
බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන උතුම් වෙසක් පොහෝය දින රටපුරා විවිධ විදියේ දන්සල් පැවැත්වෙද්දී ටිකක් වෙනස් අමුතු දන්සලක් මාවනැල්ලේදී පැවැත්විණි. මෙම දන්සල සල්ලි දන්සලකි.
මෙම පුණ්‍ය කටයුත්ත සිදු කරන ලද්දේ හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී ඉඳුනිල් ශාන්ත ගුණසේන මහතා විසිනි. මාවනැල්ල අරණායක පාරේ පිහිටි ලෝල්ලේගොඩ සිය නිවස ඉදිරිපිටදී මෙම දන්සල පැවැත්වූයේ උදෑසන 9.00 සිටයි. දන්සල සඳහා ඔහුගේ නිවස ඉදිරිපිට ප්‍රධාන පාරේ එක් පසකින් දිගු පෝලිමක ලොකු කුඩා බොහෝ දෙනෙක් රැඳී සිටි අතර දෙමාපියන් සමඟ ගිය අතදරුවන්ට ද මෙහිදී සල්ලි දන්සලෙන් රුපියල් 100ක මුදලක් ලැබුණි. ඒ අතර ඇවිද යන්න බැරි වයෝවෘද්ධ අයත් දරුවන් විසින් දන්සල සඳහා සහභාගි කර තිබූ අතර එම වැඩිහිටියන් අත් දෙකෙන් අල්ලාගෙන පෝලිමේ පැමිණ මුදල් ලබා ගන්නා අයුරු දැක ගැනීමට ද හැකිවිය. මේ සියලු දෙනාට එක් අයකුට රුපියල් 100 බැගින් දන්සලෙන් මුදල් ලැබුණි.
තමන්ගේ මියගිය පියා වන බී.ජී. ගුණසේන මහතා සහ බිරිඳගේ මියගිය ඥාතීන්ට මෙන්ම සියලු මියගිය ඥාතීන්ට පිං පැමිණවීම සඳහා මේ පිංකම අද දිනයේදී පවත්වන බව ඒ මහතා පැවසීය.
ඡායාරූප හා සටහන
මාවනැල්ල හෙම්මාතගම සමන් විජය බණ්ඩාර)
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙසක් දවසේ සල්ලි දන්සලක්