නිමල කොඩිතුවක්කු
රතුපස්වල ජනතාවගේ කදුලූ විකුණා බලයට පත්වුනු වත්මන් ආණ්ඩුව තමන්ගේ වතුර ටික ආරක්ෂා කරගැනීමට පාරට බැස්ස තඹුත්තේගම ජනතාවට සිහි නැති වෙනතුරු පහර දුන් බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පැවසීය.
ජනතාවගේ ගැටලූ සඳහා වත්මන් ජාතික ආණ්ඩුවට ඇති එකම අවිය මර්දනය පමණක් බවත් අහිංසක ජනතාවට එල්ල කළ එම නින්දිත ප‍්‍රහාරය හෙලා දකින බවත් ඔහු කියා සිටියේය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද කීය.
‘‘ රාජාංගනය වැව පානීය ජල ව්‍යාපෘතියකට පැවරීමට එරෙහිව විහාල විරෝධතාවයක් ඇතිවුනා. තඹුත්තේගම ප‍්‍රදේශයේ සංවිධානය කළ මෙම විරෝධතාවයට පොලිසිය ඉතාම අමානුශික ලෙස පහරදිමක් සිදුකලා. මේ වැව විදේශිකයන්ට ලබාදීම එරෙහිව තමන්ගේ ජල අයිතිය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් සටන් කළ ඒ රජරට ජනතාවට අපගේ ප‍්‍රණාමය අපි පුදකරනවා.
මේ යමපාලන ආණ්ඩුව අද ඒ මිනිස්සුන්ව සිරකරලා තියෙනවා. මේ ජනතාව එම ඓතිහාසික සටන ක‍්‍රියාත්මක කළේ මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් වසර 2500ක උරුමය වෙනුවෙන්. ඒ වෙනුවෙන් තමයි මේ අයට අද සිරබත් කන්න වෙලා තියෙන්නේ. මේ යමපාලන ආණ්ඩුව මේ ඇතුලට දැම්මේ මේ රටේ පෞරාණික උරුමය ආරක්ෂා කිරිම වෙනුවෙන් සටන් කරපු පිරිසක් කියන එක ඉතාම පැහැදිලියි.
මේ නින්දිත ප‍්‍රහාරය අපි හෙලා දකිනවා. පොලිසිය පමණක් නෙමෙයි මැරයින් යොදාගෙන තමයි මේ ප‍්‍රහාරය එල්ල කළේ. ඒ දර්ශන වල ඉතා පැහැදිලිව පොලූ අතින් ගත්ත මැරයො ඉන්නවා. ඔවුන් පොලීසියත් එක්ක හවුලේ මේ ජනතාවට පහරදෙනවා.
මේක තමයි අගමැතිතුමා නීතිය හා සාමය අතට අරගෙන වැඩ පටන් ගත්ත පලවෙනි දවස පනස් ගණනක් හිරේ දාලා, වයසක මිනිස්සුන්ගේ, කාන්තාවන්ගේ ඔලූ පලලා, සිහිනැති වෙනකම් පහරදීලා තමයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආන්ඩුව නීතිය හා සාමය අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කළේ.
රතුපස්සල සිද්දිය ගැන ජනතා විමුක්ති පෙරමුණ ඉහලින්ම කතා කළා. දැන් ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ගම තඹුත්තේගමයි. වෙනසකට මුල පුරපු ආණ්ඩුව තමන්ගේම ගමේ ගොවියන්ට, තමන්ගේ හිතවතුන්ට පහරදිලා තියෙනවා. යනුවෙන්ද ඔහු පැවසීය.‘‘
COMMENTS
රතුපස්වල වැඩේට ජනතාව කැමතියි. එ්කනේ එක්කෙනා දෙතුන්පාරක් එකම තැනට ගිහින් මඩේ එරෙන්නේ...
