(ඉන්දිකා රාමනායක)
යුද හමුදා විශේෂ බලකායේ පාඨ මාලා අංක 51 කණ්ඩායමේ විසිර යාමේ උත්සවය අද (21) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානාත්වයෙන් මාරුදුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී පැවත්විණි.
මෙහිදී 242 ක් විසිර ගිය අතර එම පිරිස අතර නිළධාරීන් 7 දෙනෙක් හා සෙසු නිළයන් 235 දෙනෙක් සිටි බව හමුදා පවසයි.
මෙම පාඨමාලාවේ දක්ෂතම සිසුවා වශයෙන් ලුතිනන් ඩබ්ලිව් කේ වී දිනුශක විසින් ශූරතාව දිනාගත් අතර , දක්ෂතම වෙඩි තබන්නා සහ දක්ෂම ශාරීරීක සිසුවා වශයෙන් ලාන්ස් කෝප්‍රල් එච් ඩබ්ලිව් අයි වී ලක්ෂාන් දිනා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd