IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


නගරයක් මැද විෂ දුමට බිලි වූ එකම පවුලේ කාන්තාවෝ

පස්සර ගින්න

 

ටිකිරි හැන්නදිගේ චමින්ද (35) පස්සර නගර මධ්‍යයේ පිහිටි වෙළෙඳසලක හිමිකරුය.   


​තෙමහල් වෙළෙඳසලේ හාල්, පොල්, පොල් තෙල්, ටින් කෑම ඇතුළු සියලු කුළු බඩුවලින් සමන්විතව තිබිණ. මෙය පාරම්පරික වෙළෙඳසලක් වීමද විශේෂත්වයකි. වෙළෙඳසලේ පිටුපස කොටසේ පවුලකට පදිංචිව සිටිය හැකි පහසුකම් ද තිබිණ. චමින්ද පොඩි කාලේ සිටම හැදී වැඩුණේද මෙහිමය.  


 මේ වෙළෙඳසලේ ජීවත් වූයේ චමින්ද සිය මෑණියන් වන කේ.බී. මල්ලිකා (62), පුංචි අම්මා වන කේ.බී. චන්ද්‍රා (61) සහ බාල නැගනිය වන ටී.එච්. කල්පා ඖෂිකා (23) පමණක් නොව බිරිඳ සඳමාලි සහ කුඩා දරුවන් දෙදෙනාය.  


 මෙහි වාතාශ්‍රය ප්‍රමාණවත්ව ලැබෙන සේ වාකවුළු නොවීය. පිටුපසට දොරක් හෝ නොමැති මෙම වාසස්ථානයේ ඇතුළුවීමට හා පිටවීමට ඇති එකම දොරටුව වූයේ වෙළෙඳ සලේ ඉදිරි දොරටුවය.  


මීට මාස 3 ක පමණ පෙර සෞඛ්‍ය නිලධාරිනියකගෙන් උපදේශයක් ලැබිණ. චමින්දගේ කුඩා දරුවාට වාතාශ්‍රයක් නොමැති මේ ගෘහය සුදුසු නොවන බවයි.  


චමින්ද දෙවතාවක් නොසිතා බිරිඳ හා දරු දෙදෙනා සමග කුලී නිවසක පදිංචියට ගියේය. එම නිවස ද පිහිටියේ විනාඩි 5 කින් ගමන් කළ හැකි දුරකිනි.  

 

බදුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් හේමින්ද දයාවංශ මහතා ස්ථානය පරීක්ෂා කරමින්...

 

වෙළෙඳසලේ කටයුතු නිමවීමෙන් පසු රාත්‍රී 12 ට පමණ වෙළෙඳසලේ ඉදිරි දොරටුව වසා ඉබි යතුරු දමා යාම චමින්දගේ සිරිත විය.  


ඉකුත් 14 වන දාද රාත්‍රී 12.30 ට පමණ අම්මා, පුංචි අම්මා සහ බාල නැගනිය ඇතුළේ සිටියදීම වෙළෙඳසලේ ඉදිරි දොර ඉබි යතුරු දමා වසා ඔහු කුලී නිවසට ගියේය.  


එහෙත් දෙවියනේ අලුයම දෙකට පමණ සිදුවූයේ කුමක්ද? අසල්වැසි වෙළෙඳසල් හිමියන් පිරිසක් දිව විත් පැවසුවේ වෙළෙඳසල ගිනි ගන්නා බවයි.  


චමින්ද වෙළෙඳසල දෙසට දිව යන විටත් වෙළෙඳසලේ කෝටි ගණනක බඩුමට්ටු ගින්නට ගොදුරුව විනාශ වී තිබිණ.  


 ‘අනේ මගේ අම්මා කෝ? අනේ මගේ පුංචි අම්මා? අනේ මගේ නංගී කියමින් චමින්ද කෑගැසුවත් ඔවුන් සොයා වෙළෙඳසලට ඇතුළුවීමට නොහැකි තරමට ගිනි ජාලා පැතිර යන්නට විය.  


