IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ජීවන ගඟෙන් එතෙර​ෙවන්න බෝට්ටුවක් පදවන සුජීවා

ඇය

 

ජීවන පොරපිටියේ සටන් වැදීමට දැන් දැන් අපේ රටේ කාන්තාවෝ ද පෙරට එමින් සිටිති. මෙතෙක් කලක් පිරිමින්ගේ ආධිපත්‍යයට නතුව ඔවුනට වෙන්ව තිබූ, ඔවුන් වෙතම තල්ලු වී තිබූ බොහෝ රැකියා අබිබවා යමින් ඒ රැකියාවන් ද අපේ රටේ කාන්තාවන් ආක්‍රමණය කරමින් සිටින්නේ මෙය පසක් කරමින්ය. ඒ සඳහා ඔවුනට ගොඩබිම, ගුවන මෙන්ම වතුර ද අභියෝගයක් නැතුවා මෙන්ය. පිරිමින්ට පමණක් උරුමව තිබූ රැකියාවක් කරන මේ කාන්තාව පිළිබඳ පුවත එයට හොඳම නිදර්ශනයකි. 

 
අප මේ කතා කරන්නේ මෝටර් බෝට්ටුවක් පදවන කාන්තාවක් ගැනය.  


අැය අම්බලන්ගොඩ මහ අම්බලන්ගොඩ පදිංචි සුජීවා දමයන්තිය. දරුවන් තිදෙනෙකුගේ මවක වන සුජීවා සිය ජීවන වෘත්තිය ලෙස තෝරාගෙන ඇත්තේ මාදම්පා ගඟේ මෝටර් බෝට්ටුවලින් සංචාරකයින් ප්‍රවාහනය කිරීමය. මෙවැනි රැකියාවක නිරත වන ලංකාවේ පළමු කාන්තාව මැය බව ද කියති.  


සුජීවා මාදම්පා ගඟේ සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් එක් ගමන් වාරයකට පැය දෙකක් පමණ ගඟේ සංචාරයේ යොදවනුයේ දක්ෂ මෝටර් බෝට්ටු පදවන්නකු ලෙසය. ගඟේ ගල් තිබෙන, මුල් තිබෙන, දැල් ඇද තිබෙන ස්ථාන හොඳින් දන්නා සුජීවා ඒවා මග හැර යන්නේ ඒ පිළිබඳ  විශේෂඥයකු ලෙසය. මේ සංචාරය සඳහා පිරිමි අයවලුන් පමණක් එන අවස්ථා ද තිබේ. එවන් අවස්ථාවන් ද සුජීවා පැහැර නොහැර සිය රැකියාවේ යෙදෙන්නේ විශාල අභියෝගයක් සිය කර මත පටවා ගෙනය. ඒ සඳහා එන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණදීමට සූදානම්වය.  

 

 


මේ රැකියාවේ යෙදෙන සුජීවා මාදම්පා ගඟේ ගැඹුරු ස්ථාන, කිඹුලන් සිටින ස්ථාන, වවුල් කැලේ, කඩොලාන රක්ෂිතය, කිරළ කැලෑව, වෙස්මුහුණු කෞතුකාගාරය සහ දකුණු ආසියාවේ දිගම සැතපෙන පිළිමවහන්සේ පෙන්වීමට සංචාරකයින් රැගෙන යන්නේ ඒ පිළිබඳව සිය මෝටර් බෝට්ටුවේ යන එන සංචාරකයින් ද දැනුම්වත් කරමින්ය. මේ දැනුම්වත් කිරීම සුජීවා කරන්නේ තමන් සමග එන සංචාරකයින්ගේ කනට මීපැණි වක්කරනවාක් මෙන් ඉතාම මිහිරිවය. කන්කලු ලෙසය. සිත් ගන්නාසුළුවය.  


ගැඹුරු දියේදී තමන් පදවන මෝටර් බෝට්ටුවට කිසියම් යාන්ත්‍රික දෝෂයක් පැමිණියහොත් එය සාදාගෙන ගොඩට ඒමට තරම් සුජීවා දක්ෂය. මෝටර් බෝට්ටුවට අවශ්‍ය ඉන්ධන හා ලිහිසි තෙල් දැමීම ද ඇය විසින්ම සිදුකරනු ලැබීම ද මෙහි තිබෙන තවත් විශේෂත්වයකි. මෝටර් බෝට්ටු පැදවීම කාන්තාවකගේ සියුමැලි දෑතට එතරම් නුහුරු නුපුරුදු දෙයක් වුවත් සුජීවාට නම් මෝටර් බෝට්ටු පැදවීම කජු කනවාක් මෙන් ඉතාම ලෙහෙසි පහසු කාර්යයක් බව අපට තේරුණේ ඇය සමග මාදම්පා ග​ඟේ සංචාරයේ යෙදෙන විටදීය.  
අප පසු කරමින් සිටින ස්ථානය අඩි සිය ගණනක් ගැඹුරු බව දැනගත් මොහොතේ මෝටර් බෝට්ටුවේ ගමන් ගන්නා අපේ සිරුරට සිහින් දහඩිය දැමුව ද සුජීවාගේ මුවේ වූයේ මඳහස රැල්ලකි. පොඩියකට හෝ බියට පත් වූ බවක් ඇයගේ මුහුණේ දිස් නොවිණ. මෝටර් බෝට්ටුවේ අන්තිම කෙළවරේ තල්ලේ වාඩි වී ඉතා ගැඹුරු දිය මතින් මෝටර් බෝට්ටුව සුජීවා පදවන අයුරු දුටු අපි මවිතයටත් විස්මයටත් පත්ව සිටිය ද ඇයට ඒ පිළිබඳව වගේවගක් නැතිවාක් මෙන්ය.  

