IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


කකුල පසාකරගෙන ගිය උලක් ඉවත් කළ සැත්කමක්

 

අඩි 30ක් උස පොල් ගසකින් ඇද වැටුණු සිව් දරු පියකුගේ වම් කකුලේ කලවා ප්‍රදේශය පසාරුකර ගෙන ඇනී තිබූ අඩි පහක් පමණ දිග උලක් කරාපිටිය ශික්ෂණ රෝහලේදී විස්මිත සැත්කමකින් ඉවත්කර, ජීවිතය බේරා දීමට එම රෝහලේ නහර හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම සමත්වී තිබේ.   


පසුගිය 12 වැනි දින මෙම පුද්ගලයා ප්‍රදේශයේ වත්තක ගසක පොල් කඩා බහින විට පය පැටලී එම අසල තිබූ වැටක ඇල්බීසියා ගසක් මතට වැටී ඇත. තරමක් උසට වැඩුණු මෙම ඇල්බීසියා ගසේ කොටසක් මෙම පුද්ගලයාගේ කලවා ප්‍රදේශය පසාරු කරගෙන ගොස් තිබිණ.   


උලත් සමඟින්ම ඇද වැටී ඇති පුද්ගලයා අනතුරින් පසු ගම්වාසීන් එක්ව ඇඹිලිපිටිය රෝහලට ඇතුළු මෙන් පසුව උලත් සමඟම 12 වැනි දිනම සවසම කරාපිටිය ශීක්ෂණ රෝහලට මාරු කර ඇත.   


පසුව කරාපිටිය රෝහලේ වෛද්‍ය කණ්ඩායම විසින් කලවා ප්‍රදේශයේ තිබු උල පළමුව දෙපැත්තෙන් කපා දමා සැත්කම ආරම්භ කර ඇති අතර පැය තුනකට ආසන්න කාලයක් කරන ලද විස්මිත සැත්කමකින් පසුව අද‌ාළ ලී උල ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍ය රංජුක උබේසිරි ඇතුළු වෛද්‍ය මණ්ඩලයට හැකිවී ඇත.   


මෙම විස්මිත සැත්කම නිසා මරණින් බේරී නැවත ජීවත්වීමේ වාසනාව හිමිකර ගෙන ඇත්තේ අගුණකොලපෑලැස්ස උස්වැව පදිංචි එදිරිගේ පියසිරි නමැති පනස් පස් හැවිරිදි සිව්දරු පියෙකි.

  
මෙම සැත්කම පිළිබඳ අදහස්‌ දක්‌වමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා මෙසේ කීවේය,   


මෙම තැනැත්තා අනතුරට ලක්‌වුණාට පසු මුලින්ම ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කරලා තිබුණේ. ඒ රෝහලේ වෛද්‍යවරයකු මට කතා කරලා කිව්වා මෙම අය කරාපිටිය ශික්‌ෂණ රෝහලට මාරුකොට එවනවා කියා සැත්කම කිරීමට. නහරවලට අනතුරක්‌ වී ඇති බව කීවා. ඒ නිසා ලී කොටයත් සමඟ තමයි එව්වේ. පසුව ශල්‍යාගාරයට මෙම රෝගියා අරගෙන සැත්කමකින් පසු එම ලී කොටය ඉවත් කළා.   


මුලින්ම පාදයේ රුධිර වහනය නතර කළා. උඩින් තිබූ නහරවල ලේ සැපයුම නතර කරලා, තුවාලය සම්පූර්ණයෙන් හෝදලා නහර පිළිසකර කරලා තමයි සැත්කමකින් ලී කොටය අයින් කළේ. ඔහුගේ ප්‍රධාන නහරය බේරිලයි තිබුණේ. සැත්කමින් පසු මෙම අයගේ පාදවල ඇති නහරවල හොඳින් රුධිරය වහනය වෙනවා. සුසුම්නාවට හානි වෙලාද කියලා බලන්න දැන් එම්.ආර්.අයි. පරීක්‌ෂණයක්‌ කරනවා. තුවාලකරු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. දැනට ඔහුගේ සුසුම්නාවේ පොඩි ප්‍රශ්නයක් තියනවා. අඩි 30 විතර උඩකින් නේ වැටිලා තියෙන්නේ. ඒ සඳහා අද‌ාළ වෛද්‍යවරුන්ට භාර දීලා තියෙන්නේ.   


