නව නිපැයුම් අපේ හපන්නු
බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ සන්නාමයක් නිර්මාණය කිරීමට වෙහෙසෙන තරුණයෙක් ගැන මෙවර නව නිපැයුම් හපන්නු තුළින් ඔබට ගෙන එන්න සිතුවා.
ජීවිතේ අපි බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ හීන සැබෑ කරගන්න. අද අපි කතා කරන්න යන්නේත් Heavy Machine ගැන පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක් නිසා Excavator (එක්ස්කැවේටර් යන්ත්‍රයක්) තනිව නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ ප්‍රථම වරට සන්නාමයක් නිර්මාණය කළ අපූරු තරුණයකු ගැනයි.
ලංකාවේ තාක්ෂණය යොදාගෙන අපේ රටේ නව විශේෂාංග සහිත එක්ස්කැවේටර් යන්ත්‍රයක් නිර්මාණය කළ ඒ දක්ෂයා තමයි භූෂිත සෙහාන් ගීකියනගේ. පානදුර ප්‍රදේශයේ ජීවත්වෙන ඔහු මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් සහ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති අතර පෞද්ගලික විශ්වවිද්‍යාලයක යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හදාරමින් උසස් අධ්‍යාපනය හදාරා ඇත.
‘‘මම පාසලේ 6 ශ්‍රේණියේ ඉඳලම නව නිපැයුම් අංශයෙන් විවිධ දේවල් නිර්මාණය කළා. මුලින්ම මකුළු දැල් කඩන යන්ත්‍රයක් හැදුවා. ඒ කාලේ මගේ නිර්මාණයට ගොඩක් ඇගයීම් ලැබුණා. එක්ස්කැවේටර් එකක් හදන්නත් මට අදහසක් ආවේ ඒ කාලෙදිමයි. Heavy Machine වලට පුංචි කාලේ ඉඳලම මම හරිම ආසයි. ඒ ආසාව මට ලොකුවටම දැණුනේ මගේ 11 වැනි උපන්දිනේ දවසේදි. එදා මගේ උපන්දිනයට තෑග්ගක් විදිහට එක්ස්කැවේටර් එකක ආකෘතියක් ලැබුණා. ඒකට මම ගොඩක් ආස කළා.
ආසාව නිසා මම මුලින්ම රෙජිෆෝම්, ඇන්ටනා බට, පෑන්බට පාවිච්චි කරලා එක්ස්කැවේටර් ආකෘතියක් හැදුවා. ඊට පස්සේ 8, 9 පන්තිවලදී ඒ ආකෘතිය ලී සහ සිරින්ජර් පාවිච්චි කරලා හැදුවා. පස්සේ සාමාන්‍ය පෙළ පන්තියේදි මට ආසාවක් ආවා මේ ආකෘතිය ඇත්ත එකක් විදිහටම යකඩ පාවිච්චි කරලා හදන්න.
මම යකඩ කෑලි හොයාගෙන, හයිඩ්‍රොලික් සිස්ටම් එකකුත් යොදාගෙන දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන විදිහට හැදුවා. ඒ නිර්මාණය ගොඩක්ම සාර්ථක වුණා.
ඒක තමයි එක්ස්කැවේටර් එකක් හදන්න මට පදනම වුණේ. තියෙන එක්ස්කැවේටර් යන්ත්‍රයකම අාකෘතියකට වඩා අලුත් විදිහට හදන්න තමයි මට ඕනෑ වුණේ. ඒ වගේ අඩුපාඩු පහසුකම් වැඩිකරන්න ක්‍රම මම සෙව්වා.
එතකොට ඇත්තම Excavator (එක්ස්කැවේටර්) යන්ත්‍රය බිහි වෙන්නේ කොහොමද?