 

 


සිහින් සිනා රැල්ලකින් මුව සරසාගෙන සුජීවා මෝටර් බෝට්ටුව පැදවූවේ ගඟේ උඩට මතු වී සිටි කිඹුලකු ද අපිට පෙන්වමිණි. ගඟේ සිටි කිඹුලා ද මග හැර සුජීවා මෝටර් බෝට්ටුව පදවාගෙන ගියේ කිසිදෙයකට බිය නොවන ලෙසට අපි ද දැනුම්වත් කරමින්ය.  


සිය රැකියාව පිළිබඳව සුජීවා මෙසේ අදහස් දැක්වූවාය.  


 මමයි, මහත්තයයි දරුවෝ තුන්දෙනත් එක්ක ජීවත්වෙන්නෙ ගොඩක් දුකින්. ජීවත්වෙන්න නොකරන දෙයක් නැති තරම්. අපි කොහොම හරි අපේ ජීවිත කාටවත් බරක් වෙන්නෙ නැතිව ගෙනියනවා. මුලදී මුලදී මෝටර් බෝට්ටු පදවන එක මට ලොකු අභියෝගයක් වුණා. ගැහැනු කෙනෙක් මෝටර් බෝට්ටු පදවන එක සාමාන්‍යයෙන් සිදු නොවෙන දෙයක් වීම ඊට හේතුවක්. කොහොම හරි මම ඒ අභියෝග සියල්ලම ජයගෙන දැන් මාදම්පා ගඟේ මෝටර් බෝට්ටුවෙන් සංචාරකයින් ගෙනියනවා. මාත් සමග යන අය සමග මම හොඳ අවබෝධයෙනුයි යන්නේ.  


පවුලේ අය සමග සංවාදයේ යෙදෙන ආකාරයෙන් පිරිමි අයවලුන් සමග සංවාදයේ යෙදෙන්නේ නැහැ. ඒ අයට මට ළංවීමට උත්සාහ දැරීමට අවශ්‍ය කරන ලූස් පොයින්ට් මම දෙන්නේ නැහැ. විදෙස් සංචාරකයින් සමග යනකොට සංවාදයේ යෙදෙන්නේ වෙන විදිහකට. එතකොට කාන්තාවක වන මට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මේ රැකියාව ඉතාම ආසාවෙන් හා උනන්දුවෙන් කරනවා.  


වරෙක මෘදු, වරෙක කුරිරු මාදම්පා ගංගාව තරණය කරන සුජීවාට ජීවන ගඟ තරණය කිරීම එතරම් අපහසු නොවනු ඇත.

 

 

කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත

 



අදහස් (0)

ජීවන ගඟෙන් එතෙර​ෙවන්න බෝට්ටුවක් පදවන සුජීවා

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

ගාල්ලේ ත්‍රෛභෂික ලිපිය හා පාණදුරා වාද ලේඛනය ලෝක උරුමයක් වෙයි
2025 මැයි මස 08 14 0

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත


සබරගමු සරසවි සිසුවා සියදිවි නසාගත්තේ නවක වදය නිසාද
2025 මැයි මස 08 19 0

නවකවදය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළි කතාබහක් ඇතිව තිබෙන්නේ පසුගිය 29 වැනි දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ 22 හැවිරිදි


තීරුබදු යුද්ධය ලෝකය කළ දේ සහ අප නොකළ දේ
2025 මැයි මස 08 9 0

දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු‍ රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, ය


සිරි දළදා වන්දනාව පසු විපරම
2025 මැයි මස 08 12 0

වසර දහසයකට පසු පැවති සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන් වූයේ ඉකුත් 27 වැනිදායි. වසර දහසයක් වැනි දීර්ඝ කාලයක් බෞද්ධ බැතිමතුන්ට එම අවස්ථාව නොලැබීම ද මෑත ඉතිහ


ඇමෙරිකා වෙළෙඳපොළට ලංකාව ඇතළු වූ හැටි
2025 අප්‍රේල් මස 30 97 0

ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයනය ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධානතම අංගයකි. වසර දෙකකට පෙර ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්‍ෂ පහක සේවක පිරිසක් රැකියාවේ නිරතව සිටියත් මේ වන


සත්සරට සාධාරණයක් වෙයිද?
2025 අප්‍රේල් මස 30 59 0

“අනේ බුදු සර් මට මගේ දරුවගේ මිනිය එක වතාවක් හරි ඉඹින්න දෙන්න. මට මොනව උනත් කමක් නැහැ. මගේ දෙයියෝ....මගේ සුදු පුතේ ....මගේ ෂෂී....ඔයාගේ අතට දුන්න රෝසමල් පොකුර වග


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1257 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 321 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site