුවෙ ඉද්දි ආණ්ඩු විරෝධී මහ රැස්වීමක් එයාගෙ ගේ ඉස්සරහ තියනකොට. ඒකට එයාට සතුටු වෙන්න බෑනේ. ඉතිං එයා දුකට එක එක කතා කියනවා. හැබැයි එයාට අමතකයි එයා ගාල්ලෙන් විශාල ඡන්ද ප්‍රමාණයක් ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ෆොටෝ එක ගහගෙන ගිහිල්ලා කියලා.

 


● එක්සත් ජනතා නිදහස් සන්ධානෙ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ඉඳපු අයගෙන් තාමත් මහින්ද රාජපක්ෂ එක්ක ඉන්න අය ඉන්නේ තමන්ට සම්බන්ධ බරපතළ හේතුවක් නිසානේ. ඒ හේතුවල හොඳ නරක විමසීම පැත්තකින් තියමුකො. විමලවීර දිසානායක තාමත් මහින්දට බෙල්ල දීගෙන ඉන්නෙ ඇයි?
මම අද ජීවත්වෙන්නෙ එතුමා නිසා. මම වගේම මේ රටේ ලක්ෂ ගණනක් මිනිස්සු අද ජීවත්වෙන්නේ එතුමා නිසා. අපිට තිබුණු මරණ බය නැති කෙරුවෙ එතුමා. නැගෙනහිර පළාතේ ඉන්න අපි ඒ මරණ බය හොඳට දන්නවා. මම එතුමා එක්ක අවුරුදු ගාණක් දේශපාලනය කළා. මට සැලකුවද තනතුරු දුන්නද නැද්ද කියන කාරණය උඩ නෙවෙයි මම එතුමා එක්ක ඉන්නේ. මම ගරු කරන දේශපාලකයෙක් එතුමා. එච්චරයි අපේ ගැළපීම.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

හෙට අනිද්දට මේ ආණ්ඩුව කඩාගෙන වැටෙනවා

ඔබේ අදහස් එවන්න

දේශපාලන

රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න
2024 අප්‍රේල් මස 10 1078 7

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිම


ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නෙවෙයි
2024 අප්‍රේල් මස 01 61 0

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ සූදානම කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහත සමග කළ සාකච්ඡාවකි.


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන්න බෑ ඒක මිථ්‍යාවක්
2024 මාර්තු මස 19 447 0

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සම


ජනපතිවරණයට කලින් මහ ඡන්දය තැබිය යුතුමයි
2024 මාර්තු මස 19 936 0

ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලා


මහ බැංකුව වැටුප් වැඩිකර නොගත්තා නම් හොඳයි
2024 පෙබරවාරි මස 26 91 0

මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන


ජනාධිපති වෙන්න මට තියෙන නුසුදුසුකම මොකද්ද ?
2024 පෙබරවාරි මස 19 123 0

සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට කැපිලි කෙටිලි දමන්නේ ආණ්ඩු පක්ෂය වේ. එහෙත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1714 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1555 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site