(සුජිත් හේවාජුලිගේ )

අන්තර්කාලීන ආණ්ඩුවේ ජනාධිපති ධූරය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ  සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාට ලබා දෙන්නැයි  හිටපු ආණ්ඩුකාරවරු තිදෙනෙක්  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරති.

කතානායක වරයාට ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇත්තේ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න, කීර්ති තෙන්නකෝන් සහ අසාත් සාලි යන හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනාය.

ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන්  දීර්ඝ කාලීනව හඬ නගමින් කළ මෙහෙවර සැලකිල්ලට ගෙන  මෙම තනතුර ඔහුට පිරිනැමීම  ඉතා සුදුසු බව  ඔවුන්  එම ලිපියෙන් දැනුම් දී ඇත.