හිතුවට අතේ මුදල් තිබුණේ නැහැ. උසස් පෙළ කරලා ඉවර වුණාම ගෙදරට කිව්වම ගෙදරින් උදව් කළා. 2014 වසරේ මම මේ යන්ත්‍රය හදන්න පටන් ගත්තා. 2015 මුල් මාසවලදි මම වැඩ අවසන් කළා. අවශ්‍ය දැනුම සොයාගත්තේ අන්තර්ජාලයෙන්. ඒත් සමහර නිගමනවලට මූලිකත්වය දුන්නේ මගේ දැනුමෙන්මයි. ගොඩක් මහන්සි වුණා. ලොකු කට්ටක් කෑවා. වැරදෙන්න වැරදෙන්න නැවත නැවත හැදුවා. මම වෙළෙඳපොලේ තියෙන එක්ස්කැවේටර්වල අඩු පාඩු 2 ක් දැක්කා.
සාමාන්‍ය එක්ස්කැවේටර් යන්ත්‍රයේ සමබරතාව පවත්වාගෙන යන්න පාවිච්චි කරන අංගයක් තමයි Counter Whight කියන්නේ. ඒ කොටස පාවිච්චි වෙන්නේ වැඩක් කරද්දි විතරයි. Counter Whight එක සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 600 ක් බරයි. ක්‍රියා නොකරන වෙලාවටත් මැෂින් එකේ Counter Whight එක දරාගෙන ඉන්න නිසා වක්‍රාකාරව මැෂින් එකේ කාර්යක්ෂමතාවට ඉන්ධන පිරිමැස්මට බලපෑමක් වෙනවා. දීර්ඝ කාලීනව ඒක මැෂින් එකේ පැවැත්මටත් යම් බලපෑමක් වෙනවා. ඒ නිසා මම හදපු එක්ස්කැවේටර් යන්ත්‍රය හැදුවේ Counter Whight එකේ බර හරි අඩක් අඩු කරලා කිලෝ 300 වෙන විදිහට. එතකොට මේ යන්ත්‍රයේ වැඩ කරද්දි සමබරතාව හදාගන්න කිලෝ 300 ක බර ප්‍රමාණය පිහිටන දුර වෙනස් කරල, අර කිලෝ 600 න් එන බලය ලබාගන්නවා. මේ නිසා Excavator යන්ත්‍රයේ ඉන්ධන පිරිමැස්ම සහ කාර්යක්ෂමතාව වැඩි කරගන්න හැකියාව ලැබිලා තියෙනවා.
ඒ වගේම සාමාන්‍ය Excavetor වල Boom එකේ තියෙන්නේ ස්ථිර දිග ප්‍රමාණයක්. මගේ නිර්මාණයේ Boom එකේ දිග ප්‍රමාණය අවශ්‍ය ආකාරයෙන් පහසුවෙන් වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේ තව ගොඩක් වෙනස්කම් ගණනාවක් මම යොදාගත්තා. මේක නිර්මානය කරලා අවසන් කරන්න මට ලක්ෂ 23 වගේ වියදමක් තමයි වැය වුණේ. අපි කරන නිර්මාණ සමාජගත කිරීමේදී මුහුණ දෙන්න වෙන අර්බුද ගොඩක් තියෙනවා. අපේ රටේ නව නිපැයුම්කරුවන්ට නිසි තැනක් අවසරයක් රජයෙන් සහයෝගයක් දෙනවනම් පිටරටින් ගෙන්වන මේ යන්ත්‍ර අපේ රටේ නිර්මාණයට හැකියාව අප සතුව තිබෙනවා.
