අජන්ත කුමාර අගලකඩ
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් නැවත අගමැති කළහොත් තමා ජනාධිපති පුටුවේ පැයක්වත් නොසිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී ප්‍රකාශ කර ඇත.
තමා 2015 ජනවාරි අට වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර එක්තරා තද බල පියවරක් ගත් බවත්, අද ගෙන ඇත්තේ ඊටත් වඩා තද බල පියවරක් බවත් පවසා ඇති ජනාධිපතිවරයා එසේ කළේ රටත් ජනතාවත් ගැන සිතා බව ද සඳහන් කර තිබේ.
තමා 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කර සිටියදී එජාපයේ ලේකම්වරයකු තමාට ලිපියක් ගෙනැවිත් දුන් බව පවසා ඇති ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කළ යුතු බව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අහවල් වගන්තිය යටතේ ජනාධිපති සතු බලතල අගමැතිවරයාට පවරණ බවට අත්සන් කරන්නැයි එහි සඳන්ව තිබූ බව ද පවසා ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කළ හැකි නමුත් ඒ කියන ආකාරයට ජනාධිපති බලතල ඔහුට පැවරිය නොහැකි බවත් සඳහන් කරමින්, තමා එජාප නායකයින් වෙත ලිපියක් යැවූ බවද ජනාධිපති සිරිසේන මහතා සඳහන් කර ඇත. රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ ඒ ආකාරයෙත් බව පවසා ඇති ජනාධිපතිවරයා තමා පසුගිය වසර තුන හමාර ගත කළේ ඉතාම අසීරුවෙන් බව ද සඳහන් කර තිබේ. මේ තත්ත්වය හමුවේ තමා, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ තවදුරටත් ඊට ඉඩදිය නොහැකි නිසා බව ද ජනාධිපති සිරිසේන මහතා පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම අදහස!!! ස්තුතියි සර්... බයවෙන්න එපා.. මහින්ද මහත්මයා එක්ක ජනාධිපතිවරණයට යන්න ලබන ජයග්‍රහණය අතිවිශාල ඇති. ඔබට තනිව ගමන් කල නොහැකි ඔබව වනාශ කලේ දේශපාලන මැක්කන්ය. ජයවේවා...!!!
මට නම් මේ මහත්තයා කියන දේවල් එකක්වත් විශ්වාස කරන්නට බෑ. මතකනේ මේ මහත්තය 2015 දී කිව්වා. එදා එයා පැරදුණා නම් අඩි 6 ක් යටට යන්න තිබුණා කියලා. නමුත් අද, එයාව අඩි 6 ක් යටට යවන්න හිටිය කෙනා එක්ක අායෙත් එකතු වෙලා දැන් කියනවා එයා නැතුව බෑ කියනවා! ලංකාවේ දේශපාලකයින් බොරුවෙන් ජීවත්වන කොටසක්....
පව් අප්පා, අවුරුදු තුනක් හිටියනේ මේවා කියන්න.
එහෙම වුනොත් රනිල් මහතාට විධායක ජනාධිපතිකම දෙනවා කියන එක වගේ නේද...?
දැන් නම් කොහොම හරි රනිල්ව අගමැති කරන්න ඕනේ..
සාමාන්‍ය සම්ප්රදාය රටක අලුත් නායකයෙක් පත්වුණාම, අනිත් රටවල නායකයින් සුභ පැතීමයි. මෙයාගෙ අගමැතිට සුබ පැතුවේ චීනය සහ මාල දිවයින විතරක් කියලයි තියෙන්නේ...
ගුණමකුකම ගැන මට කියන්න වචන නැත.
ඔන්න දැන්වත් පිළිගන්නවද මැදකොළඹ ඡන්දෙන් දිනලා මුළු රටේම විධායක බලය අතට ගන්න ප්ලෑන් කරපු බව?
