(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා එම මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට එවා ඇති ලිපිය පාර්ලිමේන්තුවට අද (26) ඉදිරිපත් කෙරිණ.
කතානායකවරයාගේ දැනුම් දීම අනුව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා එම ඉල්ලා අස්වීමේ ලිපිය ඉන් අනතුරුව සභාව හමුවේ කියවීය.
මහින්ද සමරසිංහ මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූයේ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාරගැනීම සඳහා යෑමටය.
ඔහු ඇමරිකාව බලා ලබන 29 වැනිදා සඳුදා පිටත්ව යෑමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පානදුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායකවරයාවූ සමරසිංහ මහතා පසුගිය රජයන් කිහිපයක ඇමැති ධුර ගණනාවක්ද හොබවනු ලැබුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd