කේ බුද්ධික කුමාරසිරි
පළාත් පාලන මැතිවරණ ප‍්‍රථිපල අනුව කඩුවෙල මහ නගර සභාවට එජාප ලැයිස්තුවෙන් මන්ත‍්‍රී ධූර පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වී ඇතැයි කියමින් එයට විරෝධය පල කර එම නගර සභාවේ එජාප කඩුවෙල මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක පී‍්‍රයන්ත පත්බේරිය මහතා ඇතුළු පිරිසක් නවගමුව පත්තිනි දේවාලයේදී දේව කන්නලව්වක් සිදු කර පොල් ගැසීමක් අද (14) සිදු කළේය.
එම පිරිස දේව කන්නලව්වක් කරමින් දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ කඩුවෙල මහ නගර සභාවේ ලැයිස්තු මන්තී‍්‍ර ධූර සඳහා අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මුදල් ලබා ගනිමින් මන්තී‍්‍රවරු පත් කර ඇති බවත් පක්ෂ ප‍්‍රතිපත්ති වලට එරෙහිව යමින් හිටපු නගර සභාවේ විපක්ෂ නායකවරයාත් තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ද්වේෂ සහගත ලෙස ඉවත් කිරීමට කටයුතු තර ඇති බැවින් මෙම අකටයුත්තට දායක වූ අමාත්‍යවරයා ඇතුළු පිරිසට දඩුවම් ලබා දෙන ලෙසයි.
අනතුරුව කඩුවෙල මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක පී‍්‍රයන්ත පත්බේරිය මහතා ඇතුළු හිටපු මන්තී‍්‍රවරු සහ පාක්ෂිකයෝ නවගමුව නගර මධ්‍යයේ විරෝධතාවයක්ද පැවැත්වූහ.



COMMENTS
අනේ දෙවියනේ මේ කන්නලව්ව අසා හැමෝටම අං කුට්ටම බැගින් ලබා දෙන්න!
අනේ මෙගේම හරක් රැලක්....... පිළිම වලට පුලුවන්ද මන්ත්‍රී තනතුරු දෙන්න?
පොල්ගහලා දෙවියන්ට කන්නලව් කරලා මන්ත්‍රී කම ලබා ගන්න පුලුවන්නම් ජනතාවගේ මුදල් බිලියන් වලින් නාස්තිකරලා මැතිවරණ තියන්නේ ඕනේ නැහැනේ.
ඉතින් පොල් ගණන් යන්නැද්ද ?
එතකොට පත්තිනි දෙවියන් හැර ඉතුරු තිස් දෙකෝටි අනු නම ලක්ෂ අනු නම දහස් නමසිය අනු නමයක් වන ඉතිරි දෙවි වරු අනික් පක්ෂේ අයට උදව් කලොත් මොකද වෙන්නේ ?
මේ වගේ අයද මේ නගර සභාවට එන්න හදන්නේ
දෙවි වරුත් ඡන්ද දායකයෝ වගේ කියල හිතුවද හැමදාමත් රවට්ටන්න?
ඕනෑම කෙනෙකුට දේව කන්නලව්වක් කිරීමට අයිතියක් තියෙනවා.
මෙහෙමත් මනුෂ්‍ය ආත්ම ලබා ඉපදී අමුතු විදිහට හැසිරීමක්නේ... පෙර කල පව් තමා. කලින් රටවටේ මහ පාරවල්, වට රවුම් හන්දිගානේ, පන්සල්, දේවාල, කෝවිල් ගානේ පොල්ගසමින්, ගම්මිරිස් අඹරමින්, උයන් කන හට්ටි මුට්ටි පොළොවේ ගසා බිඳිමින් ශාප කරපුවගේ ප්‍රතිඵල තමයි රටේ ජනතාවත්, රටත් විඳින්නේ... අමු කැවිලා වගේ හැසිරෙමින්.. උඩ බලන් කෙල ගැසූ විට වැටෙන්නේ තමාගේ මූණට බව නොදන්නා මෝඩ මිනිස්සු... මේවා දැන් දේව කෝප සහ ශාප බවට පත්වී බූමරංගයක් සේ නැවත එමින් පවතී. කෲර, බලලෝභී, වංචාකාර මැර දේශපාලකයන්ට ඇහුම්කන් දෙන්නන් සිටීම දුකට සහ රටේ අවාසනාවකි.
මේ විදියට ලංකාව එක්ක දෙවියෝ තරහ වෙනවා. තමා හරියට සේවය කළා නම් ඡන්ද ලැබෙනවා නේද?
මේ වගේ මිථ්‍යාවෙන් පිරුණු හිවල්ලුන්ට ඡන්දය දෙන ගොන් ඡන්ද දායකයින් මීටත් වඩා මන්ද බුද්ධික පිරිසක් බව මොනවට පැහැදිලියි.
දෙවියන්ට හැමදේම කරන්න පුළුවන් නම් දේශපාලකයෝ මොකටද?
තාමත් ඉන්නේ ගල් යුගයේද?
දෙයියියන්ට ප්‍රමාණවත් අල්ලසක් දුන්නා නම් මීට වඩා හොඳයි නේද?