ඔය කියන රැස්වීමේදී "ශ්‍රීලනිපයෙ මන්ත්‍රී කණ්ඩායමක් එජාපය සමග එක්වීමට නියමිතව සිටින බව" ජනාධිපතිවරයා පිළිගත් බව අන්තර්ජාල වාර්තාවල දැක්වෙයි. මෙහිදී මහින්ද රාජපක්ෂ 2015දී පරාජය වූවා නම් තමන්ව මරන්නට සිටි බව ජනාධිපත්වරයාගේ මුවෙන් පිටවූ බවද කියයි. එවිට දැඩිගම ආසන සංවිධායක බණ්ඩාර අතුකෝරල 'තමන්ව මරන්න සිටිකෙනාව අගමැති කිරීමේ දේශපාලනය කුමක්දැයි විමසා ඒ දේශපාලනය සමඟ තමන් එකඟ නැතිබව අවධාරණය කර තිබේ. නාවලපිටිය, මීගමුව සහ මීරිගම සංවිධායකවරුද එම කතාව අනුමත කර තිබේ. දයාසිරි ජයසේකර පවසා ඇත්තේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් තමන්ද දේශපාලනිකව අසරණ වෙන බවයි. ජනාධිපතිවරයා මහින්දව අගමැති කිරීමේ තීන්දුව ඔහුගේ උපදේශකයන් කිහිප දෙනෙකු සමඟ රහසිගතව ගත් එකක් බව තමන් දන්නා බව පැවසූ කිහිප දෙනෙක්ම ඒ පිළිබඳව ඔවුන්ගේ අකමැත්ත පල කල බවද එම වාර්තාවල දැක්වෙයි. මේ සිද්ධියෙන් පසුව හනික බැසිල් රාජපක්ෂ මහතා දුමින්ද දිසානායක හමුවීමට යවා ඇත්තේද ජනාධිපතිවරයා විසිනි. පැය තුනක් තිස්සේ පැවති එම සාකච්ඡාවද සාර්ථක වී නැති බවයි වාර්තාවෙන්නේ...
මෙයා මහින්දට කිව්වෙත්.... ඔය ටික උතුරයි, දකුණයි එකතු කරන්නේ නැතිනම් කට වහගෙන ඉඳලා මොලෙන් කරන දෙයක් කරන්න ඕනෑ.. ඔයාට පළපුරුද්දක් නැහැ. අගමැතිකමටත්, ජනපතිකමටත්, දැන් වවාගෙන කන්න පටන් ගමුලු.. දැන් පරක්කු වැඩියි එනකම් හිටියොත්... මිනිසුන්ට පුරුදු පිටරටින් එනකම් බලන් ඉඳලා... ජනපතිපුටුව මතක්වුනේ දියයටින් ගින්දර අරන් ගිහින් ගිවිසුම් ගැහුවට පස්සේ. දැන් ඉන්නේ වැට උඩ බව දන්නවා. පොහොට්ටුවේ ගැටයට අහුවුණා එදා රාත්‍රියේ. බුරියනිද දුන්නේ? අගමැතිකම ගන්න. ඕනෑදෙයක් ජනතාවට දුකට, පිහිටට ඉන්නේ විදේශීය රටවල් පමණයි. මේ ප්රශ්නය උඩ එ්කත් නැති කරන්න එපා. අපේ ලෝකයේ රට වලින් අංක. එකේ දුප්පත් රටක් බව මතකතියා ගන්න. ඔයා වවලා ඔයා කන්න ප්‍රශ්නයක් නැහැ.
සමහර මිනිසුන්ට මෙයා කියන ඒවා විශ්වාස නැහැ. බැංකු මංකොල්ලකාරයින් කියන ඒවා විශ්වාසයි. ඉතින් මේ ගොල්ලනට පුළුවන්ද රාජ්‍ය නායකයෙක් තෝරන්න? තාත්තා ජනාධිපති වූ නිසා පුතාත් ජනාධිපති කරන එජාපයක් මෙහෙ තිබෙන්නේ.
අනේ මේ, මේ රටේ ජනතාවට මොලේ තියෙනවා. මේකත් මෙයා අන්තිම සති දෙකේ යුද්ධය කළ කතාවේ අනිත් එක...
අනේ ඔයා ඉල්ලා අස්වෙලා ඕක මහින්දට දීලා ගෙදර යන්න... කොහොමත් ඉතින් මහින්ද ස්ථාවර වෙනවා කියන්නේ ඔයා නිකන්ම එළියට විසිවෙනවා කියන එක... දැන් ගමවල්වල පෝස්ටර් ගහන්නෙත් මහින්ද ජනපති කියලනේ!