 ඇතුළුවීමට හා පිට වීමට තිබූ එකම දොරටුව ගිනි රකුසා වෙළාගත් නිසා පොලිසියේ සහ අසල්වැසියන්ගේ සහායෙන් වෙළෙඳසලට පිටුපසින් ඇති නිවසේ යාබද තාප්පය කඩා ඇතුළු වී වෙළෙඳසල් පිටුපස බිත්තියද කඩා ඇතුළු වීමට උත්සාහ කළත් විෂ දුමාරය ටික වේලාවක් යන තෙක්ම ඊට ඉඩක් නුදුන්නේය.  


දුම මර්දනය කරමින් බලන විට සියලු දෙනාට දක්නට ලැබුණේ අතිශය සෝබර දසුනකි. මවට තුරුලුව කල්පනා දියණිය නිසොල්මන්ව සිටියාය. පුංචි අම්මාද එතැනම එලෙසම නිහඬය.  


 ඔවුන් නිදා සිටි ස්ථානවලින් දිව විත් එළියට යන්න තැනක් නැති ගොඩනැගිල්ල තුළ එහි කෙළවරේ මෙසේ තුරුලු වන්නට ඇත්තේ ගිනි රකුසාගෙන් බේරීම සඳහා දිව ගියත් පිටවීමට තැනක් නොතිබූ බැවිනි.  


ඔවුන්ගේ මර ළතෝනිය බොහෝ වේලාවක් රැව් පිළිරැව් දුන්නත් එය ගොඩනැගිල්ල තුළටම සීමා වන්නට ඇත. සිරුර පිළිස්සෙන තරමට ගින්න ළං නොවූවත් මහා විෂ දුමාරයට ඔවුන් ගොදුරු වන්නට ඇත.  


 බදුල්ල පොලිසියේ හා බදුල්ල මහ නගර සභා ගිනි නිවන ඒකකයේ සහායෙන් මෘත දේහයන් ගොඩනැගිල්ලේ කැඩූ බිත්තියෙන් එළියට ගෙන පස්සර දිසා රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන යන ලදී.  


බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් හේමින්ද දයාවංශ මහතා විසින් ස්ථානීය පරීක්ෂණය සිදුකළ අතර මෘත දේහයන් තුන බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරවා වාර්තාවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පස්සර පොලිසියට නියෝග කළේය.  


ගින්න සිදුවූයේ කෙසේදැයි සෙවීම සඳහා රජයේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙසට ද වැඩබලන මහේස්ත්‍රාත්වරයා පස්සර පොලිසියට නියෝග කළේය.  


 බදුල්ල පොලිස් අධිකාරි ධම්මික වීරසේකර, සහකාර පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නවීර එල්. අඩස්සූරිය මහතාගේ මෙහෙය වීමෙන් පස්සර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.  


අදහා ගන්නටත් බැරි තරම් වූ මේ මහ ඛේදවාචකයට ගොදුරුව මව, දුව සහ පුංචි අම්මාගේ මෘත දේහයන් පස්සර නගරය හරහා සොහොන් බිමට ගෙන යද්දී පස්සර නගරයේ වසා දැමූ වෙළෙඳසල් හි සුදුකොඩි අඩකුඹු කොට සංවේගය දැනවීමට සිංහල, දෙමළ, මුස්ලිම් වෙළෙඳ ප්‍රජාව විසින් කටයුතු කර තිබිණ.  


පවුලේ අය මෙන්ම නෑදෑ හිතවත් පිරිසද කඳුළින් දෑස් තෙත් කරමින් මෘත දේහයන්ට පිටුපසින් ගමන් කළහ.  

 

 

 

 

 

 

බදුල්ලේ පාලිත ආරියවංශ



අදහස් (0)

නගරයක් මැද විෂ දුමට බිලි වූ එකම පවුලේ කාන්තාවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site