තඹුත්තේගමදී කළ ප්‍රහාරය නින්දිතයි ! එතකොට රතුපස්වල ප්‍රහාරය නින්දිත නැද්ද! අති උත්කෘෂ්ටද?
තමුන්නාන්සේලා තමයි ජනතාව කුලප්පු කලේ. ආණ්ඩුවේ පානීය ජාල ව්‍යාපෘතිය ගැන බොරු ප්‍රචාර ඇරලා ජනතාව රැවට්ටුවා. රතුපස්වල උනේ එහෙම දෙයක්ද? එතන කිසිම දේශපාලනයක් තිබුනේ නෑ. එතන ෆැක්ටරියක අපද්‍රව්‍ය වතුරට මිශ්‍ර වෙනවා කියලයි විරෝධය තිබුනේ. තමුන්නාන්සේලා එතැනදී ගත්තේ කාගේ පැත්තද? එදා වෙඩි කාපු ජනතාව වෙනුවෙන් තමුන්නාන්සේලා මොනවද කලේ ?
ජනතා උද්ඝෝෂණයකදී කරන ප්‍රහාරයක් නින්දිතය. එහෙත් තමන්ගේ කාලයේදී නින්දිත ප්‍රහාර අමතක කර සුදනන් වශයෙන් කතා කිරීමද නින්දිතය. මේකත් හිටපු හොරු අලුත් හොරුන්ට හොරු කියනවා වගේ කතාවකි. ශ්‍රී ලංකාවේ දේශපාලකයන් මෙතරම් නින්දිත තත්ත්වයකට පත්වීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. අද දේශපාලනය විකට නළුවන්ගේ රඟපෑම් බලනවාට සමානය. මුසම්මිල් මහතා සහ ඔහුගේ නායකතුමාත් එහි කැපී පෙනෙන නළු චරිතයන්ය.
කෝ මේ අනුර.? රතුපස්වල සිද්ධිය සෝද සෝද මඩේ දාපු රතු කොළ මල්ලිලා දැන් නිස්සබ්ධ ඇයි .
එතකොට මුසම්මිල්ට පේන්නේ ගහපු එකේ වැරැද්ද. ඔය දෙකම වැරදියි. මිනිස්සුත් ඕනේ එකටයි එපා එකටයි පාරට බහින එකත් වැරදියි..
රතුපස්වල මිනිස්සු ඉල්ලුවේ පිරිසිදු පානීය ජලය. තඹුත්තේගම මිනිස්සුන්ට පිරිසිදු පානීය ජලය එපා නම් ඔයා ව්‍යාපෘතිය කුරුණෑගල වගේ නියගයෙන් පිඩා විදින තැනකට දෙන්න. වැව් වලින් කොපමණ පානීය ජල ව්‍යාපෘති කරනවද? කන්තලේ වැවෙන් වතුර ත්‍රිකුණාමලයට ගෙනියනවා. එතකොට ඒ මිනිස්සුත් විරුද්ද වෙන්න එපෑය. කුහක වෙන්න එපා මිනිස්සුනේ. අනික දේශපාලන අතකොලු වෙන්න එපා.
එතකොට රතුපස්වල කඳුළු තියෙන්නේ කොහොමද මහත්තයෝ? රතුපස්වලත් කඳුළු තිබුනා කියල පිලිගන්නවා එහෙනම්? කට බොරු කිව්වත් දිව බොරු කියානේ නැහැ කියන්නේ ඕකනේ? කියන වචන තෝරලා බේරලා ගන්න ඕනි කියන්නේ ඔය නිසා තමා!
රතුපස්වල කඳුළු ගත්ත ඔබත් වැරදියි
මුසම්මිල් මහත්තයෝ, එතකොට අම්පාර ප්‍රශ්නයේදී පොලිසිය නැට්ට පස්සේ ගහගෙන හිටපු එකට ඔබතුමා මොනවත් කියන්නේ නැද්ද? අපිට වෙන්න ඕනෑ විදිහට එතන වැඩ සිදුවුණා නේද?