එතකොට අර වේදිකාවේ ප්‍රතිපත්ති ප්රකාශනයක් අතින් පෙන්න පෙන්නා මම දිනුවට පසුව මේවා කරනවා කරලා නිර්පාක්ෂික වෙනවා කියලා කීවේ තවත් කෙනෙක් මොහුගේ ඇඟ ඇතුළට බැහැලා වෙන්න ඇති නේද?
ජනාධිපති ධුරයට පත්වූදා සිට කියන්නෙම මහා පරිමාණයේ බොරු තමා. තමාගේ ධුර කාලය නිම වෙන්න කලින් එක්කෙනෙක්ව හරි එල්ලුම් ගහට යවන බවත්, දූෂිතයන්ට හොරුන්ට දඬුවම් දෙන බවත් කියලා, දැන් ඔවුන් සේරම ලං කර ගත්තා.
රනිල් මහතාට වැරදි කරන්න දීලා බලා හිටියා එයා හොඳ මිනිහා වෙන්න. රනිල් බලා හිටියා මෛත්‍රි සහ මහින්ද මහතා කොටවා ජනපති වෙන්න. මහින්ද මහතා බලබලා හිටියා වෙලාව එනකම් දෙන්නගෙන් පළිගන්න. අන්තිමට තුන් දෙනාම අමාරුවේ වැටිලා. තුන්දෙනාම රටට ආදරේ අය නෙවෙයි. තමන්ගේ තරගය සෙල්ලම් කරනවා.
උතුර හා නැගෙනහිර ඡන්ද, එම්. සිරිසේනට ලැබුනේ, රනිල් හින්දා...
මෙහෙමත් ජෝකර් කෙනෙක්...
මෙයා කියන විදියට ඔක්කොම කරලා තියෙන්නේ අනිත් අය, මෙයා සුදනා, එතකොට දුවගේ හෝටල් ගැන, , බෑනා ගැන තියෙන කතා බොරු.. පව් අප්පා.
2015දී එක කතාවක් කිව්වා.. දැන් තව කතාවක් කියනවා. තව අවුරුදු දෙකකින් 2015දී කිව්ව කතාවම කියාවිද කව්ද දන්නේ? අනේ මෙයාලා කියන කතා විශ්වාස කරන අයත් ලංකාවේ තාම ඉන්න එකනේ වැඩේ...
එදා ලක්ෂ 58කින් බැනුම් ඇහැව්වා, අද ඉතුරු ලක්ෂ 62න්ම බැනුම් අහනවා. අනේ මෙහෙමත් මනුස්සයෙක්.
දැන් හිටන්ට කෙලින් හිටන් වැඩ කරන්ට පුළුවන් වෙයි.
තමුන් අද ඔය පුටුවේ ඉන්නේ රනිල් නිසා බව අමතක වෙලා....
ඉන්න බැහැනේ... ඔවුන් විශ්වාසභංග යෝජනාවකින් අයින් කරයිනේ. එතකොට මොන ලැජ්ජාවක්ද?
සරම ඇඳන් ඉන්නෙ නෑලූ...
ඔය පුටුව රට යන විදිය දැක්කම කරන්ට් පුටුව වෙයිද? දන්නේ නැහැ...මහින්දව බේරගෙන අගමැතිකම දීලා තමන්ට යන්න වෙයිද කරන්ට් පුටුවට...?
ඔබතුමා නෙල්සන් මැන්ඩෙලා සමරු දේශනය පවත්වමින් ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියේ කුමක්ද? "අපි නෙල්සන් මැන්ඩෙලා අනුගමනය කරමු" එක්සත් ජාතීන් අමතා "අපේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි පිළිවෙත බව" ප්‍රකාශ කළා.. ලබන සැරේ නිව්යෝර්ක් ගියොත් මොනවද කියන්නේ..?
එතුමාත් මේ අවුරුදු තුන හමාර හිටියේ අමාරුවෙන් නම් රටේ ජනතාව ඉන්න ඇත්තේ කොච්චර අමාරුවෙන්ද? ජනතාව දිහා බලන්න කවුරුවත් හිටියේ නෑ.
අඩි හයක් යටට යවන්න ඉන්නේ කවුරුද කියලා පසු වෙලා හෝ ඔබතුමා දැනගත්ත එක ලොකුදෙයක්...
ඔය කතාත් හරියට මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කරවීම , ඇස්බැස්ටෝස් තහනම් කිරීම , ග්ලයිෆොසෙට් තහනම වගේ වේවිද ?