මේ වගේ උලක්‌ ඇනුණ අවස්‌ථාවක, ඒක ගලවන්නේ නැතිව රෝහලට රැගෙන එන්න ඕන. ගලවන්න ගියොත් රුධිර වහනය වෙලා ජීවිතය පවා නැති වෙන්න පුළුවන් . ඒ නිසා මේ ආකාරයෙන් කරාපිටියට ආවොත් අපිට පුළුවන් මෙසේ මෙම ශල්‍යකර්මය කරන්න. ඒ වගේම අපි මේ වන විට කරාපිටියේ වසරකට වකුගඩු බද්ද කිරීම් 65 ක්, නහර බද්ධ කිරීම් 150 ක් පමණ කරනවා. මොළයට ලේ යන නහරයේ ඇති වන ලේ ගැටිති ඉවත් කිරීමේ සැත්කම් 20 ක් මේ වන විට කරාපිටියේ අපි කරලා තියෙනවා.   


එසේම දැන් අපි පටන් අරන් තියෙනවා, අක්මාවේ හට ගන්නා පිළිකා කොටස් ඉවත් කිරීමේ සැත්කම් කිරීමට. එසේම මෙම සැත්කම සිදු කිරීමේ දී ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරීවරුන් වන දොස්තර උෂාන් ගුණරත්න, එස්. විනෝජන්, වෛද්‍ය නිලධාරී ඉදුනිල් අසංක, නිර්වින්ද වෛද්‍ය සාලිය විජේනායක සහ ශල්‍ය හදිසි අනතුරු ඒකකයේ හෙද කාර්ය මණ්ඩලය කරන සේවය විශේෂයෙන් මතක් කර යුතුයි.   


මේ අනතුරට මුහුණ පෑ පියසිරි (55) නමැති අය මෙසේ කීවේය,   
අපේ ප්‍රදේශයේ වත්තක පොල් කැඩුවා. එක වත්තක පොල් ගස්‌ කිහිපයක එද‌ා දවසේ පොල් කැඩුවා. ඊට පස්‌සේ තවත් පොල් ගහකට ගිහින් බහින්න හදන විට එක්‌ පොල්පිත්තක්‌ අල්ලා ගත්තා. ඒ පොල්පිත්ත ගැලවුණා. මට අනික්‌ පොල්පිත්ත අල්ලාගන්න බැරිවුණා. ගහෙන් බිමට වැටුණා. වැට අයිනේ තිබුණා ගහක්‌. ඒක තමයි කකුලේ ඇනිලා තිබුණේ. එතනදී ගහෙන් ලී කැබැල්ල වෙන් කරලා තමයි, රෝහලට රැගෙන ආවේ. කරාපිටියේ දී වෛද්‍යවරුන් ලී උල ඉවත් කිරීමේ සැත්කම කළා. දැන් ඒක අයින් කරලා තියෙන්නේ. ඒ වෛද්‍යවරුන් කණ්ඩායමට බොහොම පිං.   


‘‘වැටුණ එකේ අමාරුව තව ටිකක් තියෙනවා. ඒ නිසා තවදුරටත් ප්‍රතිකාර ලබා ගන්නවා’’ යැයිද ඔහු වැඩිදුරටත් කීය.    

සටහන සහ ඡායාරෑප 
උඩුගම රවී ලියනගේ   

 



අදහස් (0)

කකුල පසාකරගෙන ගිය උලක් ඉවත් කළ සැත්කමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1012 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site