IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


කසිප්පු අල්ලන්න ගිය රාළහාමිත් අරන් කසිප්පුකරු පැනගිහින්

 

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට තොග වශයෙන් කසිප්පු බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිටින බව කියන පුද්ගලයෙක් ගැන ඔත්තුවක් ලැබනේනේ පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල් කවීෂ සෙනවිරත්න (66641) මහතාටය.


ඒ ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවකුගේ මාර්ගයෙනි.


පොලිස් කොස්තාපල් සෙනවිරත්න මහතාට ලැබුණු ඒ ඔත්තුව ගැන පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත දහනක මහතාට දැනුම්දී ඔහුගේ උපදෙස් මත කසිප්පු ජාවාරම්කරු අල්ලා ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.


පොලිස් පරීක්ෂකවරයෙක් සහ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් කොස්තාපල් සෙනෙවිරත්න මහතා සමග කසිප්පු ජාවාරම්කරු ඇල්ලීමේ මෙහෙයුමට පිටත්ව ගියහ.


පෑලියගොඩ බියගම පාරේ කළුපාලම අසලට ගොස් මුලින්ම ත්‍රිරෝද රථයක් එහි සිටි අයෙක්ද සමග පොලිසිය කොටුකරගත් අතර එම ත්‍රිරෝද රථයේ පොලිතින් උරවල බහා තිබූ කසිප්පු බෝතල් 45ක් සොයාගෙන තිබේ.


ත්‍රිරෝද රථයට නුදුරින් මෝටර් රථයක් ස්ටාර්ට් එකේ තිබූ අතර කසිප්පු තොගය ගෙනවිත් ත්‍රිරෝද රථයට පටවා ඇත්තේ මෙම මෝටර් රථයෙන් බව හඳුනාගත් කොස්තාපල් සෙනෙවිරත්න මහතා කිට්ටුවට යනවාත් සමගම මෝටර් රථය පණ ගන්වාගෙන යාමට සූදානම් වී ඇත.


පොලිස් කොස්තාපල්වරයා ඒ සැණින්ම පණ ගන්වාගෙන ඉදිරියට ධාවනය කරගෙන යාමටද උත්සාහ කරන මෝටර් රථයේ පසුපස එල්ලී ඇත්තේ එය නතර කර ගැනීමේ අදහසිනි.


එහෙත් සිදුවූයේ කොස්තාපල්වරයා කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයකි. කසිප්පු ප්‍රවාහනය කරන මෝටර් රථයේ පසුපස එල්ලෙනවාත් සමඟම එහි වේගය වැඩිකර ධාවනය කිරීම නිසා කොස්තාපල්වරයා ඔහු දන්නා ශිල්ප දමා මෝටර් රථයේ වහලය මතට නැගගෙන ඇත්තේ ඉතා අමාරුවෙනි.


පොලිසියේ නිලධාරියෙක් වහලය මත නැග ඉන්නවා කියා දැනගත්තොත් රථය එහාට මෙහාට කපා බිමට ඇද වැටීමට ඉඩකඩ තිබෙන නිසා ඔහු නිසොල්මනේ වහලය මත වැතිර සිටීමට තීරණය කර ඇත.


සමහර කසිප්පු ජාවාරම්කාරයන් මේ විදිහේ වැඩ කරන බව පොලිස් කොස්තාපල්වරයා හොඳ හැටි දැන සිටියේය.


වේගයෙන් ධාවනය වන මෝටර් රථයේ වහලය මත වැතිර සිටීම හිතන තරම් පහසු කටයුත්තක් නොවන බව කොස්තාපල්වරයාට තේරුම් යාමට එතරම් වේලාවක් ගතවූයේ නැත.


වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පොලිස් යතුරුපැදි දෙකක නැග වේගයෙන් ධාවනය වන මෝටර් රථය ලුහුබැඳ එන නිසා එය වහලය මත නැග සිටි පොලිස් කොස්තාපල්වරයාට මහත් අස්වැසිල්ලක් වී තිබිණි.


මේ බව ඔහු පසුව සිය සහෝදර නිලධාරීන් සමග පවසා ඇත.