එක්ස්කැවේටර් යන්ත්‍රයෙන් නිසි ප්‍රයෝජනයක් තාම අරගෙන නැහැ. ඒත් එක පැත්තකින් මම සතුටු වෙනවා අපිට ලංකාවේ මේ වගේ දේවල් නිර්මාණය කරන්න අවශ්‍ය සියලුම දේ තියෙනවා කියලා. මට පෙන්වන්න පුළුවන් වුණා. ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ හැමදේම පිටරටින් එන දේ විශ්වාසයි කියලා මිලදී ගන්න. ඇයි අපේ රටේ අපේ දේ අගයන්නේ නැත්තේ කියන තැනදි පොඩි දුකක් දැනෙනවා. මේ දක්ෂතා දිරාපත් වෙන්න දෙන්න එපා. රජයෙන් සහයෝගය දෙනවානම් ඒක ලොකු පිනක්. එහෙම වුණොත් මේ නිර්මාණ ලංකාවේ නිෂ්පාදනය කරලා ලංකාවේ බෙදාහරිනවට අමතරව පිටරටවල්වලට යැවීමේ මාර්ග විවෘත වෙනවා.
පිටරටින් ගෙන්වන මෙවැනි විශාල යන්ත්‍ර මිල ලක්ෂ 70 ක් 80 ක් අතර වෙනවා. මට මේක හදන්න වැය වුණේ ලක්ෂ 23 ක් වගේ මුදලක්. දේශීය වශයෙන් මෙවැනි මැෂින් නිෂ්පාදනය කරගන්න හැකි වුණොත් විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි වෙනවා.
ඒ වගේම මේක නිර්මානය කරද්දි වට්ටන්න හදපු අයට වගේම ආශිර්වාද කරපු සියලුම දෙනාට ස්තුති වෙනවා. මට මේ Excavator යන්ත්‍රය හදන්න මුදල් දුන්නේ ගෙදරින්. ඒ විශ්වාසය හා ආශිර්වාදය නිසයි මේ තරම් දුරක් එන්න පුළුවන් වුණේ.
ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා
ඔව් මම Excavator අවශ්‍යතාව තියෙන අය වෙනුවෙන් එයාලගේ අවශ්‍යතා අනුව Excavator සැලසුම් කරලා නිර්මාණ කරලා දෙන නඩත්තු කරලා දෙන ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා.
නදීෂා අතුකෝරළ
මගී ධාවනයට එක් කිරීම සඳහා එක මැදිරියකට ඇමෙරිකානු ඩොලර් 214,900.00 වැයකොට මෙරටට ගෙන්වූ චීන මැදිරි සීයෙන් අනූවක් මේ වෙනවිට දෙමටගොඩ, මාලිගාවත්ත, ධාවනාගාරයේ භාව
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සංචාරක මඟ පෙන්වන්නන්, විදේශිකයන්ට දිවියන් පෙන්වීම සඳහා, සැඟවී සිටින දිවියන් කැලෙන් එළියට ගැනීමට ගොදුරු ලෙස බල්ලන් එම වන
මාජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල 1971 කැරැල්ලේ හත්වැනි විත්තිකරුය. කැරැල්ලේදී ජවිපෙ වෘත්තීය අංශයේ නායකයා වූ ඔහු සාමාජිකයන් අතර ප්‍රකට
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2006 - 2012 කාල වකවානුව සිහිපත් කරන විට මට සිහිවන්නේ හංස සංදේශයේ කාව්‍යයකි.
ජාත්‍යන්තර සංක්‍රමණ නීති අනුව මුහුදු මගින් එන යම් සරණාගතයකු ආපසු තම රටට යාම ප්‍රතික්ෂේප කළහොත් ඔහු ගොඩ බැස සිටින රටේම සරණාගතයකු ලෙස සිටීමට අවසරය ඇත. ඉ
න්‍යායික තලයේදි මාධ්‍ය සමග ගනුදෙනුව ගැන ආණ්ඩුවට හොඳ දැනුමක් තිබුණත් ප්‍රායෝගික තලයෙදි යම් ආගන්තුකභාවයක් පෙන්නුම් කරනවා.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ලංකාවේ ප්‍රථමවරට බර යන්ත්‍රෝපකරණයක් හදපු පානදුරේ කොල්ලෙක්