හවුල් ව්‍යාපාර බොහොම භයානක බව අපිට ඔප්පු කළා.
මේ රටේ අයට 'සත්සතිය' මෙනෙහි කරන්න උගන්නන්න ඕන . නැතිනම් අවීචි මහා නරකාදියෝ තමා නතර වෙන්නේ .
මම හිතුව එකටත් කියයි කියල අඩි හයක් යටයන කතාව.
මට නම පෙනෙන්නෙ මෙතන කුමන්ත්රන පිට කුමන්ත්රන තිබෙන බව. 01. ප්‍රවර්තන ජනාධිපතිට එරෙහිව 'චේතාන්විතව ආංඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය' කිරීම වැනි චෝදනාවක් ඇතුලත් දෝශාභියෝගයක් ඉදිරිපත්වූවොත් , නඩු විභාගයෙන් අනතුරුව වරදකාරයා වුවහොත් ඇතිවන ප්‍රතිඵලය ජනපතිට තනතුර අහිමිවීම, 02.එවිට ජනාධිපති වන්නේ කවුද? 03. එවිට ජනපති නම් කරන්නේ පාර්ලිමේන්තුව විසින්!! 03. එවැනි අවස්ථාවක ජනපතිවීමේ සම්භාවිතාව වැඩි රනිල්,මහින්ද හා කරු යන මොවුන් අතරින් කාහටද? දැන් ඔබට පෙනෙනවා ඇති මේ තත්ත්වයේ ගේම් පිට ගේම් ගැහිල්ලක් ඇති බව!!
ජනාධිපතිතුමනි, ඔබ පත් වූ දා සිට වැඩි කොටසක් ඔබතුමාට දෝෂාරෝපණය කරනවා. අපට නම් එය දුකකි. ඔබතුමා නම් මේ රටේ නායකයායි. එහෙත් සියලු උපේක්ෂාවෙන් බලාසිට ඔබතුමන් ගනුලැබූ මෙම තීරණය මුළුමහත් ජනතාවගේම සදාදරයට පත්වී හමාරයි. කවුරුත් නොකරන කැපකිරීමක් හා තීරණයක් ඔබ ගන්න ඇති. මින්පසු ඔබගේ ගුණ වයනු නිසැකයි. ඔබතුමන්ට ජය පතන්නෙමි. මේ සටහන කරන්නේ කිසිත් බලාපොරොත්තුවෙන් නොවේ. එහෙත් මා හදවතින්ම ප්‍රණාමය පුදකරන්නෙමි. අලුත් මාර්ගෝපදේශකත්වයක් ඔබට ලැබී ඇත. නොබියව ඉදිරියටම යන්න. තව එක දෙයක් කියමි.. ඔබතුමන්ට දළදා සමිඳු පිහිටයි.
කවුරු වුනත් කමක් නෑ ලස්සන රට රැකගන්න අප දරුවන්ට රටක් තියන්න
ජනාධිපතිතුමනි, ඇත්තටම එය හොඳ තීරණයක්...
දැන් රනිල් අගමැති මේ. ඔබ පොරොන්දුව ඉටුකරන්න.. ඔබට සුවනින්දක් ලැබේවා!!! මහින්ද මහතාට බාරදෙන්න.
කවුරු මොනවා කිව්වත් රට හදන්න පුළුවන් එකම කෙනා තමා මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපති තුමා. අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා කියනවා වගේ රනිල්ට කැමති.මේ අය බලය ට අවිත් දවස් කීයද අපේ රටෙහි අහිංසක මිනිස්සුන් ගේ සල්ලි මන්කොල්ල කෑවා . දන් ඉතින් පර්ලිමේන්තුවේ ඉන්න බත් බලයෝ ඔක්කොම උනත් සල්ලි වලට ගන්න පුලුවන්.මේ පින්වන්ත භූමියට පහළ වෙච්ච පිරිසක්. තුරන් වෙලම යන්න ඔනේ. මුන් මිනිස්සුන්ගෙ ඡන්දයෙන් පත් වෙලා මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදන්නෙ නැතුව තමන්ගෙ මඩිය තර කරගන්න විතරයි හදන්නෙ.මහින්ද මහතා බලයෙම තියා ගන්න රටේ මිනිස්සු ඕනෙ වැඩක් කරයි.