සාක්කුවේ සිය ජංගම දුරකථනය තිබු නිසා එය අතට ගෙන පොලිස් කොස්තාපල්වරයා වරින්වර රථය ලුහුබැඳ එන නිලදාරීන් තමා කරදරයක් නොමැතිව සිටින බව මෙන්ම රථයේ ගමන් මාර්ගය ගැනද දැනුම්වත් කළේය.


දොම්පේ ගෝනපොල පාරේ අතුරු මාර්ගයකට හරවනවාත් සමඟම වාගේ ලුහුබැඳ ආ පොලිස් නිලධාරීන් රථය ඉස්සර කර නවතාගත් අවස්ථාවේ වහලය මත වැතිර ඉතාම අපහසුවෙන් සිටි කොස්තාපල් සෙනෙවිරත්න මහතා බිමට පැනගත්තේය.

පෑලියගොඩ සිට දොම්පේ ප්‍රදේශය දක්වා ඒ වන විටත් පොලිස් කොස්තාපල්වරයා කිලෝ මීටර් 22කට ආසන්න දුරක් මෝටර් රථයේ වහලය මත වැතිර ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ගමන් කර ඇත.


අනේ සර් මම පොලිසියේ මහත්තයෙක් කාර් එකේ වහලය උඩ හිටියා කියා දැනගෙන හිටියේ නැහැ. ඒ බවක් දැනගත්තා නම් මම කාර් එක එළවාගෙන එන්නේ නැහැ. කාර් එකේ සේරම වීදුරු වහගෙන ආවේ. කසිප්පු ටික කාර් එකෙන් ත්‍රීවිල් එකට බාලා මම එන්න ආවා.


කසිප්පු තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා කිව්වේ බයේ ගැහෙමිනි.


ඔහු පදවාගෙන ආ කාර් එකේ ඩිකියේ අසුරා තිබියදී සොයාගත් කසිප්පු ස්ප්‍රීතු බෝතල් ප්‍රමාණය 225කි. මේවා පොලිතින් උර 45ක අසුරා තිබිණි.


ත්‍රිරෝද රථයේ තිබියදී සොයාගත් කසිප්පු බෝතල් ප්‍රමාණය 45කි.


පොලිස් කොස්තාපල්වරයා කාර් එකේ වහලය මත වැතිර ගමන් කරන අයුරු එම රථය ගමන් කළ මාර්ගය සමීපයේ සවිකර ඇති සීසීටීවී කැමරාවල පටිගතවී තිබෙන බවද පොලිසියට දැන ගැනීමට ලැබී ඇත.


පොලිස් නිලධාරියෙක් වේගයෙන් ධාවනය වන කාර් එකක වහලය මත වැතිර ගමන් කරන අයුරු දුටු මගදෙපස සිටි අය ඒ දෙස ඇස් අයා බලා සිට ඇති බව කියති.


කසිප්පු බෝතල් තොගයක් කාර් එකකින් ප්‍රවාහනය කිරීමට අල්ලාගත් සැකකරු ගම්පහ - මල්වාන ප්‍රදේශයේ පදිංචි නමගිය කසිප්පු ජාවාරම්කාරයෙක් බව පොලිසියට දැනගැනීමට ලැබී ඇත.


පොලිසිය පවසනුයේ මොහු කාලයක් තිස්සේ කසිප්පු ජාවාරමේ නිරතව සිටින අයෙක් යැයි කියාය.


බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි එච්. සමුද්‍රජීව මහතාගේ උපදෙස් මත පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත දහනක මහතාගේ මෙහෙයවීම යටතේ සිදුකෙරුණු මෙම මෙහෙයුමට පොලිස් පරීක්ෂක වික්‍රමආරච්චි, උප පොලිස් පරීක්ෂකවරුන් වන මංජු කරුණාතිලක සහ පොලිස් කොස්තාපල් සම්පත් (46671) සහ කොස්තාපල් කීර්ති (85892) යන මහත්වරුන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

 



අදහස් (0)

කසිප්පු අල්ලන්න ගිය රාළහාමිත් අරන් කසිප්පුකරු පැනගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1739 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1437 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 516 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site